.....................................Special Notice ..................................



සියළු තැපැල් ස්ථානාධිපතිවරුන් සහ කාර්ය මණ්ඩලය වෙත

ලිපි ද්‍රව්‍ය අංශයේ සහ පෝරම ගබඩාවල වාර්ෂික සමීක්ෂණය සඳහා භාණ්ඩ සූදානම් කිරීමට 2023-12-18 දින සිට 2023-12-31 දින දක්වා එම අංශ වසා තැබීමට සිදුවන හෙයින් අවශ්‍ය ලිපි ද්‍රව්‍ය සහ පෝරම ඊට පෙර නිකුත් කිරීමට හැකිවන පරිදි ඉල්ලීම් සිදුකරන ලෙස දන්වන අතර 2023-12-17 දිනයෙන් පසු 2024-01-01 දින දක්වා ලිපි ද්‍රව්‍ය සහ පෝරම නිකුත් කිරීම් සිදු නොකරන බව දන්වා සිටිමි.

රාජිත කේ රණසිංහ
නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්)
Published on 2023-11-23


Postal Service Officer Grade I, II and III.

அஞ்சல் பயிற்சிநெறி குழுவினை உருவாக்குவதற்கு போதனாசிரியர்களை தெரிவு செய்வதற்கான சுற்றறிக்கை இலங்கை அஞ்சல் வெப் போட்டலில் "சுற்றறிக்கை" என்பதன் கீழ் இடுக்கையிடப்பட்டுள்ளது என்பதுடன் கீழே காணப்படும் இணைப்பின் (Link) ஊடாக விண்ணப்பங்களை சமர்ப்பிக்கலாம்.

Circular Link
Application Form

Premachandra Herath
Deputy Postmaster General (Administration) - Accting
Published on 2023-10-16


සියළු ප්‍රධාන තැපැල් ස්ථානාධිපතිවරුන්
සියළු කාර්යභාර තැපැල් ස්ථානාධිපතිවරුන්


මේ දිනවල පවත්නා අධික වැසි සහිත කාලගුණික තත්ත්වය මත ජලය කාන්දුවීම් සහ අකුණු ආදී කරුණු හේතුවෙන් පරිගණක යන්ත්‍ර සහ ආශ්‍රිත උපකරණ හානිවීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳව ඔබගේ පෞද්ගලික අවදානය යොමුකරවමි.
වැසි තත්ත්වය මත උපකරණවලට ජලය කාන්දුවීම් වලක්වාගැනීමට සුදුසු පිළියම් යොදා ගන්නා ලෙසත් අකුණු වලින් ආරක්ෂා වීම සඳහා සුදුසු පියවර ගන්නා ලෙසත්, දෛනික කාර්යන් අවසන් වූ පසු පරිගණක හා උපාංග සියල්ල ප්‍රධාන ජව මූලිකයෙන් විසංධි කර (පේනුවෙන් ගලවා ඉවත්කර) තබන ලෙසත්, මේ සම්බන්ධයෙන් ඔබ කාර්ය මණ්ඩලයේ සියළු දෙනා දැනුවත් කරන ලෙසත්, කාරුණිකව දන්වමි.


රාජිත කේ රණසිංහ
නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්)
Published on 2023-10-18


තැපැල් සේවා නිලධාරී I පෙළ II සහ III පෙළ කාර්ය මණ්ඩලය වෙත.

උපදේශක සංචිතයක් ඇති කිරීම සඳහා උපදේශකවරුන් තෝරාගැනීමට අදාළ චක්‍රලේඛය ශ්‍රී ලංකා තැපැල් නිල සේවා පෝටලයේ චක්‍රලේඛ යටතේ පල කර ඇති අතර පහත දැක්වෙන සබැඳිය භාවිතයෙන් අයදුම්පත් යොමු කළ හැක.

චක්‍රලේඛ සබැඳිය
අයදුම්පත්‍ර සබැඳිය

ප්‍රේමචන්ද්‍ර හේරත්
වැ/බ නියෝජ්‍ය තැපැල්පති (පාලන)
Published on 2023-10-16


සියළු ප්‍රධාන තැපැල් ස්ථානාධිපතිවරුන්
සියළු කාර්යභාර තැපැල් ස්ථානාධිපතිවරුන්


තැපැල් අභ්‍යන්තර මෙහෙයුම් විමසීම් කලමනාකරණය සඳහා 2023-09-15 දින සිට නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කළ Inquiry Management System මෘදුකාංගය සාර්ථක ප්‍රතිඵල ලබාගෙන ඇත.
එහි නාමය Postal Operational Query Management System (Q-MaS) ලෙස වෙනස් කර 2023-10-03 දින සිට තැපැල් කාර්යාල අතර ද ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇති අතර ඒ අනුව තැපැල් කාර්යාල අතර අභ්‍යන්තර මෙහෙයුම් විමසුම් සඳහා මෘදුකාංගය භාවිතා කර 2023-10-31 දින දක්වා ක්‍රියාත්මක මෙහි දෙවන නියමු ව්‍යාපෘතිය ද සාර්ථක කර ගැනීමට දායක වන ලෙස කාරුණිකව දන්වමි..


රාජිත කේ රණසිංහ
නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්)
Published on 2023-10-03


සියළු ප්‍රධාන තැපැල් ස්ථානාධිපතිවරුන්
සියළු කාර්යභාර තැපැල් ස්ථානාධිපතිවරුන්


ePay / eCounter/ mepay / mCounter / MORS / Form Stores / SLPMail / MMS / COD / Stamps Module ආදී විද්‍යුත් සේවා පැමිණිලි ඇතුළු සියලුම විමසීම් ඉදිරිපත් කිරීම සඳහා Inquiries යනුවෙන් නව මොඩියුලයක් ePay මෘදුකාංග පද්ධතියට ඇතුළත් කිරීමට කටයුතු කරමින් පවතී.
එම නව මොඩියුලය නියමු ව්‍යාපෘතියක් ලෙස 2023 සැප්තැම්බර් 15 වෙනි දින සිට තොරතුරු තාක්ෂණ අංශය වෙත (ICT Division) යොමු කරන පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා සක්‍රිය කරනු ලබන අතර සියලු තැපැල් ස්ථානාධිපතිවරුන් තොරතුරු තාක්ෂණ අංශය වෙත යොමු කරන විද්‍යුත් සේවා සඳහා වන පැමිණිලි එමඟින් ඉදිරිපත් කිරීමට කටයුතු කළ යුතු ය.
මෙම නියමු ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා සැමගේ සහාය අපේක්ෂා කරමි.


රාජිත කේ රණසිංහ
නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්)
Published on 2023-09-14

Published on 2023-09-07


සියළු ප්‍රධාන තැපැල් ස්ථානාධිපතිවරුන්
සියළු කාර්යභාර තැපැල් ස්ථානාධිපතිවරුන්

UPS සේවාව සඳහා භාවිතා කරන ලේඛන ලබා ගැනීම සඳහා පහත සබැඳියන් භාවිතා කරන්න
රාජිත කේ රණසිංහ
නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්)
Published on 2023-09-07


සියළු ප්‍රධාන තැපැල් ස්ථානාධිපතිවරුන්
සියළු කාර්යභාර තැපැල් ස්ථානාධිපතිවරුන්/උප තැපැල් ස්ථානාධිපතිවරුන්

තැපැල් දෙපාර්තමේන්තුවේ කළමනාකරණ සහකාර - තාක්ෂණික නොවන ඛණ්ඩ 2 සේවා ගණය සඳහා වූ 1 වන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය - 2023 (111 ශ්‍රේණියේ උප තැපැල් ස්ථානාධිපතිවරුන් සඳහා)
නිවේදනය හා අයඳුම්පත(Click here)
K.A.N.P කඳනආරච්චි
නියෝජ්‍ය තැපැල්පති (පාලන)
Published on 2023-08-18


තැපැල් දෙපාර්තමේන්තු සමස්ථ කාර්ය මණ්ඩලය වෙත

Customer Above All - (CAA) පුහුණුව සඳහා වන නිවේදනය හා ලියාපදිංචිය සඳහා පහත සබැදියන් වෙත යොමුවන්න.
නිවේදනය (Click here)
ලියාපදිංචිය සඳහාවන සබැදිය (Click here)
K.A.N.P කඳනආරච්චි
නියෝජ්‍ය තැපැල්පති (පාලන)
Published on 2023-08-02


සියළු කාර්යභාර තැපැල් ස්ථානාධිපතිවරුන්

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විසින් 2023 ජූලි මස සඳහා ඉදිරිපත් කළ විශ්‍රාම වැටුප් වවුචරයේ නම් සඳහන් නොවූ සහ මේ වන විට එම දෙපාර්තමේන්තුව වෙත ජීවත සහතික ලබා දී ඊට අදාළ ගැටළු නිරාකරණය කරන ලද විශ්‍රාමිකයින්ගේ විශ්‍රාම වැටුප් පරිපූරක (Supplement) වවුචරපත් ePay Social Services හි Pension තුළ ඇතුළත් කර ඇත.
එම වවුචරපත් අනුව අදාළ විශ්‍රාම වැටුප් ගෙවීමට කටයුතු කළ යුතු ය. පෙර වවුචරය සමඟ සසඳා බලා ගෙවීම තහවුරු කළ යුතු අතර දෙවරක් ගෙවීමෙන් වැලකීය යුතු ය.
විශ්‍රාමිකයාගේ නම සමඟ ඔවුන්ගේ දුරකථන අංකය ද අදාළ වවුචරයේ දක්වා ඇත. මෙ
මෙම වවුචරය ගෙවීම 2023-07-31 දින අවසන් කළ යුතු අතර මෘදුකාංගයට දත්ත ඇතුළත් කිරීම ද එදින වන විට අවසන් කළ යුතු ය.
රාජිත කේ රණසිංහ
නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්)
Published on 2023-07-22


තැපැල් දෙපාර්තමේන්තු සමස්ථ කාර්ය මණ්ඩලය වෙත

මෙතෙක් භාරගන්නා ලද සියළු COD පාර්සල් වල පවත තැපැල් කාර්යාලයේ දී විස්තර සහිතව පරීක්ෂා කිරීමට දැන් පහසුකම් සංවර්ධනය කර ඇත. ePay COD මෘදුකාංගය තුළ වූ Search සබැඳිය මඟින් පරීක්ෂා කිරීමෙන් එම තොරතුරු ලබා ගත හැක. (සක්‍රිය COD මෘදුකාංගය ඔස්සේ පරීක්ෂා කිරීමෙන් තොරතුරු සොයාගත හැකිව තිබුණේ 2023-06-01 දිනයෙන් පසු භාරගත් සියළු COD භාණ්ඩ සම්බන්ධ තොරතුරු, මෙතෙක් නොබෙදූ හෝ බෙදීමෙන් පසු මුදල් ආපසු ලබා නොගත් හෝ භාර නොගැනීම නිසා ආපසු යවන ලද පාර්සල් සම්බන්ධ තොරතුරු පමණි.)
එමෙන් ම මහජනයා සඳහා විවෘත https://bepost.lk/m/care හි අන්තර්ගත Track & Trace මෘදුකාංගය මඟින් ද සියළු යාවත්කාලීන කළ තොරතුරු දැන් ලබා ගත හැක. (සේවාව ආරම්භ කළ 2020-12-15 දින සිට සියළු භාණ්ඩ සඳහා)
එහෙයින්, ගණුදෙනුකරුවන්ගේ ඉල්ලීම පරිදි එකී තොරතුරු තැපැල් කාර්යාල මඟින් ලබා දෙන ලෙසත්, යම් ගැටළු සහගත තත්ත්වයක් මතුවේ නම් පමණක් 011 2 33 00 72 මඟින් තොරතුරු තාක්ෂණ අංශයේ ඉ-ව්‍යාපාර හා තාක්ෂණ කළමනාකරණ ඒකකය අමතන ලෙසත් කාරුණිකව දන්වමි.
රාජිත කේ රණසිංහ
නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්)
Published on 2023-07-18


තැපැල් දෙපාර්තමේන්තු සමස්ථ කාර්ය මණ්ඩලය වෙත

තැපැල් දෙපාර්තමේන්තුවේ නිල ලාංඡනය සහ වෙබ් ලිපිනයේ ආකෘතිය අවභාවිතා කරමින් ගණුදෙනුකරුවන්ගේ ණය කාඩ්පත් තොරතුරු සොරා ගැනීම සඳහා වංචනික ලෙස සකස් කළ වෙබ් අඩවි සම්බන්ධයෙන් මහජන පැමිණිලි ලැබී ඇත. අදාළ පාර්ශ්ව සමඟ ඍජු සම්බන්ධතා මඟින් හෝ www.slpost.gov.lk නිල වෙබ් අඩවියේ සබැඳියක් ලෙස හෝ හැර දෙපාර්තමේන්තුව විසින් කිසිදු සේවා ප්‍රවර්ධනයක් සිදු නොකරන අතර මෙවන් වංචනික ක්‍රියාවන්ට හසු නොවන ලෙස ගණුදෙනුකරුවන් දැනුවත් කරන මෙන් කාරුණිකව ඉල්ලමි. මෙවන් සැක කටයුතු වෙබ් අඩවි සම්බන්ධයෙන් වැඩිමනත් තොරතුරු විමසීමට අවශ්‍ය වන්නේ නම්, 1950 තැපැල් දෙපාර්තමේන්තු උපකාරක සේවාව හෝ තැපැල් දෙපාර්තමේන්තු තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අංශය අමතන්න. තොරතුරු තාක්ෂණ අංශයේ දුරකථන 011 2 54 2104, 011 233 47 28, 011 2 33 5978, 011 2 687 229, 011 2 33 00 72 WhatsApp 0742496323.

රාජිත කේ රණසිංහ
නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්)
Published on 2023-06-23


තුසිත හුලංගමුව
නියෝජ්‍ය තැපැල්පති (සංවර්ධන)
Published on 2023-06-16


තැපැල් සංගණනය

තැපැල් සංගණනය- 2023 ගණන් ගැනීමේ දිනයන්

ජුනි 19 සිට ජුනි 24 දක්වා (දින 06)
තැපැල් සංගණනය 2023 සංඛ්‍යායන දත්ත සාරාංශය ඇතුළත් කිරීම සඳහා පහත සඳහන් කර ඇති සබඳතාවයන් අතරින් ඔබ තැපැල් කාර්යාලයට අයත් ප්‍රාදේශීය තැපැල් අධිකාරී කොට්ඨාශයට අදාළ සබඳතාවය (Link) භාවිතා කරන්න.

அஞ்சல் கணக்கெடுப்பு
அஞ்சல் கணக்கெடுப்பு– 2023 கணக்கெடுக்கும் நாட்களாக

ஜூன் 19 ஆந்திகதிதொடக்கம் ஜூன் 24 ஆந்திகதிவரை (06 நாட்கள்)
அஞ்சல் கணக்கெடுப்பு 2023 எண்ணிக்கைத் தரவுகளின் சாராம்சத்தை உள்வாங்குவதற்காக கீழே குறிப்பிடப்பட்டுள்ள தொடர்புப்படுத்தல்களில் தங்கள் அஞ்சல் அலுவலகத்துக்கு உரிய பிரதேச அஞ்சல் அத்தியட்சகர் பிரிவுக்கான தொடர்புபடுத்தலை(Link) பாவிக்கவும்.
CME KANDY (N) KANDY (S)
MATALE NUWARAELIYA AMPARA
AKKARAIPATTU BATTICALO TRINCOMALEE
JAFFNA KILINOCHCHI MULLAITIVU
MANNAR VAVUNIYA ANURADHAPURA
POLONNARUWA KURUNEGALE (N) KURUNEGALE (S)
PUTTALAMA KEGALLE RATNAPURA
GALLE HAMBANTOTA MATARA
BADULLA MONARAGALA COLOMBO (N)
COLOMBO (S) KALUTARA GAMPAHA (N)
GAMPAHA (S)
තුසිත හුලංගමුව
නියෝජ්‍ය තැපැල්පති (සංවර්ධන)
பிரதிஅஞ்சல் அதிபதி (அபிவிருத்தி)
Published on 2023-06-16


Western Union Training Session

Western union මෘදුකාංගයේ තොරතුරු ආරක්ෂණය පිළිබඳ යාවත්කාලීන කිරීමක් සමඟ මිනිත්තු 50ක මාර්ගගත දැනුවත් කිරීමේ පුහුණු වැඩසටහනක් ස්වයංක්‍රීයව එම ආයතනය විසින් ක්‍රියාත්මක කර ඇත.
සෑම පරිශීලකයෙක්ම ස්වයංක්‍රීය පුහුණු වැඩසටහන සම්පූර්ණ කළ යුතු අතර එසේ නොකරන පරිශීලකයන් හට මෘදුකාංගය භාවිතා කිරීමට නොහැකි වන ලෙස එම ආයතනය විසින් ස්වයංක්‍රීයව අවහිර කර ඇත.
එම නිසා සියළුම පරිශීලකයන් එම පුහුණු වැඩසටහන අනිවාර්යයෙන්ම සම්පූර්ණ කිරීමට කටයුතු කරන මෙන් කාරුණිකව දන්වා සිටිමි.


කේ.එන්.පී.කඳනආරච්චි
නියෝජ්‍ය තැපැල්පති (පාලන)
Published on 2023-05-22


සියළු කාර්යභාර තැපැල් ස්ථානාධිපතිවරුන් වෙත.

තැපැල් දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ කළමනාකරණ සහකාර - තාක්ෂණික නොවන/තාක්ෂණික නිලධර ගණයේ 111 ශ්‍රේණියේ තැපැල් සේවා නිලධාරී තනතුරට පත් කිරීම සඳහා කණිෂ්ඨ සේවකයින් සහ උප තැපැල් ස්ථානාධිපතින් වෙනුවෙන් පවත්වනු ලබන සම්මුඛ පරීක්ෂණය (දෙවන අදියර)

2023.05.26 දින පැවැත්විමට නියමිතව තිබූ උක්ත සම්මුඛ පරීක්ෂණය සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය වෙත පැවරුණු අත්‍යවශ්‍ය රාජකාරී කටයුත්තක් හේතුවෙන් එදිනට පැවැත්වීමට නොහැකි වී ඇති බැවින් එම සම්මුඛ පරීක්ෂණය 2023.05.30 දින පැවැත්වීමට තීරණය කර ඇත.
උක්ත සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවා ඇති සියලුම කණිෂ්ඨ සේවකයින් සහ උප තැපැල් ස්ථානාධිපතිවරුන් 2023.05.26 දින පැවැත්වීමට නියමිතව තිබු සම්මුඛ පරීක්ෂණ කැඳවීම් ලිපියේ සඳහන් පරිදි , එම ලිපිය සමඟ අදාල සම්මුඛ පරීක්ෂණ මණ්ඩල වෙත එම වේලාවන් හිදිම 2023.05.30 දින සහභාගී වන ලෙස දැනුවත් කරමි.

කේ.එන්.පී.කඳනආරච්චි
නියෝජ්‍ය තැපැල්පති (පාලන)
Published on 2023-05-19


Annual Transfer 2023/2024 (Staff Details)

Click here to download in English Circular | Application

Click here to download in Sinhala Circular | Application

Click here to download in Tamil Circular | Application

රාජිත කේ. රණසිංහ
නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්)
Published on 2023-05-19


සියළු කාර්යභාර තැපැල් ස්ථානාධිපතිවරුන් වෙත.

COD සේවාව තව දුරටත් නව්‍යකරණය කරමින් ගමනාන්තය වෙත යැවෙන COD භාණ්ඩ ලැයිස්තු (RL) (COD Destination Sorted List) පරිගණකයෙන් මුද්‍රිත පිටපත් වශයෙන් ලබාගැනීමට පහසුකම් සකස් කර ඇත.

COD භාරගැනීමේ දී ඇතුළත් කරන ලබන්නාගේ ලිපිනයේ ලබන්නාගේ නම සහ ගමනාන්ත කාර්යාලය අදාළ ස්ථානවල වෙන් වෙන් වශයෙන් සටහන් කර දත්ත ඇතුළත් කිරීමෙන් පසු Close අයිකනය මඟින් අදාළ ලේඛණය මුද්‍රණය කළ හැක.
තොග ඇතුළත් කිරීම සඳහා වන, නව Excel පැතුරුම්පත මෘදුකාංගය තුළ Download හි ඇතුළත් කර ඇත.
වැඩි විස්තර අවශ්‍ය නම් 011 2 33 00 72 / 011 2334728 / 011 2335978 / 011 2542104 දුරකථන ebtm@slpost.lk විද්‍යුත් තැපෑල හෝ 070 284 7623 eBTM WhatsApp මඟින් තොරතුරු තාක්ෂණ අංශයේ ඉ-ව්‍යාපාර සහ තාක්ෂණ කළමනාකරණ ඒකකය අමතා ලබා ගත හැක.
රාජිත කේ. රණසිංහ
නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්)
Published on 2023-03-20

සියළු තැපැල් කාර්ය මණ්ඩලය වෙත,
තැපැල් කාර්යාල ආඥා පනතේ (190 වැනි අධිකාරිය) 45 වගන්තිය යටතේ සකස් කරනු ලබන රීතියයි.
2019-01-01 දින සිට 2019-12-31 දින දක්වා නිකුත් කළ මුදල් ඇණවුම් සම්බන්ධයෙන් ක්‍රියා කළ යුතු ආකාරය
Regulation made under Section 45 (Chapter 190) of the Post office Ordinance All types of Money Orders issued with effect from 01/01/2019 to 31/12/2019- Click Here
Sinhala | Tamil | English |

Chief Accountant


Published on 2023-02-17

..... Most Commonly Identified Computer Issues and Solutions Click here.....
..... සිංහල..... ..... தமிழ்.....


How To Access Philatelic Module - Click here to view user manual