.....................................Special Notice ..................................
සියළු කාර්ය මණ්ඩලය වෙත. அனைத்து ஊழியர்களுக்கும்.
භාණ්ඩ සමීක්ෂණය සඳහා සැපයුම් අංශය වසා තැබීම
பொருட்கள் கணக்கெடுப்புக்காக விநியோகப் பிரிவு மூடப்படுதல்.
2024 තොග සමීක්ෂණ කාර්යයන් සඳහා 2024-12-16 දින සිට 2024-12-31 දින දක්වා සැපයුම් කාර්යාලයේ ලිපි ද්‍රව්‍ය සහ පෝරම ගබඩාව වසා තබනු ලැබේ.
එබැවින්, ඊට පෙර අවශ්‍ය ලිපි ද්‍රව්‍ය සහ පෝරම ඉල්ලීම් ඉදිරිපත් කරන ලෙස සියළු කාර්ය මණ්ඩලය වෙත දැනුම් දෙමි.
2024 தொகை கணக்கெடுப்புக்காக 16.12.2024 முதல் 31.12.2024 வரை வழங்கல் அலுவலகத்தில் எழுதுகருவிகள் (stationary)
பிரிவு மற்றும் படிவக் களஞ்சியப் பிரிவு மூடப்பட்டிருக்கும். எனவே, அதற்கு முன் தேவையான எழுதுபொருட்கள் மற்றும் படிவ
கோரிக்கைகளை சமர்ப்பிக்குமாறு அனைத்து ஊழியர்களுக்கும் தெரிவித்துக் கொள்கிறேன்.
රාජිත කේ. රණසිංහ
නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්)
Published on 2024-11-19
සියළුම ප්‍රධාන / කාර්‍යභාර තැපැල් / උප තැපැල් ස්ථානාධිපතිවරුන්,
විදුලි බිල්පත් ගෙවීමේ ක්ෂනික දත්ත හුවමාරුව (Online Real Time (OLRT) data transfer)
සම්බන්ධව විදුලිබල මංඩලය සමග යාවත්කාලීන කිරීමේ කාර්යය අවසන් කර e-Pay හා m-ePay විදුලි බිල්පත් භාරගැනීම නැවත සක්‍රිය කිරීම
තැපැල් / උප තැපැල් කාර්යාල වලින් සිදු කරන විදුලි බිල්පත් භාරගැනීම් වලට අදාළ දත්ත, විදුලි බල මණ්ඩලයේ දත්ත පද්ධතියට එසැනින් ස්වයංක්‍රියව
සම්ප්‍රේෂණය කිරීම (OLRT) සඳහා වන ක්‍රමවේදය සක්‍රිය කිරීමට අදාළ තාක්ෂණික කාර්යයන් සඳහා 2024-10-30 දින 15:00:01 සිට අතිහිටුවා තිබූ e-Pay
හා m-ePay පද්ධති අදාළ යාවත්කාලී කිරීමෙන් පසු 2024-10-30 20:30:00 සිට නැවත සක්‍රිය කර ඇත.
/h4>
පෙර පරිදි විදුලි බිල් දත්ත ඇතුළත් කිරීම් සිදු කිරීමට කටයුතු කරන්න.
තුසිත හුලංගමුව
නියෝජ්‍ය තැපැල්පති (සංවර්ධන)
Published on 2024-10-30
සියළුම ප්‍රධාන / කාර්‍යභාර තැපැල් / උප තැපැල් ස්ථානාධිපතිවරුන්,
විදුලි බිල්පත් ගෙවීමේදී අඩුපාඩුවක්ව පැවැති ක්ෂනික දත්ත හුවමාරුව (Real time data transfer) සම්බන්ධව විදුලිබල මංඩලය සමග සිදු කිරීමට
නියමිත අත්‍යාවශ්‍ය යාවත්කාලීන කිරීමේ කාර්යයක් සඳහා e-Pay හා m-ePay විදුලි බිල්පත් භාරගැනීම 2024-10-30 15:00:01 සිට තාවකාලිකව අත්හිටුවීම........
තැපැල් / උප තැපැල් කාර්යාල වලින් සිදු කරන විදුලි බිල්පත් භාරගැනීම් වලට අදාළ දත්ත, විදුලි බල මණ්ඩලයේ දත්ත පද්ධතියට එසැනින් ස්වයංක්‍රියව
සම්ප්‍රේෂණය කිරීම (OLRT) සඳහා වන ක්‍රමවේදය සක්‍රිය කිරීමට අදාළ තාක්ෂණික කාර්යයන් සඳහා 2024-10-30 දින 15:00:01 සිට එම යාවත්කාලීන කිරීමට
ප්‍රමාණවත් කාලයක් සඳහා e-Pay සහ m-ePay හරහා විදුලි බිල්පත් භාරගැනීම අත්හිටුවීමට කටයුතු කර ඇත.
මෙම යාවත්කාලීන කිරීම ඉතා කඩිනමින් සිදු කිරීමට අපේක්ෂා කරන අතර ( පැය කීපයක් තුල) මෘදුකාංග පද්ධති නැවත සක්‍රිය කල වහාම e-Pay
මෘදුකාංගය තුළ, e-Pay නිල සේවා පෝටලයේ සහ සියලු WhatsApp සමූහවල නිවේදනය කරන අතර එතෙක් විදුලි බිල් දත්ත ඇතුළත් කිරීම සඳහා
උත්සාහ නොකරන ලෙස සියළු කාර්ය මණ්ඩලය වෙත දැනුම් දෙනු ලැබේ.
2024-10-30 දින 14:30:00 පැය වන විට විදුලි බිල්පත් වාර්තා ලබා ගෙන අවසන් කරන ලෙසත්, භාරගන්නා ලද විදුලිබිල්පත් වේ නම් පෙර දැක්වූ පරිදි නැවත පද්ධතිය
සක්‍රිය කිරීම පිළිබද නිවේදනය ලද වහාම ඒවා ඇතුළත් කිරීමට පියවර ගන්නා ලෙසත් වැඩිදුරටත් දන්වමි.
මෙම තාවකාලික අත්හිටුවීම විදුලි බිල් භාරගැනීම සම්බන්ධයෙන් පමණක් වන අතර e-Pay වාර්තා ලබාගැනීම, PMT, COD සහ අනෙකුත් කිසිදු
සේවාවක් සම්බන්ධයෙන් බලපෑමක් ඇති නොකරන බව ද සළකන්න. එම සේවා අඛණ්ඩව පවත්වා ගැනීමට කටයුතු කරන්න.
තුසිත හුලංගමුව
නියෝජ්‍ය තැපැල්පති (සංවර්ධන)
Published on 2024-10-29
සියළුම ප්‍රධාන / කාර්‍යභාර තැපැල් / උප තැපැල් ස්ථානාධිපතිවරුන්,
විශ්‍රාමිකයන් සඳහා මාසික රු.3000.00 ක අතුරු දීමනාවක් ගෙවීම........
උක්ත විශ්‍රාමික අතුරු දීමනාව සඳහා වන වවුචර ePay Social Services තුළ ඇතුළත් කර ඇත. එම දීමනාව 2024/10/18 දින සිට සියළු තැපැල් / උප තැපැල් කාර්යාල හරහා ගෙවිම් කරන ලෙසට අදාල සියලු නිලධාරින් දැනුවත් කරන්න.
මෙහිදී විශ්‍රාම වැටුප් දෙකක් හිමි අයෙකුට ද හිමි වන්නේ රු. 3000.00 ක් පමණි.
වවුචරයේ නම සඳහන් නොවන්නේ නම් ඊට හේතුව විශ්‍රාමිකයාගේ ජාතික හැඳුනුම්පත් අංකය විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නොමැති වීම නිසා වන හෙයින් ඒ සම්බන්ධව ප්‍රා.ලේ. කා. වෙත දන්වන ලෙස විශ්‍රාමිකයා දැනුවත් කරන්න.
රාජිත කේ. රණසිංහ
නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්)
Published on 2024-10-17
සියළු කාර්යභාර තැපැල් ස්ථානාධිපතිවරුන් වෙත.
නුවරඑළිය නිවාඩු නිකේතනයේ හදිසි අඵත්වැඩියා කටයුත්තක් හේතුවෙන් 2024-10-01 දින සිට නුවරඑළිය නිවාඩු නිකේතනය වෙන්කිරීම තාවකාලිකව නතර කර ඇතිබව කාරුණිකයව දන්වමි.
රාජිත කේ. රණසිංහ
නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්)
Published on 2024-10-02
සියළු කාර්ය මණ්ඩලය වෙත.
අංක 900114958V දරණ ජාතික හැඳුණුම්පත හිමි ජෙසුදාසන් ක්‍රිස්ටෝපර් නමැති අයට මුදල් ඇණවුම් ගෙවීම අත්හිටුවා ඇත.
එම පුද්ගලයා විසින් ඉදිරිපත් කරන ඇණවුම් ගෙවීම ප්‍රතික්ෂේප කර නොපමාව මූලස්ථාන තොරතුරු තාක්ෂණ අංශයවෙත දැනුම්දෙන්න.
තුසිත හුලංගමුව
නියෝජ්‍ය තැපැල්පති (සංවර්ධන)
Published on 2024-08-14
සියළු කාර්යභාර තැපැල් ස්ථානාධිපතිවරුන් වෙත.
e-Counter පද්ධතියේ පවත්නා තාක්ෂණික දෝෂය නිරාකරණය කරමින් පවතී. 2024-06-24 දිනයේ වාර්තා ලබා ගැනීමට \
නොහැකි වීම නිසා දෛනික ගිණුම් සකස් නොකළ සියළු තැපැල් ස්ථානාධිපතිවරුන් e-Counter වාර්තා ගිණුමට
නොගෙන ගිණුම් සකස් කිරීමට කටයුතු කරන්න. e-Counter පද්ධතිය සක්‍රිය වූ පසු 2024-06-22 15:00:01 සිට වාර්තා
පදනම් කරගනිමින් 2024-06-25 දින ගිණුම් සකස් කිරීමට කටයුතු කරන්න. මේ හේතුවෙන් කාර්යාලවල මුදල් රඳවා ගැනීමක්
සිදු නොකරන ලෙස දන්වන අතර විදුලි බිල්පත් බේරුම් කිරීම සඳහා අත්‍යාවශ්‍ය වන හෙයින් නොපමාව මේ පිළිබඳ
ප්‍රමුඛ අවධානය යොමු කරන ලෙස ද දන්වමි.
2024/06/25 දින නිකුත් කළ මෙම නිල සේවා පණිවුඩයේ මුද්‍රිත පිටපතක්
ලබාගෙන විගණන සහ විමර්ෂණ අවශ්‍යතා සඳහා ගිණුම්කරන දිනයේ දෛනික මුදල් ගිණුම සමඟ යාකර තබාගන්න.
නිවේදනය භාගත කිරීම සඳහා මෙම සබැඳිය Click කරන්න
තුසිත හුලංගමුව
නියෝජ්‍ය තැපැල්පති (සංවර්ධන)
Published on 2024-06-25 12.20pm
Annual Transfer 2024/2025 (Staff Details)
රාජිත කේ. රණසිංහ
නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්)
Published on 2024-05-16
සියළු තැපැල් ස්ථානාධිපතිවරුන් සහ කාර්ය මණ්ඩලය වෙත
e-Counter / m-Counter අක්‍රිය අවස්ථාවල දී හෝ විදුලි බලය නොමැති වීම අන්තර්ජාලය අක්‍රිය වී තිබීම වැනි අවස්ථාවල දී වාහන දඩ මුදල් භාරගැනීම
2024-03-11 දිනැතිව නිකුත් කර ඇති අංක 05/2024 තැපැල්පති චක්‍රලේඛයේ 08 වගන්තියේ "වැදගත්" යන උදෘතයෙන් දක්වා ඇති පරිදි ඉහත මෘදුකාංග
අක්‍රිය අවස්ථාවක දී හෝ විදුලි බලය නොමැති වීම අන්තර්ජාලය අක්‍රිය වී තිබීම වැනි අවස්ථාවල දී තවදුරටත් පොදු 172 කුවිතාන්සි නිකුත් කරමින්
වාහන දඩ මුදල් භාරගැනීම සිදු කරන ලෙස උප තැපැල් ස්ථානාධිපතිවරුන් ද ඇතුළු සියළු කාර්ය මණ්ඩලය දැනුවත් කරන්න.
එසේ කුවිතාන්සි නිකුත් කිරීම් පෙර පරිදි ම ලේඛනයක ඇතුළත් කර ගිණුම් ගත කිරීම සිදුකරන්න. නැවත මෘදුකාංගයට ඇතුළත් කිරීම අවශ්‍ය නොවේ.
රාජිත කේ රණසිංහ
නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්)
Published on 2024-03-13
සියළු තැපැල් ස්ථානාධිපතිවරුන් සහ කාර්ය මණ්ඩලය වෙත
අධිකාරී (සැපයුම්) කාර්යාලයට අයත් දුඹුරු පැහැති සහ සුදු පැහැති ගබඩා මලු මෙන්ම, අධිකාරී (සැපයුම්) කාර්යාලයේ පෝරම ගබඩාව වෙතින් ප
්‍රාදේශීය තැපැල් අධිකාරී කාර්යාල වෙත නිකුත් කරන තීන්ත බෝතල බහාලන වේවැල් කූඩ ලද විගස නැවත නොපමාව අධිකාරී (සැපයුම්)
කාර්යාලයට ලැබීමට සලස්වන මෙන් කාරුණිකව දන්වමි.
රාජිත කේ රණසිංහ
නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්)
Published on 2024-03-07
සියළු තැපැල් ස්ථානාධිපතිවරුන් වෙත
ජල සම්පාදන මණ්ඩලයේ තොරතුරු පද්ධතියේ කඩිනම් සංවර්ධන කටයුත්තක් සිදුකරන බැවින්, ජල බිල්පත් භාර නොගන්නා ලෙස ජල සම්පාදන මණ්ඩලය
දැනුම් දී ඇත. පද්ධති යාවත්කාලීන කටයුතු අවසන් වූ වහාම බිල්පත් භාරගැනීමට කටයුතු කලහැකි අතර ඒ බව දැනුම් දෙනු ලැබේ.
තුසිත හුලංගමුව
නියෝජ්‍ය තැපැල්පති (සංවර්ධන)
Published on 2024-03-01 11.15am
සියළු තැපැල් ස්ථානාධිපතිවරුන් වෙත
ජල සම්පාදන මණ්ඩලයේ තොරතුරු පද්ධතියේ සංවර්ධන කටයුතු සිදුවන බැවින්, ජල බිල්පත් භාරගැනීම 2024-03-01 දින පෙ.ව. 10.00 තෙක් අත්හිටුවන බව
දන්වා ඇත. බිල්පත් ගෙවිමේ කටයුතු ඉන් පසුව ආරම්භ කල හැකි බව කරුණාවෙන් සලකන්න.
තුසිත හුලංගමුව
නියෝජ්‍ය තැපැල්පති (සංවර්ධන)
Published on 2024-03-01
සියලුම තැපැල් හා උප තැපැල් ස්ථානාධිපතිවරුන්
e-Counter මෘදුකාංගයේ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් "පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාගයේ 2023 (2024)" විභාග ගාස්තු භාර ගැනීම වෙනුවෙන් කුවිතාන්සි නිකුත් කිරීම සඳහා (POL 68)
විභාග කුවිතාන්සිය භාවිතා කිරීමටත් මෘදුකාංගය යථාතත්වයට පත්කිරීමෙන් අනතුරුව අදාළ ගාස්තු පද්ධතිය වෙත ඇතුළත් කිරීමටත් කටයුතු කරන ලෙස දන්වා සිටිමි. නිකුත් කරන ලද POL
68 පත්‍රිකා ලේඛණයක සටහන් කර එම දත්ත මෘදුකාංගයට ඇතුළත් කළ දිනය දී ප්‍රේෂණය කර ඇති බවත්, මෙම POL 68 නිකුත් කිරීම
"e-Counter පද්ධතිය අක්‍රිය වීම නිසා නිකුත් කර ඇති බවත්,. ගිණුම්වලට දෙවරක් ඇතුළත් කර නැති බවත්,." ඇතුළත් තැපැල් ස්ථානාධිපති සටහනක් යොදා විගණන කටයුතු සඳහා සුරක්ෂිතව තබන්න.
තව ද, පද්ධතිය යථාතත්තවයට පත්වීමෙන් පසු සියළු දත්ත ඇතුළත් කිරීම් සහ නිවැරදි කිරීම් සිදුකර 2024-02-19 15:00:01 සිට ලැබෙන වාර්තා අනුව ගිණුම් කටයුතු සිදු කරන ලෙසත් අද දින ගිණුම් e-Counter
දත්ත රහිතව සකස් කරන ලෙසත් වැඩි දුරටත් දන්වමි.
රාජිත කේ රණසිංහ
නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්)
Published on 2024-02-20