.....................................Special Notice ..................................

සියළුම ප්‍රධාන / කාර්යභාර තැපැල් / උප තැපැල් ස්ථානාධිපතිවරුන්
ඇමරිකා එක්සත් ජනපදය (USA) වෙත 2025වසර අවසානයේ යැවෙනවිදේශ තැපෑල එම රටට භාර ගැනීම හා බෙදා හැරීම
ඇමරිකානු එක්සත් ජනපද තැපැල් පරිපාලනයවිසින් IB චක්‍රෙල්ඛ අංක 177/2025 මගින් 2025 නත්තල් උත්සව සමය
ඉලක්ක කර ඇමරිකානු එක්සත් ජනපදය වෙත යොමු කරන තැපැල් භාණ්ඩ සම්බන්ධයෙන් පහත දින වලට පෙර අදාළ
තැපැල් භාණ්ඩ එරටට යොමු කරන මෙන් දන්වා ඇත.
| Surface mail/S.A.L. ලිපි තැපැල් සහ පාර්සල් - |
2025 දෙසැම්බර් 17 |
| ගුවන් ලිපි තැපැල් සහ පාර්සල් - |
2025 දෙසැම්බර් 18 |
| EMS අයිතම- |
2025 දෙසැම්බර් 19 |
ඒ අනුව තැපැල් කාර්යාලකවුළු මගින්ඇමරිකා එක්සත් ජනපදය වෙත නත්තල් තැපැල් භාණ්ඩ භාර ගැනීමේ දීපහතඋපදෙස් පරිදි කටයුතු කරන ලෙස දැනුම් දෙමි.
- ඇමරිකා එක්සත් ජනපදය විසින් පනවන ලද නව බදු ප්‍ර තිපත්ති අනුව තැපැල් මඟින් යැවිය හැක්කේ ලිපි ලේඛන හා 100USD අඩු සත්යව තෑගි (Genuine Gift) කාණ්ඩයට අයත් තැපැල් භාණ්ඩ පමණි..
- ඇමරිකා එක්සත් ජනපදයවෙත ගුවන් තැපෑල (ලිපි තැපෑල හා පාර්සල් තැපෑල) 2025 දෙසැම්බර් 12 දක්වා භාර ගත යුතු ය.
- ඇමරිකා එක්සත් ජනපදයවෙතEMS අයිතම 2025 දෙසැම්බර් 15 දක්වා භාර ගැනීම සිදු කල යුතු ය.
එමෙන්ම නත්තල් උත්සව සමය නිමිති කර ගනිමින් අනෙකුත් බටහිර රටවල් සඳහාද තැපැල්භාණ්ඩ භාර ගැනීමේ දී
ජාත්‍යන්තර තැපැල් මෙහෙයුම් කටයුතු වල කාර්යබහුලත්වය මතහා බටහිර රටවලට ශීත ඍතුව උදා වීම නිසා
ප්‍රවාහනයේදී හා රාජකාරී කාලය අඩු වීම නිසායම් ප්‍රමාදයන් ඇති විය හැකි බව අපගේ පාරිභෝගිකයන් වෙත
දැනුවත් කර භාණ්ඩ භාර ගන්නා මෙන් කාරුණිකව දන්වා සිටිමි.
click here to view in Tamil
click here to view in English
එච්.එම්.ප්‍රේමචන්ද්‍ර හේරත්
නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්)
Published on 2025-12-09
සියලුම ප්‍රධාන / කාර්යභාර තැපැල් / උප තැපැල් ස්ථානාධිපතිවරුන් වෙත,
2025.12.03 දින ප.ව. 12.30 ට පැවැත්වීමට නියමිතව තිබූ තැපැල් සේවා නිලධාරී III ශ්‍රේණිය
(සීමිත) බඳවා
ගැනීමට අදාල සම්මුඛ පරීක්ෂණය එදින නොපැවැත්වෙන අතර එය පැවැත්වෙන දිනය ඉදිරියේදී දැනුම් දෙනු ලබන බව කාරුණිකව දන්වමි.
ඒ සම්බන්ධයෙන් උප තැපැල් ස්ථානාධිපතිවරුන් සහ නිල ඇඳුම් සේවකයන් දැනුවත් කරන්න.
චමිෂා ද සිල්වා
නියෝජ්‍ය තැපැල්පති (පාලන)
Published on 2025-12-02
සියලුම ප්‍රධාන / කාර්යභාර තැපැල් ස්ථානාධිපතිවරුන් වෙත,
මහා භාණ්ඩාගාරයේ සමීක්ෂණ මණ්ඩලයක් මඟින් මුද්දර අංශය භාරයේ ඇති මුද්දර හා මුද්දර මුද්‍රිත ලිපි ද්‍රව්‍ය
පිළිබඳ කෙරෙන සමීක්ෂණය 2026/01/01 ආරම්භ වේ. එබැවින් මුද්දර අංශයෙන් මුද්දර හා මුද්දර මුද්‍රිත ලිපි
ද්‍රව්‍ය නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවන බැවින් සාමාන්‍ය මුද්දර ඉන්ඩෙන්ට් පත්‍ර 2025.12.03 දක්වාද
මුද්දර අග්‍රිමයෙන් 40% දක්වා විශේෂ මුද්දර ඉන්ඩෙන්ට් පත්‍ර 2025.12.10 දක්වාද මුද්දර මොඩියුලය හරහා
ඉල්ලුම් කරන ලෙස සියළුම කාර්යභාර තැපැල් ස්ථානාධිපතිවරුන්ට කාරුණිකව දන්වමි.
ආර්. එම්. බී. එන් වරාගොඩ
ගණකාධිකාරි (මුද්දර)
Published on 2025-12-02
සියළු තැපැල් ස්ථානාධිපතිවරුන් සහ කාර්ය මණ්ඩලය වෙත
ලිපි ද්‍රව්‍ය අංශයේ සහ පෝරම ගබඩාව අංශයේ වාර්ෂික ගබඩා සමීක්ෂණය පැවැත්වීම සඳහා ලිපි ද්‍රව්‍ය අංශයේ සහ
පෝරම ගබඩාවේ බඩු බාහිරාදිය සූදානම් කිරීම සඳහා 2025-12-16 දින සිට 2025-12-31 දින දක්වා ගබඩා දෙක වසා තැබේ.
එච්.එම්.ප්‍රේමචන්ද්‍ර හේරත්
නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්)
Published on 2025-11-25
සියළුම ප්‍රධාන / කාර්යභාර තැපැල් / උප තැපැල් ස්ථානාධිපතිවරුන් / சகல பிரதான/ பொறுப்பு/ உப அஞ்சல் அதிபர்களுக்கும்./All Chief/In-Charge/Sub Postmasters
කැනඩා තැපැල් පරිපාලනයේ 2025-09-25 දින සිට පැවති වර්ජනය අවසන් වී ඇති හෙයින්, කැනඩාව වෙත තැපැල් භාණ්ඩ භාර ගැනීම පෙර නිකුත් කර ඇති උපදෙස් වලට අනුකූලව සාමාන්‍ය පරිදි සිදු කරන්න
එච්.එම්.ප්‍රේමචන්ද්‍ර හේරත්
නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්)
Published on 2025-10-21
සියළුම ප්‍රධාන / කාර්යභාර තැපැල් / උප තැපැල් ස්ථානාධිපතිවරුන් / சகல பிரதான/ பொறுப்பு/ உப அஞ்சல் அதிபர்களுக்கும்./All Chief/In-Charge/Sub Postmasters
ඇමරිකා එක්සත් ජනපදය විසින් හඳුන්වාදෙන ලද නව තීරු බදු ප්‍රතිපත්තිය සම්බන්ධ ගැටළුව නිරාකරණය වෙන තෙක් ඇමරිකා එක්සත් ජනපදය වෙත යවනු ලබන තැපැල් භාණ්ඩ භාර ගැනීම තාවකාලිකව නතර කර ඇත.
මේ සම්බන්ධයෙන් පාරිභෝගිකයන් දැනුවත් කිරීමට කටයුතු කරන්න.
ஐக்கிய அமெரிக்காவினால் அறிமுகப்படுத்தப்பட்டுள்ள இவ்வரிக் கொள்கை தொடர்பான பிரச்சினை தீர்க்கப்படும் வரை, ஐக்கிய அமெரிக்காவிற்கு அனுப்பப்படும் அஞ்சல் பொருட்கள் ஏற்றுக்கொள்வது தற்காலிகமாக நிறுத்தப்பட்டுள்ளது.
இது குறித்து வாடிக்கையாளர்களுக்குத் தெரிவிக்க நடவடிக்கை எடுக்கவும்.
තුසිත හුලංගමුව
නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම් - වැ.බ)
Published on 2025-09-10
සියළු කාර්ය මණ්ඩලය වෙත.
අංක 900114958V දරණ ජාතික හැඳුණුම්පත හිමි ජෙසුදාසන් ක්‍රිස්ටෝපර් නමැති අයට මුදල් ඇණවුම් ගෙවීම අත්හිටුවා ඇත.
එම පුද්ගලයා විසින් ඉදිරිපත් කරන ඇණවුම් ගෙවීම ප්‍රතික්ෂේප කර නොපමාව මූලස්ථාන තොරතුරු තාක්ෂණ අංශයවෙත දැනුම්දෙන්න.
තුසිත හුලංගමුව
නියෝජ්‍ය තැපැල්පති (සංවර්ධන)
Published on 2024-08-14