සියළුම ප්‍රධාන තැපැල් ස්ථානාධිපතිවරුන්/ තැපැල් ස්ථානාධිපතිවරුන් / උප තැපැල් ස්ථානාධිපතිවරුන් ,

මැදපෙරදිග රටවල තත්ත්වය සාමාන්‍ය තත්ත්වයට පත් වී ගුවන් සේවා ක්‍රියාත්මක වන බව ගුවන් සමාගම් විසින් දන්වා ඇති නිසා Jordan,Bahrain,Oman,Kuwait,Saudi Arabia සහ United Arab Emirates යන රටවල් වෙත තැපැල් භාණ්ඩ භාර ගැනීමටත්, තවදුරටත් ප්‍රමාදයන් අපේක්ෂා කළ හැකි බව භාණ්ඩ බාරගන්නා අවස්ථාවේ දී පාරිභෝගිකයින් දැනුවත් කිරීමටත් කටයුතු කරන්න.

மத்திய கிழக்கு நாடுகளில் நிலைமை இயல்பு நிலைக்குத் திரும்பி, விமான சேவைகள் இயங்குவதாக விமான நிறுவனங்கள் தெரிவித்திருப்பதால், Jordan,Bahrain, Oman, Kuwait, Saudi Arabia සහ United Arab Emirates ஆகிய நாடுகளுக்கு அஞ்சல் பொருட்களைப் ஏற்றுக் கொள்வதற்கும், அஞ்சல் பொருட்களை ஏற்றுக்கொள்ளும் போது, மேலும் தாமதங்கள் எதிர்பார்க்கப்படலாம் என்பதை வாடிக்கையாளர்களுக்குத் தெரிவிப்பதற்கும் நடவடிக்கை எடுக்கவும்.

නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්)
Published on 2026-05-06


සියළුම ප්‍රධාන තැපැල් ස්ථානාධිපතිවරුන්/ තැපැල් ස්ථානාධිපතිවරුන් / උප තැපැල් ස්ථානාධිපතිවරුන් ,

තැපැල් ප්‍රවාහනයට අවශ්‍ය ගුවන් පහසුකම් සපයා ගැනීමට හැකිවන තෙක් රුසියාව වෙත තැපැල් භාණ්ඩ භාර ගැනීම තාවකාලිකව නතර කරන ලෙස කවුළු නිලධාරීන් දැනුවත් කරන්න.

அஞ்சல் போக்குவரத்திற்குத் தேவையான விமான வசதிகள் ஏற்பாடு செய்யப்படும் வரை, ரஷ்யாவிற்கான அஞ்சல் பொருட்களை ஏற்றுக்கொள்வதை தற்காலிகமாக நிறுத்துமாறு கருமபீட உத்தியோகத்தர்களுக்கு தெரிவிக்கவும்.

Inform the counter officers to temporarily stop accepting mail to Russia until the necessary air facilities for mail transportation can be provided

නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්)
Published on 2026-05-23


සියළුම ප්‍රධාන තැපැල් ස්ථානාධිපතිවරුන්/ තැපැල් ස්ථානාධිපතිවරුන් / උප තැපැල් ස්ථානාධිපතිවරුන් ,

තැපැල් ප්‍රවාහනයට අවශ්‍ය ගුවන් පහසුකම් සපයා ගැනීමට හැකිවන තෙක් Kuwait වෙත තැපැල් භාණ්ඩ භාර ගැනීම තාවකාලිකව නතර කරන ලෙස කවුළු නිලධාරීන් දැනුවත් කරන්න.

அஞ்சல் போக்குவரத்திற்குத் தேவையான விமான வசதிகள் ஏற்பாடு செய்யப்படும் வரை, Kuwait நாட்டிற்கான அஞ்சல் பொருட்களை ஏற்றுக்கொள்வதை தற்காலிகமாக நிறுத்துமாறு கருமபீட உத்தியோகத்தர்களுக்கு தெரிவிக்கவும்.

Inform the counter officers to temporarily stop accepting mail to Kuwait until the necessary air facilities for mail transportation can be provided

එච්.එම්.පී.හේරත්
නියෝජ්‍ය තැපැල්පති (සංවර්ධන)
Published on 2026-05-19

s

සියළුම ප්‍රාදේශීය තැපැල් අධිකාරිවරුන්/ සියළුම තැපැල් ස්ථානාධිපතිවරු/ සියළුම තොරතුරු තාක්ෂණ සම්බන්ධීකරන නිලධාරින් වෙත,

e-Counter පද්ධතියේ තාක්ෂණික නව්‍යකරණ කටයුත්තක් හේතුවෙන් 2026.05.09 දින 20.00 පැයේ සිට 2026.05.11 දින 8.00 පැය දක්වා පද්ධතිය තාවකාලිකව නවතා තබනු ලැබේ. එබැවින් e-Counter පද්ධතිය මගින් සිදුකරනු ලබන වාර්තා ලබාගැනීම් ආදිය එම කාලයට පෙර සිදුකර ගන්නා ලෙස ද 2026.05.09 දින 20.00 පැයෙන් පසු හා 2026.05.11 දින 8.00 පැය වන තෙක් එම පද්ධතිය මගින් අදාල ගනුදෙනු ක්‍රියාත්මක කල නොහැකි බවද කාරුණිකව දන්වා සිටිමි.

තුසිත හුලංගමුව
නියෝජ්‍ය තැපැල්පති (සංවර්ධන)
Published on 2026-05-08

සියළුම ප්‍රධාන තැපැල් ස්ථානාධිපතිවරුන්/ තැපැල් ස්ථානාධිපතිවරුන් / උප තැපැල් ස්ථානාධිපතිවරුන් ,

අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් සඳහා ඉ සේවාවන් තාවතාලිකව නවතා තැබීම

අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් දෙපාර්තමේන්තු ඉ-සේවාවන් ක්‍රියාත්මක වන පහත සඳහන් පද්ධති 2026.03.20 දින ප.ව. 8.00 සිට 2026.03.23 දින පෙ.ව. 8.00 දක්වා තාවකාලික නවතා තබනු ලැබේ.

  • e-Counter/ m-Counter
  • SLP Mail
  • IPS/CDS
  • PSS (තැපැල් සංඛ්‍යා ලේඛණ පද්ධතිය)
  • BLMS (ඉඩම් හා ගොඩනැගිලි කළමනාකරණ පද්ධතිය)

එබැවින් ඉහත පද්ධති මගින් සිදුකරනු ලබන වාර්තා ලබාගැනීම් ආදිය එම කාලයට පෙර සිදුකර ගන්නා ලෙස ද 2026.03.20 දින ප.ව. 8.00න් පසු හා 2026.03.23 දින පෙ.ව. 8.00 වන තෙක් එම පද්ධතින් මගින් අදාල ගනුදෙනු ක්‍රියාත්මක කල නොහැකි බවද කාරුණිකව දන්වා සිටිමි.

තුසිත හුලංගමුව
නියෝජ්‍ය තැපැල්පති (සංවර්ධන)
Published on 2026-03-20

සියළුම ප්‍රධාන තැපැල් ස්ථානාධිපතිවරුන්/ තැපැල් ස්ථානාධිපතිවරුන් / උප තැපැල් ස්ථානාධිපතිවරුන්

EMS (Express Mail Service) සේවාව සම්බන්ධයෙන් කාර්ය මණ්ඩලයේ පරිශීලනය සඳහා සකස් කල මාර්ගෝපදේශය (EMS Guide) චක්‍රලේඛ පෝටලයේ පල කර ඇත.

அஞ்சலக பணியாளர்களின் பயன்பாட்டிற்கென தயாரிக்கப்பட்ட EMS (Express Mail Service) தொடர்பான வழிகாட்டியானது - EMS Guide சுற்றிக்கை போர்ட்டலில் வெளியிடப்பட்டுள்ளது.
Click Here to view User Guide

නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්)
Published on 2026-03-19


සියළුම ප්‍රධාන තැපැල් ස්ථානාධිපතිවරුන්/ තැපැල් ස්ථානාධිපතිවරුන් / උප තැපැල් ස්ථානාධිපතිවරුන් ,

මැදපෙරදිග රටවල පවත්නා ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ඊශ්‍රායලය, කටාර්, සෞදි අරාබිය සහ ලේබනන් යන රටවල තැපැල් කටයුතු නතර කර ඇත. ඒ අනුව, ඊශ්‍රායලය, කටාර්, සෞදි අරාබිය සහ ,ලේබනන් වෙත තැපැල් භාණ්ඩ භාර ගැනීම තාවකාලිකව නතර කරන්න
ගුවන් ගමන් අවලංගුවීම සහ නතර වීම හේතුවෙන් අනෙකුත් මැද පෙරදිග රටවල් වෙත යවනු ලබන විදේශ තැපැල් අයිතම දින නියමයක් නොමැතිව ප්‍රමාදවනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඊට අමතරව යුරෝපිය සහ ඇමරිකානු දිගු ගමනාන්ත වෙත යැවෙන තැපෑල ද ගුවන් ගමන්වල මාර්ගස්ථ ඉහත රටවල ඇති බැවින්, ප්‍රමාදයන් අපේක්ෂා කෙරේ.
එබැවින් විදේශ තැපැල් අයිතම ඉහත රටවල් වෙත භාර ගන්නා විට සිදුවිය හැකි ප්‍රමාදයන් පිළිබඳව ඔබේ වටිනා ගනුදෙනුකරුවන් දැනුවත් කරන්න. යවන්නාගේ ඉල්ලීම අනුවවුවද, කෙටි කල් ඉකුත්වන දිනයන් සහිත ද්‍රව්‍යයන් විදේශ තැපෑලට භාර ගැනීමෙන් වළකින්න.



மத்திய கிழக்கில் நிலவும் சூழ்நிலை காரணமாக இஸ்ரேல், காலாண்டு, சவுதி அரேபியா மற்றும் லெபனான் ஆகியவை அஞ்சல் சேவையை நிறுத்தி வைத்துள்ளன. அதன்படி, தயவுசெய்து இஸ்ரேல், காலாண்டு, சவுதி அரேபியா மற்றும் லெபனான் ஆகிய அஞ்சல் பொருட்களை ஏற்றுக்கொள்வதை நிறுத்துங்கள்.
மத்திய கிழக்கு நாடுகளுக்கு அனுப்பப்படும் வெளிநாட்டு அஞ்சல்கள் விமானங்கள் ரத்து செய்யப்படுவதாலும், நிறுத்தி வைப்பதாலும் கடுமையாக தாமதமாகும் என்று எதிர்பார்க்கப்படுகிறது. கூடுதலாக, ஐரோப்பிய மற்றும் அமெரிக்க இடங்களுக்கு, மேற்கண்ட நாடுகளில் நீண்ட தூர விமான நிறுத்தம் இருப்பதால், தாமதங்கள் ஏற்படும் என்று எதிர்பார்க்கப்படுகிறது. எனவே, மேற்கண்ட நாடுகளுக்கு சர்வதேச அஞ்சல் பொருட்களை ஏற்றுக்கொள்ளும்போது, சாத்தியமான தாமதங்கள் குறித்து உங்கள் மதிப்புமிக்க வாடிக்கையாளர்களுக்குத் தெரிவிக்கவும்.அனுப்புநரின் வேண்டுகோளின் பேரில் கூட, சர்வதேச அஞ்சலில் குறுகிய காலாவதி தேதிகளைக் கொண்ட பொருட்களை ஏற்றுக்கொள்வதைத் தவிர்க்கவும்.

Israel, Qatar, Saudi Arabia, and Lebanon have suspended postal services due to the ongoing situation in the Middle East. Accordingly, please stop accepting postal items addressed to these countries until further notice.
Foreign mail destined for other Middle East countries is expected to face severe delays due to flight cancellations and service suspensions. In addition, delays may also occur for mail bound to European and American destinations, as many long-distance flights transit through the affected countries. Therefore, when accepting international mail items to the above regions, please inform customers clearly about the possibility of delays. Furthermore, do not accept items with short expiration dates, even if requested by the sender.

නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්)
Published on 2026-03-06

සියළුම ප්‍රධාන / කාර්‍යභාර තැපැල් ස්ථානාධිපතිවරුන් වෙත

e-Counter පද්ධතියේ පවත්නා තාක්ෂණික දෝෂය හේතුවෙන් වාර්තා පිළියෙල කිරීම

e-Counter පද්ධතියේ පවත්නා තාක්ෂණික දෝෂය නිරාකරනය කරමින් පවතී. 2026-03-16 දින e-Counter පද්ධතියේ දෛනික වාර්තා ලබාගත නොහැකි සියළුම තැපැල් ස්ථානාධිපතිවරුන් e-Counter වාර්තා ගිණුමට නොගෙන දෛනික ගිණුම් සකස් කිරීමට කටයුතු කරන්න
e-Counter පද්ධතිය සක්‍රිය වු පසු 2026-03-14 දින 15:00:01 සිට වාර්තා ජනනය කර ගිණුම් සකස් කිරීමට කටයුතු කරන්න. මේ හේතුවෙන් කාර්යාලවල අනවශ්‍ය පරිදි මුදල් රඳවා ගැනිමක් සිදු නොකරන ලෙස දන්වමි.
2026-03-16 දින නිකුත් කළ මෙම නිල සේවා පණිවුඩයේ මුද්‍රිත පිටපතක් ලබාගෙන විගණන සහ විමර්ෂණ අවශ්‍යතා සඳහා ගිණුම්කරන දිනයේ දෛනික මුදල් ගිණුම සමඟ යාකර තබාගන්න.

තුසිත හුලංගමුව
නියෝජ්‍ය තැපැල්පති (සංවර්ධන)
Published on 2026-03-16

සියළුම ප්‍රධාන තැපැල් ස්ථානාධිපතිවරුන්/ තැපැල් ස්ථානාධිපතිවරුන් / උප තැපැල් ස්ථානාධිපතිවරුන් ,

අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් සඳහා ඉ සේවාවන් තාවතාලිකව නවතා තැබීම

අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් දෙපාර්තමේන්තු ඉ-සේවාවන් ක්‍රියාත්මක වන පහත සඳහන් පද්ධති 2026.03.14 දින ප.ව. 5.00 සිට 2026.03.16 දින පෙ.ව. 8.00 දක්වා තාවකාලික නවතා තබනු ලැබේ.

  • e-Counter/ m-Counter
  • SLP Mail
  • IPS/CDS
  • PSS (තැපැල් සංඛ්‍යා ලේඛණ පද්ධතිය)
  • BLMS (ඉඩම් හා ගොඩනැගිලි කළමනාකරණ පද්ධතිය)

එබැවින් ඉහත පද්ධති මගින් සිදුකරනු ලබන වාර්තා ලබාගැනීම් ආදිය එම කාලයට පෙර සිදුකර ගන්නා ලෙස ද 2026.03.14 දින ප.ව. 5.00න් පසු හා 2026.03.16 දින පෙ.ව. 8.00 වන තෙක් එම පද්ධතින් මගින් අදාල ගනුදෙනු ක්‍රියාත්මක කල නොහැකි බවද කාරුණිකව දන්වා සිටිමි.

තුසිත හුලංගමුව
නියෝජ්‍ය තැපැල්පති (සංවර්ධන)
Published on 2026-03-13


සියළුම ප්‍රධාන තැපැල් ස්ථානාධිපතිවරුන්/ තැපැල් ස්ථානාධිපතිවරුන් / උප තැපැල් ස්ථානාධිපතිවරුන් ,

අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් සඳහා ඉ සේවාවන් තාවතාලිකව නවතා තැබීම

අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් දෙපාර්තමේන්තු ඉ-සේවාවන් ක්‍රියාත්මක වන පහත සඳහන් පද්ධති 2026.03.07 දින ප.ව. 5.00 සිට 2026.03.09 දින පෙ.ව. 8.00 දක්වා තාවකාලික නවතා තබනු ලැබේ.

  • e-Counter/ m-Counter
  • SLP Mail
  • IPS/CDS
  • PSS (තැපැල් සංඛ්‍යා ලේඛණ පද්ධතිය)
  • BLMS (ඉඩම් හා ගොඩනැගිලි කළමනාකරණ පද්ධතිය)

එබැවින් ඉහත පද්ධති මගින් සිදුකරනු ලබන වාර්තා ලබාගැනීම් ආදිය එම කාලයට පෙර සිදුකර ගන්නා ලෙස ද 2026.03.07 දින ප.ව. 5.00න් පසු හා 2026.03.09දින පෙ.ව. 8.00 වන තෙක් එම පද්ධතින් මගින් අදාල ගනුදෙනු ක්‍රියාත්මක කල නොහැකි බවද කාරුණිකව දන්වා සිටිමි.

තුසිත හුලංගමුව
නියෝජ්‍ය තැපැල්පති (සංවර්ධන)
Published on 2026-03-07


සියළුම ප්‍රධාන තැපැල් ස්ථානාධිපතිවරුන්/ තැපැල් ස්ථානාධිපතිවරුන් / උප තැපැල් ස්ථානාධිපතිවරුන් ,

මැදපෙරදිග රටවල පවත්නා ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන්, විදේශීය තැපෑල බරපතල ලෙස ප්‍රමාද වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඊට අමතරව, යුරෝපීය සහ ඇමරිකානු ගමනාන්ත, එනම් ඔවුන්ගේ දිගු ගුවන් ගමන් වල මාර්ගස්ථ ඉහත රටවල ඇති බැවින්, ප්‍රමාදයන් අපේක්ෂා කෙරේ. එබැවින්, විදේශීය තැපැල් අයිතම ඉහත රටවල් වෙත භාර ගන්නා විට, සිදුවිය හැකි ප්‍රමාදයන් පිළිබඳව ඔබේ වටිනා ගනුදෙනුකරුවන් දැනුවත් කරන්න.

ஈரான், இஸ்ரேல் மற்றும் சுற்றியுள்ள அரபு நாடுகளில் நிலவும் மோதல் சூழ்நிலை காரணமாக, சர்வதேச அஞ்சல் சேவைகள் கடுமையான தாமதத்திற்குள்ளாகும் என்று எதிர்பார்க்கப்படுகிறது. அத்துடன் ஐரோப்பிய மற்றும் அமெரிக்க நாடுகளுக்கான நேரடியல்லாத விமான போக்குவரத்திற்கான பயணத் தூரங்களும் அதிகரிக்கும் என்பதால் மேலும் தாமதங்கள் ஏற்படலாம் என எதிர்பார்க்கப்படுகிறது. எனவே, அஞ்சலக கருமபீடங்களில் வெளிநாடுகளுக்கான அஞ்சல் பொருட்களை பாரமெடுக்கும் போது ​​சாத்தியமான தாமதங்கள் குறித்து உங்கள் மதிப்புமிக்க வாடிக்கையாளர்களுக்குத் தெரிவிக்கவும்

Due to the ongoing conflict situation in Iran, Israel and surrounding Arab countries, international mail is expected to be seriously delayed. In addition, delays are expected for European and American destinations, namely those with transit on their long flights. Therefore, when accepting international mail items to them, please inform your valued customers of possible delays.

නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්)
Published on 2026-03-03


සියළුම ප්‍රධාන තැපැල් ස්ථානාධිපතිවරුන්/ තැපැල් ස්ථානාධිපතිවරුන් / උප තැපැල් ස්ථානාධිපතිවරුන් ,

අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් දෙපාර්තමේන්තු ඉ-සේවාවන් ක්‍රියාත්මක වන පහත සඳහන් පද්ධති 2026.02.28 දින ප.ව. 5.00 සිට 2026.03.03 දින පෙ.ව. 8.00 දක්වා තාවකාලික නවතා තබනු ලැබේ.
  • e-Counter/ m-Counter
  • SLP Mail
  • IPS/CDS
  • PSS
  • BLMS
එබැවින් ඉහත පද්ධති මගින් සිදුකරනු ලබන වාර්තා ලබාගැනීම් ආදිය එම කාලයට පෙර සිදුකර ගන්නා ලෙස ද 2026.02.28 දින ප.ව. 5.00න් පසු හා 2026.03.03දින පෙ.ව. 8.00 වන තෙක් එම පද්ධතින් මගින් අදාල ගනුදෙනු ක්‍රියාත්මක කල නොහැකි බවද කාරුණිකව දන්වා සිටිමි

නියෝජ්‍ය තැපැල්පති (සංවර්ධන)
Published on 2026-02-28


සියළුම ප්‍රධාන තැපැල් ස්ථානාධිපතිවරුන්/ තැපැල් ස්ථානාධිපතිවරුන් / උප තැපැල් ස්ථානාධිපතිවරුන් ,

2026 පෙබරවාරි 23 දින සිට ශ්‍රි ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් ඇමරිකා එක්සත් ජනපදය වෙත Delivered Duty Paid (DDP) හරහාතැපැල් භාණ්ඩ භාර ගැනීම අරම්භ කරනු ලැබේ.

இலங்கை அஞ்சல் திணைக்களத்தினால் ஜக்கிய அமெரிக்காவிற்கான வரிசெலுத்தப்பட்ட ஒப்படைப்புச்சேவையின் கீழ் (Delivery Duty Paid (DDP) ) 2026 பெப்ரவரி 23 ஆம் திகதி முதல் அஞ்சல் பொருட்கள் பாரமெடுக்கப்படும்.

The Department of Posts, Sri Lanka will commence accepting postal items to the United States of America via the Delivered Duty Paid (DDP) servicewith effect from February 23, 2026

Click here to download circular in Sinhala

නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්)
Published on 2026-02-19


සියළුම ප්‍රධාන තැපැල් ස්ථානාධිපතිවරුන්/ තැපැල් ස්ථානාධිපතිවරුන් / උප තැපැල් ස්ථානාධිපතිවරුන් ,

IPS /CDS පද්ධතිය හදිසි තාක්ෂණික දෝශයක් හේතුවෙන් 2026-02-26 දින ප.ව 01.00 සිට තාවකාලිකව අක්‍රිය කර ඇත. යථා තත්වයට පත්කළ විගස මේ පිළිබඳ දැනුම් දෙනු ලැබේ.

නියෝජ්‍ය තැපැල්පති (සංවර්ධන)
Published on 2026-02-26


සියළුම ප්‍රධාන තැපැල් ස්ථානාධිපතිවරුන්/ තැපැල් ස්ථානාධිපතිවරුන් / උප තැපැල් ස්ථානාධිපතිවරුන් ,

අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් දෙපාර්තමේන්තු ඉ-සේවාවන් ක්‍රියාත්මක වන පහත සඳහන් පද්ධති 2026.02.21 දින ප.ව. 5.00 සිට 2026.02.23 දින පෙ.ව. 8.00 දක්වා තාවකාලික නවතා තබනු ලැබේ.
  • e-Counter/ m-Counter
  • SLP Mail
  • IPS/CDS
  • PSS
  • BLMS
එබැවින් ඉහත පද්ධති මගින් සිදුකරනු ලබන වාර්තා ලබාගැනීම් ආදිය එම කාලයට පෙර සිදුකර ගන්නා ලෙස ද 2026.02.21 දින ප.ව. 5.00න් පසු හා 2026.02.23දින පෙ.ව. 8.00 වන තෙක් එම පද්ධතින් මගින් අදාල ගනුදෙනු ක්‍රියාත්මක කල නොහැකි බවද කාරුණිකව දන්වා සිටිමි

නියෝජ්‍ය තැපැල්පති (සංවර්ධන)
Published on 2026-02-21


සියළුම ප්‍රධාන තැපැල් ස්ථානාධිපතිවරුන්/ තැපැල් ස්ථානාධිපතිවරුන් / උප තැපැල් ස්ථානාධිපතිවරුන් ,

ඇමෙරිකා එක්සත් ජනපදයට බලපා ඇති දැඩි ශීත කාලගුණය හේතුවෙන් පවතින අධික හිමපතනය හා කුණාටු සහිත කාලගුණික තත්වය නිසා ඇමෙරිකා එක්සත් ජනපදය වෙත යවන තැපැල් භාණ්ඩ එරට තුල බෙදා හැරීමේදී ප්‍රමාදයන් සිදුවීිමට ඉඩ ඇති බව පාරිභෝගිකයන් දැනුවත් කර තැපැල් භාණ්ඩ භාර ගන්නා ලෙස සියළුම කවුුළු නිළධාරීන් දැනුවත් කරන්න

නියෝජ්‍ය තැපැල්පති (සංවර්ධන)
Published on 2026-02-03


සියළු තැපැල් ස්ථානාධිපතිවරුන් සහ කාර්ය මණ්ඩලය වෙත

විදේශ තැපැල් මළු වැසීම සඳහා බාර්කෝඩ් ලේබල් සහිත කර ලේබල් (Neck Lable) භාවිතය

Click here to download circular in Sinhala

නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්)
Published on 2026-01-26


සියළු තැපැල් ස්ථානාධිපතිවරුන් සහ කාර්ය මණ්ඩලය වෙත

විදේශ ලියාපදිංචි තැපැල් භාණ්ඩ (goods) භාර ගැනීම අත්හිටුවීම.

විශ්ව තැපැල් සංගමය විසින් සාමාජික රටවල් සඳහා විශ්ව තැපැල් සංගම් චක්‍රෙල්ඛ 107 මඟින් දැනුම් දී ඇති පරිදි 2026-01-01 දින සිට ක්‍රියාත්මක වන පරිදි සියළුම රටවල් සඳහා භාරගනු ලබන විදේශ ලියාපදිංචි අයිතමන් හි අන්තර්ගත විය යුතු වන්නේ ලිපි ද්‍රව්‍ය පමණි..
Click here to download circular in Sinhala
Click here to download circular in Tamil

එස්.ආර්.ඩබ්ලිව්.එම්.ආර්.පී සත්කුමාර
තැපැල්පති
Published on 2025-12-30

සියළුම ප්‍රධාන / කාර්‍යභාර තැපැල් / උප තැපැල් ස්ථානාධිපතිවරුන්

ඇමරිකා එක්සත් ජනපදය (USA) වෙත 2025වසර අවසානයේ ‍යැවෙනවිදේශ තැපෑල එම රටට භාර ගැනීම හා බෙදා හැරීම

ඇමරිකානු එක්සත් ජනපද තැපැල් පරිපාලනයවිසින් IB චක්‍රෙල්ඛ අංක 177/2025 මගින් 2025 නත්තල් උත්සව සමය ඉලක්ක කර ඇමරිකානු එක්සත් ජනපදය වෙත යොමු කරන තැපැල් භාණ්ඩ සම්බන්ධයෙන් පහත දින වලට පෙර අදාළ තැපැල් භාණ්ඩ එරටට යොමු කරන මෙන් දන්වා ඇත.

Surface mail/S.A.L. ලිපි තැපැල් සහ පාර්සල් - 2025 දෙසැම්බර් 17
ගුවන් ලිපි තැපැල් සහ පාර්සල් - 2025 දෙසැම්බර් 18
EMS අයිතම- 2025 දෙසැම්බර් 19


ඒ අනුව තැපැල් කාර්යාලකවුළු මගින්ඇමරිකා එක්සත් ජනපදය වෙත නත්තල් තැපැල් භාණ්ඩ භාර ගැනීමේ දීපහතඋපදෙස් පරිදි කටයුතු කරන ලෙස දැනුම් දෙමි.

  1. ඇමරිකා එක්සත් ජනපදය විසින් පනවන ලද නව බදු ප්ර තිපත්ති අනුව තැපැල් මඟින් යැවිය හැක්කේ ලිපි ලේඛන හා 100USD අඩු සත්යව තෑගි (Genuine Gift) කාණ්ඩයට අයත් තැපැල් භාණ්ඩ පමණි..
  2. ඇමරිකා එක්සත් ජනපදයවෙත ගුවන් තැපෑල (ලිපි තැපෑල හා පාර්සල් තැපෑල) 2025 දෙසැම්බර් 12 දක්වා භාර ගත යුතු ය.
  3. ඇමරිකා එක්සත් ජනපදයවෙතEMS අයිතම 2025 දෙසැම්බර් 15 දක්වා භාර ගැනීම සිදු කල යුතු ය.

එමෙන්ම නත්තල් උත්සව සමය නිමිති කර ගනිමින් අනෙකුත් බටහිර රටවල් සඳහාද තැපැල්භාණ්ඩ භාර ගැනීමේ දී ජාත්‍යන්තර තැපැල් මෙහෙයුම් කටයුතු වල කාර්යබහුලත්වය මතහා බටහිර රටවලට ශීත ඍතුව උදා වීම නිසා ප්‍රවාහනයේදී හා රාජකාරී කාලය අඩු වීම නිසායම් ප්‍රමාදයන් ඇති විය හැකි බව අපගේ පාරිභෝගිකයන් වෙත දැනුවත් කර භාණ්ඩ භාර ගන්නා මෙන් කාරුණිකව දන්වා සිටිමි.

click here to view in Tamil
click here to view in English

එච්.එම්.ප්‍රේමචන්ද්‍ර හේරත්
නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්)
Published on 2025-12-09


සියලුම ප්‍රධාන / කාර්යභාර තැපැල් / උප තැපැල් ස්ථානාධිපතිවරුන් වෙත,

2025.12.03 දින ප.ව. 12.30 ට පැවැත්වීමට නියමිතව තිබූ තැපැල් සේවා නිලධාරී III ශ්‍රේණිය (සීමිත) බඳවා
ගැනීමට අදාල සම්මුඛ පරීක්ෂණය එදින නොපැවැත්වෙන අතර එය පැවැත්වෙන දිනය ඉදිරියේදී දැනුම් දෙනු ලබන බව කාරුණිකව දන්වමි.
ඒ සම්බන්ධයෙන් උප තැපැල් ස්ථානාධිපතිවරුන් සහ නිල ඇඳුම් සේවකයන් දැනුවත් කරන්න.

චමිෂා ද සිල්වා
නියෝජ්‍ය තැපැල්පති (පාලන)
Published on 2025-12-02


සියලුම ප්‍රධාන / කාර්යභාර තැපැල් ස්ථානාධිපතිවරුන් වෙත,

මහා භාණ්ඩාගාරයේ සමීක්ෂණ මණ්ඩලයක් මඟින් මුද්දර අංශය භාරයේ ඇති මුද්දර හා මුද්දර මුද්‍රිත ලිපි ද්‍රව්‍ය පිළිබඳ කෙරෙන සමීක්ෂණය 2026/01/01 ආරම්භ වේ. එබැවින් මුද්දර අංශයෙන් මුද්දර හා මුද්දර මුද්‍රිත ලිපි ද්‍රව්‍ය නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවන බැවින් සාමාන්‍ය මුද්දර ඉන්ඩෙන්ට් පත්‍ර 2025.12.03 දක්වාද මුද්දර අග්‍රිමයෙන් 40% දක්වා විශේෂ මුද්දර ඉන්ඩෙන්ට් පත‍්‍ර 2025.12.10 දක්වාද මුද්දර මොඩියුලය හරහා ඉල්ලුම් කරන ලෙස සියළුම කාර්යභාර තැපැල් ස්ථානාධිපතිවරුන්ට කාරුණිකව දන්වමි.



ආර්. එම්. බී. එන් වරාගොඩ
ගණකාධිකාරි (මුද්දර)
Published on 2025-12-02


සියළු තැපැල් ස්ථානාධිපතිවරුන් සහ කාර්ය මණ්ඩලය වෙත

ලිපි ද්‍රව්‍ය අංශයේ සහ පෝරම ගබඩාව අංශයේ වාර්ෂික ගබඩා සමීක්ෂණය පැවැත්වීම සඳහා ලිපි ද්‍රව්‍ය අංශයේ සහ පෝරම ගබඩාවේ බඩු බාහිරාදිය සූදානම් කිරීම සඳහා 2025-12-16 දින සිට 2025-12-31 දින දක්වා ගබඩා දෙක වසා තැබේ.

එච්.එම්.ප්‍රේමචන්ද්‍ර හේරත්
නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්)
Published on 2025-11-25


සියළුම ප්‍රධාන / කාර්‍යභාර තැපැල් / උප තැපැල් ස්ථානාධිපතිවරුන් / சகல பிரதான/ பொறுப்பு/ உப அஞ்சல் அதிபர்களுக்கும்./All Chief/In-Charge/Sub Postmasters

කැනඩා තැපැල් පරිපාලනයේ 2025-09-25 දින සිට පැවති වර්ජනය අවසන් වී ඇති හෙයින්, කැනඩාව වෙත තැපැල් භාණ්ඩ භාර ගැනීම පෙර නිකුත් කර ඇති උපදෙස් වලට අනුකූලව සාමාන්‍ය පරිදි සිදු කරන්න

එච්.එම්.ප්‍රේමචන්ද්‍ර හේරත්
නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්)
Published on 2025-10-21


සියළුම ප්‍රධාන / කාර්‍යභාර තැපැල් / උප තැපැල් ස්ථානාධිපතිවරුන් / சகல பிரதான/ பொறுப்பு/ உப அஞ்சல் அதிபர்களுக்கும்./All Chief/In-Charge/Sub Postmasters

ඇමරිකා එක්සත් ජනපදය විසින් හඳුන්වාදෙන ලද නව තීරු බදු ප්‍රතිපත්තිය සම්බන්ධ ගැටළුව නිරාකරණය වෙන තෙක් ඇමරිකා එක්සත් ජනපදය වෙත යවනු ලබන තැපැල් භාණ්ඩ භාර ගැනීම තාවකාලිකව නතර කර ඇත.
මේ සම්බන්ධයෙන් පාරිභෝගිකයන් දැනුවත් කිරීමට කටයුතු කරන්න.

ஐக்கிய அமெரிக்காவினால் அறிமுகப்படுத்தப்பட்டுள்ள இவ்வரிக் கொள்கை தொடர்பான பிரச்சினை தீர்க்கப்படும் வரை, ஐக்கிய அமெரிக்காவிற்கு அனுப்பப்படும் அஞ்சல் பொருட்கள் ஏற்றுக்கொள்வது தற்காலிகமாக நிறுத்தப்பட்டுள்ளது.
இது குறித்து வாடிக்கையாளர்களுக்குத் தெரிவிக்க நடவடிக்கை எடுக்கவும்.

තුසිත හුලංගමුව
නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම් - වැ.බ)
Published on 2025-09-10



Published on 2025-08-16



සියළුම ප්‍රධාන / කාර්‍යභාර තැපැල් ස්ථානාධිපතිවරුන් වෙත

e-Counter පද්ධතියේ පවත්නා තාක්ෂණික දෝෂය නිරාකරනය කරමින් පවතී. 2025.08.04 දින e-Counter පද්ධතියේ දෛනික වාර්තා ලබාගත නොහැකිව දෛනික ගිණුම් සකස් නොකල සියළුම තැපැල් ස්ථානාධිපතිවරුන් e-Counter වාර්තා ගිණුමට නොගෙන ගිණුම් සකස් කිරීමට කටයුතු කරන්න.
e-Counter _පද්ධතිය සක්‍රිය වු පසු_ 2025.08.02 දින 15:00:01 සිට ජනනය කරන වාර්තා පදනම් කරගනිමින් ගිණුම් සකස් කිරීමට කටයුතු කරන්න. මේ හේතුවෙන් කාර්යාලවල මුදල් රඳවා ගැනිමක් සිදු නොකරන දන්වමි. භාවිතයෙන් ගනු දෙනු සිදු කිරීමට හැක.

2025/08/04 දින නිකුත් කළ මෙම නිල සේවා පණිවුඩයේ මුද්‍රිත පිටපතක් ලබාගෙන විගණන සහ විමර්ෂණ අවශ්‍යතා සඳහා ගිණුම්කරන දිනයේ දෛනික මුදල් ගිණුම සමඟ යාකර තබාගන්න.

තුසිත හුලංගමුව
නියෝජ්‍ය තැපැල්පති (සංවර්ධන)
Published on 2025-08-04 3.25 pm


සියළුම ප්‍රධාන / කාර්‍යභාර තැපැල් / උප තැපැල් ස්ථානාධිපතිවරුන් / சகல பிரதான/ பொறுப்பு/ உப அஞ்சல் அதிபர்களுக்கும்./All Chief/In-Charge/Sub Postmasters

Tracked Delivery සේවාවට අයත් තැපැල් භාණ්ඩවලදත්ත තොරතුරු පද්ධතියට ඇතුළත් කිරීම.

එච්.එම්.ප්‍රේමචන්ද්‍ර හේරත්
නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්)
Published on 2025-07-22


සියළුම ප්‍රධාන / කාර්‍යභාර තැපැල් / උප තැපැල් ස්ථානාධිපතිවරුන් / சகல பிரதான/ பொறுப்பு/ உப அஞ்சல் அதிபர்களுக்கும்./All Chief/In-Charge/Sub Postmasters

ශ්‍රි ලංකා රජයේ 1919 SMS Gateway සේවාව යථා තත්වයට පත් කර ඇති බැවින්, m-ePay හා m-Counter සේවාවන් භාවිතා කරන උප තැපැල් කාර්යාල වලට පෙරදී භාවිතා කල SMS ක්‍රමයෙන් හෝ මෙම ගැටළුව ඇති වූ විට විකල්ප ක්‍රමයක් ලෙස භාවිතා කල smartphone ක්‍රමය යන ක්‍රම 2 න් ඔබට පහසු *එක් ක්‍රමයක්* භාවිතයෙන් ගනු දෙනු සිදු කිරීමට හැක.

இலங்கை அரசாங்கத்தின் 1919 SMS Gateway சேவை தற்போது மீட்டெடுக்கப்பட்டுள்ளதால், m-ePay மற்றும் m-Counter சேவைகளைப் பயன்படுத்தும் உப அஞ்சல் அலுவலகங்களுக்குத், முன்னர் பயன்படுத்தப்பட்ட SMS முறையைப் பயன்படுத்தியோ அல்லது இப்பிரச்சினையின் போது, ​​மாற்று முறையாகப் பயன்படுத்தப்பட்ட ஸ்மார்ட்போன் முறை ஆகிய இரு முறைகளில் உங்களுக்குப் பரிச்சயமான ஒரு முறையை மட்டும் பயன்படுத்தி பரிவர்த்தனைகளை மேற்கொள்ள முடியும்.

තුසිත හුලංගමුව
නියෝජ්‍ය තැපැල්පති (සංවර්ධන)
Published on 2025-07-09


සියළුම ප්‍රධාන / කාර්‍යභාර තැපැල් / උප තැපැල් ස්ථානාධිපතිවරුන් / சகல பிரதான/ பொறுப்பு/ உப அஞ்சல் அதிபர்களுக்கும்./All Chief/In-Charge/Sub Postmasters

ශ්‍රී ලංකා රජයේ 1919 SMS Gateway සේවාව තාවකාලිකව ක්‍රියා විරහිත වීම හේතුවෙන්, M-ePay සහ m-Counter සේවාවන් භාවිතා කරන උප තැපැල් කාර්යාලවලට දැනට එම සේවාවන් ලබා ගැනීම අපහසුය.
📱නමුත්, අපගේ ගණුදෙනු කරුවන් වෙත අඛණ්ඩ සේවාවක් ලබා දිය යුතු බැවින්, ඔබ smartphone එකක් භාවිතා කරන්නේ නම්, විකල්ප ක්‍රම ඔස්සේ eService ගනුදෙනු සිදුකිරීම හැකිය.
SMS ක්‍රමයෙන් smartphone ක්‍රමයට මාරු වීමට හැකියාවක් ඇති උප තැපැල් කාර්යාල කාර්යය මණ්ඩලය, කරුණාකර ඔබේ ප්‍රාදේශීය තොරතුරු තාක්ෂණ සම්බන්ධීකරණ නිලධාරි හෝ මූලස්ථාන තොරතුරු තාක්ෂණ අංශය අමතන්න. සියළුම පාලන කාර්යාල තැපැල් ස්ථානාධිපතිවරුන් තමන්ගේ පාලිත උ.තැ.ස්ථා.වරුන්ට මෙකී කාර්‍යය ඉටු කර ගැනීම සදහා සහයෝගය ලබාදෙන්න.

Due to the temporary downtime of the Sri Lanka Government Gateway(1919), services such as M-ePay and m-Counter used in Sub Post Offices are currently not functioning via SMS. Therefore, eService transactions cannot be completed through basic phones.
📱 However, As we need to provide continues services to our customers, it is possible to carry out transactions using a alternative method if you have a smart phone with you.
If any Sub Post Office wishes to switch from SMS to smartphone-based access, please contact the ICT Division or your respective ITRC Officer for guidance and setup. We kindly request all the PMs of controling Post Offices give your fullest support in this regard.

තුසිත හුලංගමුව
නියෝජ්‍ය තැපැල්පති (සංවර්ධන)
Published on 2025-07-07


සියළුම ප්‍රධාන / කාර්‍යභාර තැපැල් / උප තැපැල් ස්ථානාධිපතිවරුන් / சகல பிரதான/ பொறுப்பு/ உப அஞ்சல் அதிபர்களுக்கும்./All Chief/In-Charge/Sub Postmasters

1919 sms සේවාවේ ඇතිවූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් අද දින(2025.07.03) mCounter හා mepay ගනුදෙනු සිදුකිරීමේදී ගැටලු සිදු වී ඇත.
එබැවින් උප තැපැල් කාර්යාලවල අද දින දෛනික ගිණුම් තුලනය කිරීමට පෙර, පාලන කාර්යාල අමතා ගිණුම්ගත වී ඇති ගනුදෙනු පිළිබඳව තහවුරුවක් ලබාගෙන ඒ අනුව කටයුතු කරන්න.

1919 SMS சேவையில் ஏற்பட்ட தொழில்நுட்ப கோளாறு காரணமாக, இன்று (2025.07.03) mCounter மற்றும் mepay பரிவர்த்தனைகளில் சிக்கல்கள் ஏற்பட்டுள்ளன.
எனவே, இன்றைய உப அஞ்சல் அலுவலகங்களின் தினசரி கணக்குகளைச் சீர் செய்வதற்கு முன், கட்டுப்பாட்டு அலுவலகங்கள் மூலம் பதிவு செய்யப்பட்ட பரிவர்த்தனைகளின் உறுதிப்படுத்தலைப் பெற்று அதற்கேற்ப செயல்படுமாறு வேண்டிக் கொள்ளப்படுகிறீர்கள்.

තුසිත හුලංගමුව
නියෝජ්‍ය තැපැල්පති (සංවර්ධන)
Published on 2025-07-03


සියළුම ප්‍රධාන / කාර්‍යභාර තැපැල් / උප තැපැල් ස්ථානාධිපතිවරුන් / சகல பிரதான/ பொறுப்பு/ உப அஞ்சல் அதிபர்களுக்கும்./All Chief/In-Charge/Sub Postmasters

ඊශ්‍රායලය සහ රුසියාව වෙත යවන සියළුම ගුවන් තැපැල් භාණ්ඩ (ලිපි/ පාර්සල්/ EMS) ප්‍රමාදයකට ලක් විය හැක. මේ සම්බන්ධයෙන් පාරිභෝගිකයින් දැනුවත් කිරීමට කටයුතු කරන්න.

එච්.එම්.ප්‍රේමචන්ද්‍ර හේරත්
නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්)
Published on 2025-05-19


සියළුම ප්‍රධාන / කාර්‍යභාර තැපැල් / උප තැපැල් ස්ථානාධිපතිවරුන් / சகல பிரதான/ பொறுப்பு/ உப அஞ்சல் அதிபர்களுக்கும்./All Chief/In-Charge/Sub Postmasters

පකිස්තානය වෙත දැනට ගුවන් ගමන් තාවකාලිකව නතර කිරීම හා එරට මතුවෙමින් පවත්නා අයහපත් වාතාවරණය හේතුවෙන් පකිස්තාන තැපැල් පරිපාලනය වෙත යවන සියළුම ගුවන් තැපැල් භාණ්ඩ (ලිපි/ පාර්සල්/ EMS) ප්‍රමාදයකට ලක් විය හැක. මේ සම්බන්ධයෙන් පාරිභෝගිකයින් දැනුවත් කිරීමට කටයුතු කරන්න.

பாகிஸ்தானுக்கான விமானப்போக்குவரத்து தற்காலிகமாக இடைநிறுத்தப்பட்டுள்ளமை மற்றும் தற்போது அந்நாட்டில் நிலவும் அசாதாரண சூழ்நிலை காரணமாக, பாகிஸ்தான் அஞ்சல் நிர்வாகத்திற்கு அனுப்பப்படும் அனைத்து வான்வழி அஞ்சல் பொருட்களும் (கடிதங்கள்/பார்சல்கள்/EMS) தாமதத்திற்குட்பட வாய்ப்புள்ளது. இவ்விடயம் தொடர்பில் வாடிக்கையாளர்களை தெளிவுபடுத்த நடவடிக்கை எடுக்கவும்

එච්.එම්.ප්‍රේමචන්ද්‍ර හේරත්
නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්)
Published on 2025-05-14


සියළුම ප්‍රධාන / කාර්‍යභාර තැපැල් / උප තැපැල් ස්ථානාධිපතිවරුන් / சகல பிரதான/ பொறுப்பு/ உப அஞ்சல் அதிபர்களுக்கும்./All Chief/In-Charge/Sub Postmasters

ඉතාලිය සහ ෆින්ලන්තය යන රටවල් වෙත යවන ගුවන් තැපැල් භාණ්ඩ ප්‍රමාදයට ලක්වීම

ඉතාලිය සහ ෆින්ලන්තය යන රටවල් වෙත යවන ගුවන් තැපැල් භාණ්ඩ එම රටවල රේගුව විසින් රඳවා ගැනීම හේතුවෙන් ප්‍රමාදයට ලක්වන බව එම රටවල් විසින් දන්වා ඇත. මේ සම්බන්ධයෙන් පාරිභෝගිකයින් දැනුවත් කිරීමට කටයුතු කරන්න

இத்தாலி மற்றும் பின்லாந்துக்கு அனுப்பப்படும் வான்வழி அஞ்சற்பொருட்கள் அந்நாட்டு சுங்கத்தினரால் தடுத்து வைக்கப்படுவதால் தாமதத்திற்கு உள்ளாவதாக அந்நாடுகள் அறிவித்துள்ளன. இவ்விடயம் தொடர்பில்  வாடிக்கையாளர்களை தெளிவுபடுத்த நடவடிக்கை எடுக்கவும்.

එච්.එම්.ප්‍රේමචන්ද්‍ර හේරත්
නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්)
Published on 2025-04-30


සියළු තැපැල් නිළධාරී කාර්ය මණ්ඩලය වෙත.

තැපැල් දෙපාර්තමේන්තු නිල විද්‍යුත් තැපැල් ලිපින (Zimbre - mail@slpost.lk) සපයන පද්ධතියේ හදිසි බිඳවැටීමක් සිදුව ඇති හෙයින් එම විද්‍යුත් තැපැල් ලිපින භාවිතය වෙනුවට විකල්ප ක්‍රමවේද භාවිතා කරන ලෙස කාරුණිකව දන්වමි.

01. තැපැල් කාර්යාල සහ තැපැල් කාර්යාල අතර - Q-MaS මෘදුකාංගය ඔස්සේ පණිවුඩ හුවමාරු කිරීම

02. තැපැල් කාර්යාල සහ පාලන කාර්යාල අතර - Q-MaS මෘදුකාංගය ඔස්සේ පණිවුඩ හුවමාරු කිරීම

03. තැපැල් කාර්යාල / පාලන කාර්යාල සහ වෙනත් බාහිර පාර්ශ්ව අතර - විධිමත් විද්‍යුත් තැපැල් ලිපින නැවත ලබා දෙන තෙක් වෙනත් ලිඛිත සන්නිවේදන ක්‍රම යොදා ගැනීම

04. පාලන කාර්යාල සහ මූලස්ථානය අතර - නිලධාරියාගේ පෞද්ගලික විද්‍යුත් තැපැල් ලිපිනයෙන් ඉදිරිපත් කිරීම.

05. මූලස්ථාන මාණ්ඩලික නිලධාරීන් වෙත සපයා ඇති ඇති Gmail අතුරු මුහුණතින් ඇතුළත්ව භාවිතා කරන @slpost.lk විද්‍යුත් තැපැල් ලිපින සහ info@slpost.lk, info.it@slpost.lk, stamps@slpost.lk, info.ips@slpost.lk, ebtm@slpost.lk, sdunit@slpost.lk, scme@slpost.lk, as.fgn@slpost.lk, speedpost@slpost.lk අක්‍රියවී නොමැත.

තුසිත හුලංගමුව
නියෝජ්‍ය තැපැල්පති (සංවර්ධන)
Published on 2025-03-25


සියළුම ප්‍රධාන / කාර්‍යභාර තැපැල් / උප තැපැල් ස්ථානාධිපතිවරුන් / சகல பிரதான/ பொறுப்பு/ உப அஞ்சல் அதிபர்களுக்கும்.

රුසියානු තැපැල් පරිපාලනය වෙත ගුවන් තැපැල් ප්‍රවාහනය 2025-03-19 දින සිට නැවත ක්‍රියාත්මක වේ. මේ සම්බන්ධයෙන් කාර්ය මණ්ඩලය හා පාරිභෝගිකයින් දැනුවත් කිරීමට කටයුතු කරන්න

එච්.එම්.ප්‍රේමචන්ද්‍ර හේරත්
නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්)
Published on 2025-03-18


සියළුම ප්‍රධාන / කාර්‍යභාර තැපැල් / උප තැපැල් ස්ථානාධිපතිවරුන් / சகல பிரதான/ பொறுப்பு/ உப அஞ்சல் அதிபர்களுக்கும்./All Chief/In-Charge/Sub Postmasters

Dispatching COD and SLPOST COURIER to the destination

COD සහ SLPOST COURIER භාණ්ඩ ගමනාන්ත කාර්යාල වෙත පිටත් කිරීම
Please use the following link to dowload the circular
click here - Link

එස්.ආර්.ඩබ්ලිව්.එම්.ආර්.පී සත්කුමාර
තැපැල්පති
Published on 2025-02-19



2025 වසරේ එක්දින සංඛ්‍යාලේඛන ගණන් ගැනීමේ දිනයන්-

Dates for Counting One-Day statics in the Year 2025.

Year-2025-Data Entry Schedule

Month Date Month Date
January/ජනවාරි 20th Monday/සඳුදා July/ජූලි 19th Saturday /සෙනසුරාදා
February/පෙබරවාරි 18th Tuesday/අඟහරුවාදා August/අගෝස්තු 29th Friday/සිකුරාදා
March/මාර්තු 12th Wednesday/ බදාදා September/සැප්තැම්බර් 25th Thursday/බ්‍රහස්පතින්දා
April/අප්‍රේල් 03rd Thursday /බ්‍රහස්පතින්දා October/ඔක්තෝබර් 15th Wednesday/ බදාදා
May/මැයි 09th Friday/සිකුරාදා November/නොවැම්බර් 11th Tuesday /අඟහරුවාද
June/ජුනි 14th Saturday/සෙනසුරාදා December/දෙසැම්බර් 01st Monday/සඳුදා

2025 වර්ෂයේ එක්දින ගණන් ගැනීම හා මාසික කවුළු සංඛ්‍යාලේඛන ඇතුළත් කිරීම සඳහා පහත සඳහන් සබඳතාවය භාවිතා කරන්න.
Please use the following link to one-day statics and enter the monthly counter statics for the year 2025
click here - Link

Considerations/සැලකිය යුතුයි - .

  1. If the same data has been entered twice, it should be informed to the Planning and Development Division for correction.
    එකම දත්තය දෙවරක් ඇතුළත් කර ඇති නම් එය නිවැරදි කිරීම සඳහා සැලසුම් හා සංවර්ධන අංශයට දැනුවත් කළ යුතුයි.
  2. There is no need to send the completed PSMI 22 form to our division in the future.
    මින් ඉදිරියට සම්පූර්ණ කරන ලද PSMI-22 ආකෘති පත්රම අප අංශය වෙත එවීම අවශ්යv නැත.


තුසිත හුලංගමුව
නියෝජ්‍ය තැපැල්පති (සංවර්ධන)
Published on 2025-01-17


සියළුම ප්‍රධාන / කාර්‍යභාර තැපැල් / උප තැපැල් ස්ථානාධිපතිවරුන්

சகல பிரதான/ பொறுப்பு/ உப அஞ்சல் அதிபர்களுக்கும்.

List of prohibited and restricted articles/ තහනම් හා සීමාවන් පනවා ඇති භාණ්ඩ ලැයිස්තුව/

தடைசெய்யப்பட்ட மற்றும் வரையறைகளுக்குட்பட்ட பொருட்களின் பட்டியல்

එච්.එම්.ප්‍රේමචන්ද්‍ර හේරත්
නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්)
Published on 2024-12-24

-

සියළුම ප්‍රධාන / කාර්‍යභාර තැපැල් / උප තැපැල් ස්ථානාධිපතිවරුන් / சகல பிரதான/ பொறுப்பு/ உப அஞ்சல் அதிபர்களுக்கும்.

කැනඩාව වෙත ගුවන් තැපෑල භාර ගැනීම නැවත ආරම්භ කිරීම - නිවේදනය සිංහල

கனடா நாட்டுக்கான விமான மூல அஞ்சல் பொருட்கள் ஏற்றுக்கொள்வதை மீ ண்டும் ஆரம்பித்தல் - தமிழ்

එච්.එම්.ප්‍රේමචන්ද්‍ර හේරත්
නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්)
Published on 2024-12-23


සියළුම ප්‍රධාන / කාර්‍යභාර තැපැල් / උප තැපැල් ස්ථානාධිපතිවරුන්

COD ඇතුළත් නොකළ බෙදීම් දත්ත ඇතුළත් කිරීම

තැපැල්පති චක්‍රලේඛ අංක 27 / 2024 අනුව තැපැල් / උප තැපැල් කාර්යාල විසින් ඇතුළත් නොකළ සියළු COD බෙදීම් දත්ත 2024-12-31 දිනට පෙර ඇතුළත් කර අවසන් කළ යුතු ය.

  • චක්‍රලේඛ සබැඳිය Sinhala
  • මෙම කාර්යය නොපමාව ඉටු කරන ලෙස අවධාරණය කරමි.


තුසිත හුලංගමුව
නියෝජ්‍ය තැපැල්පති (සංවර්ධන)
Published on 2024-12-19

සියළුම ප්‍රධාන / කාර්‍යභාර තැපැල් / උප තැපැල් ස්ථානාධිපතිවරුන්

ඇමරිකා එක්සත් ජනපදය (USA) වෙත 2024 වසර අවසානයේ ‍යැවෙනවිදේශ තැපෑල එම රටට භාර ගැනීම හා බෙදා හැරීම

ඇමරිකානු එක්සත් ජනපද තැපැල් පරිපාලනයවිසින් IB චක්‍රෙල්ඛ අංක 180/2024 මගින් 2024 නත්තල් උත්සව සමය ඉලක්ක කර ඇමරිකානු එක්සත් ජනපදය වෙත යොමු කරන තැපැල් භාණ්ඩ සම්බන්ධයෙන් පහත දින වලට පෙර අදාළ තැපැල් භාණ්ඩ එරටට යොමු කරන මෙන් දන්වා ඇත.

ගුවන්/මුහුදු ලිපි තැපැල් සහ පාර්සල් - 2024 දෙසැම්බර් 18
EMS අයිතම- 2024 දෙසැම්බර් 21


ඒ අනුව තැපැල් කාර්යාලකවුළු මගින් ඇමරිකානු එක්සත් ජනපදය වෙත 2024.12.31 දක්වා තැපැල් භාණ්ඩ භාර ගැනීමේ දී පහත උපදෙස් පරිදි කටයුතු කරන ලෙස දැනුම් දෙමි.

  1. දෙසැම්බර් මාසයේ ඇමරිකා එක්සත් ජනපදය සඳහා මුහුදු තැපෑල භාරගැනීම නොකල යුතු ය.
  2. ඇමරිකා එක්සත් ජනපදය වෙත ගුවන් තැපෑල(ලිපි තැපෑල හා පාර්සල් තැපෑල) 2024 දෙසැම්බර් 12 දක්වා භාර ගත යුතු ය 2024දෙසැම්බර් 13 සිට  2024 දෙසැම්බර් 31 දක්වා මෙම රටට ගුවන් තැපෑල භාර ගැනීම තාවකාලිකව අත්හිට විය යුතු ය.
  3. ඇමරිකා එක්සත් ජනපදයවෙත EMS අයිතම 2024 දෙසැම්බර්15 දක්වා භාර ගැනීම සිදු කල යුතුය 2024දෙසැම්බර් 16 සිට 2024 දෙසැම්බර් 31 දක්වා මෙම රටට EMS අයිතම භාර ගැනීම තාවකාලිකව අත්හිට විය යුතු ය.

එමෙන්ම නත්තල් උත්සව සමය නිමිති කර ගනිමින් අනෙකුත් බටහිර රටවල් සඳහාද තැපැල්භාණ්ඩ භාර ගැනීමේ දී ජාත්යින්තර තැපැල් මෙහෙයුම් කටයුතු වල කාර්යබහුලත්වය මත යම් ප්‍රමාදයන් සාමාන්‍ය ඇති විය හැකි බව අපගේ පාරිභෝගිකයන් වෙතදැනුම් දෙන මෙන් දන්වාසිටිමි. 2025.01.01 දින සිට ඇමරිකා එක්සත් ජනපදය වෙත ඇති සියළුම තැපැල් සේවාවන් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව තවදුරටත් දැනුම් දෙමි.

එච්.එම්.ප්‍රේමචන්ද්‍ර හේරත්
නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්)
Published on 2024-12-11


සියළුම ප්‍රධාන / කාර්‍යභාර තැපැල් / උප තැපැල් ස්ථානාධිපතිවරුන්

சகல பிரதான/ பொறுப்பு/ உப அஞ்சல் அதிபர்களுக்கும்.

විදේශ තැපැල් කටයුතු සඳහා Local IPS System නව ක්‍රමවේදය 2024 දෙසැම්බර් 02 දින සිට ආරම්භ වේ. චක්‍රලේඛය, මාර්ගෝපදේශ අත්පොත හා තැපැල් සංකේත ලැයිස්තුව සඳහා සේවා පෝටලයේ Circular වෙත පිවිසෙන්න
வெளிநாட்டு அஞ்சல் செயற்பாடுகளுக்கான Local IPS System புதிய செயன்முறையானது 2024 டிசம்பர் 02ஆம் திகதி தொடக்கம் நடைமுறைப்படுத்தப்படவுள்ளது. இவ்விடயம் தொடர்பான சுற்றுநிருபம், வழிகாட்டி கைநூல் மற்றும் அஞ்சல் குறியீட்டு இலக்கப்பட்டியல் என்பவற்றைப் பெற்றுக்கொள்ள சேவை போர்டலில் Circularக்கு பிரவேசிக்கவும்



එච්.එම්.ප්‍රේමචන්ද්‍ර හේරත්
නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්)
Published on 2024-11-30


මාසික කවුළු සංඛ්‍යාලේඛන වාර්තාව
සෑම මාසයකම අවසානයේ පහත link එක මඟින් පත්‍රිකාවට දත්ත ඇතුළත් කරන්න
click here - Link
සැලකිය යුතුයි :- එකම දත්තය දෙවරක් ඇතුළත් කර ඇත්නම් එය නිවැරදි කිරීම සඳහා සැලසුම් හා සංවර්ධන අංශය දැනුවත් කළ යුතුයි

තුසිත හුලංගමුව
නියෝජ්‍ය තැපැල්පති (සංවර්ධන)
Published on 2024-11-21


සියළු කාර්ය මණ්ඩලය වෙත. அனைத்து ஊழியர்களுக்கும்.

භාණ්ඩ සමීක්ෂණය සඳහා සැපයුම් අංශය වසා තැබීම
பொருட்கள் கணக்கெடுப்புக்காக விநியோகப் பிரிவு மூடப்படுதல்.

2024 තොග සමීක්ෂණ කාර්යයන් සඳහා 2024-12-16 දින සිට 2024-12-31 දින දක්වා සැපයුම් කාර්යාලයේ ලිපි ද්‍රව්‍ය සහ පෝරම ගබඩාව වසා තබනු ලැබේ. එබැවින්, ඊට පෙර අවශ්‍ය ලිපි ද්‍රව්‍ය සහ පෝරම ඉල්ලීම් ඉදිරිපත් කරන ලෙස සියළු කාර්ය මණ්ඩලය වෙත දැනුම් දෙමි.

2024 தொகை கணக்கெடுப்புக்காக 16.12.2024 முதல் 31.12.2024 வரை வழங்கல் அலுவலகத்தில் எழுதுகருவிகள் (stationary) பிரிவு மற்றும் படிவக் களஞ்சியப் பிரிவு மூடப்பட்டிருக்கும். எனவே, அதற்கு முன் தேவையான எழுதுபொருட்கள் மற்றும் படிவ கோரிக்கைகளை சமர்ப்பிக்குமாறு அனைத்து ஊழியர்களுக்கும் தெரிவித்துக் கொள்கிறேன்.

රාජිත කේ. රණසිංහ
නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්)
Published on 2024-11-19


සියළුම ප්‍රධාන / කාර්‍යභාර තැපැල් / උප තැපැල් ස්ථානාධිපතිවරුන් / சகல பிரதான/ பொறுப்பு/ உப அஞ்சல் அதிபர்களுக்கும்.

එස්.ආර්.ඩබ්ලිව්.එම්.ආර්.පී සත්කුමාර
තැපැල්පති
Published on 2025-02-11

Special Notice


සියළුම ප්‍රධාන / කාර්‍යභාර තැපැල් / උප තැපැල් ස්ථානාධිපතිවරුන් / சகல பிரதான/ பொறுப்பு/ உப அஞ்சல் அதிபர்களுக்கும்.

කැනඩා තැපැල් සේවක වෘත්තීය සංගම් වැඩවර්ජන ක්‍රියාමාර්ගයක් හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු ගුවන් තැපැල් භාණ්ඩ නොඑවන ලෙස එරට තැපැල් පරිපාලනය විසින් දන්වා ඇත. ඒ අනුව නැවත දැනුම් දෙන තුරු කැනඩාව වෙත ගුවන් තැපැල් භාණ්ඩ භාර ගැනීමෙන් වළකින්න.මේ සම්බන්ධයෙන් පාරිභෝගිකයන් දැනුවත් කිරීමට කටයුතු කරන්න
கனடா அஞ்சல் ஊழியர்களின் தொழிற்சங்க நடவடிக்கை வேலைநிறுத்தம் காரணமாக மறு அறிவித்தல் வரை விமான மூல அஞ்சல் பொருட்கள் அனுப்ப வேண்டாமென அந்நாட்டு அஞ்சல் நிர்வாகம் தெரிவித்துள்ளது. அதன்படி மறு அறிவிப்புவரை கனடா நாட்டிற்க்கான விமான மூல அஞ்சல் பொருட்கள் ஏற்றுக்கொள்வதை தவிர்க்கவும். இது தொடர்பாக வாடிக்கையாளர்களுக்கு அறிவுருத்தல் வழங்கவும்

එච්.එම්.ප්‍රේමචන්ද්‍ර හේරත්
නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්)
Published on 2024-11-29


සියළුම ප්‍රධාන / කාර්‍යභාර තැපැල් / උප තැපැල් ස්ථානාධිපතිවරුන්,

විදුලි බිල්පත් ගෙවීමේ ක්ෂනික දත්ත හුවමාරුව (Online Real Time (OLRT) data transfer) සම්බන්ධව විදුලිබල මංඩලය සමග යාවත්කාලීන කිරීමේ කාර්යය අවසන් කර e-Pay හා m-ePay විදුලි බිල්පත් භාරගැනීම නැවත සක්‍රිය කිරීම

තැපැල් / උප තැපැල් කාර්යාල වලින් සිදු කරන විදුලි බිල්පත් භාරගැනීම් වලට අදාළ දත්ත, විදුලි බල මණ්ඩලයේ දත්ත පද්ධතියට එසැනින් ස්වයංක්‍රියව සම්ප්‍රේෂණය කිරීම (OLRT) සඳහා වන ක්‍රමවේදය සක්‍රිය කිරීමට අදාළ තාක්ෂණික කාර්යයන් සඳහා 2024-10-30 දින 15:00:01 සිට අතිහිටුවා තිබූ e-Pay හා m-ePay පද්ධති අදාළ යාවත්කාලී කිරීමෙන් පසු 2024-10-30 20:30:00 සිට නැවත සක්‍රිය කර ඇත.

පෙර පරිදි විදුලි බිල් දත්ත ඇතුළත් කිරීම් සිදු කිරීමට කටයුතු කරන්න.

තුසිත හුලංගමුව
නියෝජ්‍ය තැපැල්පති (සංවර්ධන)
Published on 2024-10-30


සියළුම ප්‍රධාන / කාර්‍යභාර තැපැල් / උප තැපැල් ස්ථානාධිපතිවරුන්,

විදුලි බිල්පත් ගෙවීමේදී අඩුපාඩුවක්ව පැවැති ක්ෂනික දත්ත හුවමාරුව (Real time data transfer) සම්බන්ධව විදුලිබල මංඩලය සමග සිදු කිරීමට නියමිත අත්‍යාවශ්‍ය යාවත්කාලීන කිරීමේ කාර්යයක් සඳහා e-Pay හා m-ePay විදුලි බිල්පත් භාරගැනීම 2024-10-30 15:00:01 සිට තාවකාලිකව අත්හිටුවීම........

තැපැල් / උප තැපැල් කාර්යාල වලින් සිදු කරන විදුලි බිල්පත් භාරගැනීම් වලට අදාළ දත්ත, විදුලි බල මණ්ඩලයේ දත්ත පද්ධතියට එසැනින් ස්වයංක්‍රියව සම්ප්‍රේෂණය කිරීම (OLRT) සඳහා වන ක්‍රමවේදය සක්‍රිය කිරීමට අදාළ තාක්ෂණික කාර්යයන් සඳහා 2024-10-30 දින 15:00:01 සිට එම යාවත්කාලීන කිරීමට ප්‍රමාණවත් කාලයක් සඳහා e-Pay සහ m-ePay හරහා විදුලි බිල්පත් භාරගැනීම අත්හිටුවීමට කටයුතු කර ඇත.
මෙම යාවත්කාලීන කිරීම ඉතා කඩිනමින් සිදු කිරීමට අපේක්ෂා කරන අතර ( පැය කීපයක් තුල) මෘදුකාංග පද්ධති නැවත සක්‍රිය කල වහාම e-Pay මෘදුකාංගය තුළ, e-Pay නිල සේවා පෝටලයේ සහ සියලු WhatsApp සමූහවල නිවේදනය කරන අතර එතෙක් විදුලි බිල් දත්ත ඇතුළත් කිරීම සඳහා උත්සාහ නොකරන ලෙස සියළු කාර්ය මණ්ඩලය වෙත දැනුම් දෙනු ලැබේ.
2024-10-30 දින 14:30:00 පැය වන විට විදුලි බිල්පත් වාර්තා ලබා ගෙන අවසන් කරන ලෙසත්, භාරගන්නා ලද විදුලිබිල්පත් වේ නම් පෙර දැක්වූ පරිදි නැවත පද්ධතිය සක්‍රිය කිරීම පිළිබද නිවේදනය ලද වහාම ඒවා ඇතුළත් කිරීමට පියවර ගන්නා ලෙසත් වැඩිදුරටත් දන්වමි.

මෙම තාවකාලික අත්හිටුවීම විදුලි බිල් භාරගැනීම සම්බන්ධයෙන් පමණක් වන අතර e-Pay වාර්තා ලබාගැනීම, PMT, COD සහ අනෙකුත් කිසිදු සේවාවක් සම්බන්ධයෙන් බලපෑමක් ඇති නොකරන බව ද සළකන්න. එම සේවා අඛණ්ඩව පවත්වා ගැනීමට කටයුතු කරන්න.

තුසිත හුලංගමුව
නියෝජ්‍ය තැපැල්පති (සංවර්ධන)
Published on 2024-10-29


සියළුම ප්‍රධාන / කාර්‍යභාර තැපැල් / උප තැපැල් ස්ථානාධිපතිවරුන්,

විශ්‍රාමිකයන් සඳහා මාසික රු.3000.00 ක අතුරු දීමනාවක් ගෙවීම........
උක්ත විශ්‍රාමික අතුරු දීමනාව සඳහා වන වවුචර ePay Social Services තුළ ඇතුළත් කර ඇත. එම දීමනාව 2024/10/18 දින සිට සියළු තැපැල් / උප තැපැල් කාර්යාල හරහා ගෙවිම් කරන ලෙසට අදාල සියලු නිලධාරින් දැනුවත් කරන්න. මෙහිදී විශ්‍රාම වැටුප් දෙකක් හිමි අයෙකුට ද හිමි වන්නේ රු. 3000.00 ක් පමණි. වවුචරයේ නම සඳහන් නොවන්නේ නම් ඊට හේතුව විශ්‍රාමිකයාගේ ජාතික හැඳුනුම්පත් අංකය විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නොමැති වීම නිසා වන හෙයින් ඒ සම්බන්ධව ප්‍රා.ලේ. කා. වෙත දන්වන ලෙස විශ්‍රාමිකයා දැනුවත් කරන්න.

රාජිත කේ. රණසිංහ
නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්)
Published on 2024-10-17


සියළු කාර්යභාර තැපැල් ස්ථානාධිපතිවරුන් වෙත.

නුවරඑළිය නිවාඩු නිකේතනයේ හදිසි අඵත්වැඩියා කටයුත්තක් හේතුවෙන් 2024-10-01 දින සිට නුවරඑළිය නිවාඩු නිකේතනය වෙන්කිරීම තාවකාලිකව නතර කර ඇතිබව කාරුණිකයව දන්වමි.

රාජිත කේ. රණසිංහ
නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්)
Published on 2024-10-02


සියළු කාර්යභාර තැපැල් ස්ථානාධිපතිවරුන් වෙත.

e-Counter පද්ධතියේ පවත්නා තාක්ෂණික දෝෂය නිරාකරණය කරමින් පවතී. 2024-06-24 දිනයේ වාර්තා ලබා ගැනීමට \ නොහැකි වීම නිසා දෛනික ගිණුම් සකස් නොකළ සියළු තැපැල් ස්ථානාධිපතිවරුන් e-Counter වාර්තා ගිණුමට නොගෙන ගිණුම් සකස් කිරීමට කටයුතු කරන්න. e-Counter පද්ධතිය සක්‍රිය වූ පසු 2024-06-22 15:00:01 සිට වාර්තා පදනම් කරගනිමින් 2024-06-25 දින ගිණුම් සකස් කිරීමට කටයුතු කරන්න. මේ හේතුවෙන් කාර්යාලවල මුදල් රඳවා ගැනීමක් සිදු නොකරන ලෙස දන්වන අතර විදුලි බිල්පත් බේරුම් කිරීම සඳහා අත්‍යාවශ්‍ය වන හෙයින් නොපමාව මේ පිළිබඳ ප්‍රමුඛ අවධානය යොමු කරන ලෙස ද දන්වමි.

2024/06/25 දින නිකුත් කළ මෙම නිල සේවා පණිවුඩයේ මුද්‍රිත පිටපතක් ලබාගෙන විගණන සහ විමර්ෂණ අවශ්‍යතා සඳහා ගිණුම්කරන දිනයේ දෛනික මුදල් ගිණුම සමඟ යාකර තබාගන්න.
නිවේදනය භාගත කිරීම සඳහා මෙම සබැඳිය Click කරන්න

තුසිත හුලංගමුව
නියෝජ්‍ය තැපැල්පති (සංවර්ධන)
Published on 2024-06-25 12.20pm


Annual Transfer 2024/2025 (Staff Details)

Click here to download in English Circular | Application

Click here to download in Sinhala Circular | Application

Click here to download in Tamil Circular | Application

රාජිත කේ. රණසිංහ
නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්)
Published on 2024-05-16


සියළු තැපැල් ස්ථානාධිපතිවරුන් සහ කාර්ය මණ්ඩලය වෙත

e-Counter / m-Counter අක්‍රිය අවස්ථාවල දී හෝ විදුලි බලය නොමැති වීම අන්තර්ජාලය අක්‍රිය වී තිබීම වැනි අවස්ථාවල දී වාහන දඩ මුදල් භාරගැනීම

2024-03-11 දිනැතිව නිකුත් කර ඇති අංක 05/2024 තැපැල්පති චක්‍රලේඛයේ 08 වගන්තියේ "වැදගත්" යන උදෘතයෙන් දක්වා ඇති පරිදි ඉහත මෘදුකාංග අක්‍රිය අවස්ථාවක දී හෝ විදුලි බලය නොමැති වීම අන්තර්ජාලය අක්‍රිය වී තිබීම වැනි අවස්ථාවල දී තවදුරටත් පොදු 172 කුවිතාන්සි නිකුත් කරමින් වාහන දඩ මුදල් භාරගැනීම සිදු කරන ලෙස උප තැපැල් ස්ථානාධිපතිවරුන් ද ඇතුළු සියළු කාර්ය මණ්ඩලය දැනුවත් කරන්න.
එසේ කුවිතාන්සි නිකුත් කිරීම් පෙර පරිදි ම ලේඛනයක ඇතුළත් කර ගිණුම් ගත කිරීම සිදුකරන්න. නැවත මෘදුකාංගයට ඇතුළත් කිරීම අවශ්‍ය නොවේ.

රාජිත කේ රණසිංහ
නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්)
Published on 2024-03-13


සියළු තැපැල් ස්ථානාධිපතිවරුන් සහ කාර්ය මණ්ඩලය වෙත

අධිකාරී (සැපයුම්) කාර්යාලයට අයත් දුඹුරු පැහැති සහ සුදු පැහැති ගබඩා මලු මෙන්ම, අධිකාරී (සැපයුම්) කාර්යාලයේ පෝරම ගබඩාව වෙතින් ප ්‍රාදේශීය තැපැල් අධිකාරී කාර්යාල වෙත නිකුත් කරන තීන්ත බෝතල බහාලන වේවැල් කූඩ ලද විගස නැවත නොපමාව අධිකාරී (සැපයුම්) කාර්යාලයට ලැබීමට සලස්වන මෙන් කාරුණිකව දන්වමි.

රාජිත කේ රණසිංහ
නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්)
Published on 2024-03-07


සියළු තැපැල් ස්ථානාධිපතිවරුන් වෙත

ජල සම්පාදන මණ්ඩලයේ තොරතුරු පද්ධතියේ කඩිනම් සංවර්ධන කටයුත්තක් සිදුකරන බැවින්, ජල බිල්පත් භාර නොගන්නා ලෙස ජල සම්පාදන මණ්ඩලය දැනුම් දී ඇත. පද්ධති යාවත්කාලීන කටයුතු අවසන් වූ වහාම බිල්පත් භාරගැනීමට කටයුතු කලහැකි අතර ඒ බව දැනුම් දෙනු ලැබේ.

තුසිත හුලංගමුව
නියෝජ්‍ය තැපැල්පති (සංවර්ධන)
Published on 2024-03-01 11.15am


සියළු තැපැල් ස්ථානාධිපතිවරුන් වෙත

ජල සම්පාදන මණ්ඩලයේ තොරතුරු පද්ධතියේ සංවර්ධන කටයුතු සිදුවන බැවින්, ජල බිල්පත් භාරගැනීම 2024-03-01 දින පෙ.ව. 10.00 තෙක් අත්හිටුවන බව දන්වා ඇත. බිල්පත් ගෙවිමේ කටයුතු ඉන් පසුව ආරම්භ කල හැකි බව කරුණාවෙන් සලකන්න.

තුසිත හුලංගමුව
නියෝජ්‍ය තැපැල්පති (සංවර්ධන)
Published on 2024-03-01


සියලුම තැපැල් හා උප තැපැල් ස්ථානාධිපතිවරුන්

e-Counter මෘදුකාංගයේ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් "පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාගයේ 2023 (2024)" විභාග ගාස්තු භාර ගැනීම වෙනුවෙන් කුවිතාන්සි නිකුත් කිරීම සඳහා (POL 68) විභාග කුවිතාන්සිය භාවිතා කිරීමටත් මෘදුකාංගය යථාතත්වයට පත්කිරීමෙන් අනතුරුව අදාළ ගාස්තු පද්ධතිය වෙත ඇතුළත් කිරීමටත් කටයුතු කරන ලෙස දන්වා සිටිමි. නිකුත් කරන ලද POL 68 පත්‍රිකා ලේඛණයක සටහන් කර එම දත්ත මෘදුකාංගයට ඇතුළත් කළ දිනය දී ප්‍රේෂණය කර ඇති බවත්, මෙම POL 68 නිකුත් කිරීම "e-Counter පද්ධතිය අක්‍රිය වීම නිසා නිකුත් කර ඇති බවත්,. ගිණුම්වලට දෙවරක් ඇතුළත් කර නැති බවත්,." ඇතුළත් තැපැල් ස්ථානාධිපති සටහනක් යොදා විගණන කටයුතු සඳහා සුරක්ෂිතව තබන්න.
තව ද, පද්ධතිය යථාතත්තවයට පත්වීමෙන් පසු සියළු දත්ත ඇතුළත් කිරීම් සහ නිවැරදි කිරීම් සිදුකර 2024-02-19 15:00:01 සිට ලැබෙන වාර්තා අනුව ගිණුම් කටයුතු සිදු කරන ලෙසත් අද දින ගිණුම් e-Counter දත්ත රහිතව සකස් කරන ලෙසත් වැඩි දුරටත් දන්වමි.

රාජිත කේ රණසිංහ
නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්)
Published on 2024-02-20


සියළු තැපැල් ස්ථානාධිපතිවරුන් වෙත

2024 වර්ෂයේ එක්දින ගණන් ගැනීම හා මාසික කවුළු සංඛ්‍යාෙල්ඛන ඇතුළත් කිරීම සඳහා පහත සඳහන් සබදතා (Link) භාවිතා කරන්න

2024 ஆண்டுக்கான ஒருநாள் கணக்கெடுப்பு மற்றும் மாதாந்த கருமபீட புள்ளிவிபரங்களை உள்ளடக்குவதற்காக கீழே தரப்பட்டுள்ள இணைப்பை(Link) பாவிக்கவும்.

Year-2024-Data Entry Schedule

Month Date Month Date
January 22nd Monday July 17th Wednesday
February 20th Tuesday August 30th Friday
March 13th Wednesday September 26th Thursday
April 04th Thursday October 19th Saturday
May 10th Friday November 12th Tuesday
June 15th Saturday December 02nd Monday

එක්දින ගණන් ගැනීම/ஒரு நாள் கணக்கெடுப்பு

තුසිත හුලංගමුව
නියෝජ්‍ය තැපැල්පති (සංවර්ධන)
Published on 2023-12-07


සියළු තැපැල් ස්ථානාධිපතිවරුන් සහ කාර්ය මණ්ඩලය වෙත

භාණ්ඩාගාරය විසින් සිදු කරන මුද්දර හා මුද්‍රිත ලිපි ද්‍රව්‍ය පිළිබඳ සමීක්ෂණය 2024/01/01 දින සිට සිදු කිරීම සඳහා මුද්දර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවන හෙයින් 2023/12/08 දිනට පෙර මුද්දර අග්‍රිමයෙන් 40% දක්වා වූ විශේෂ මුද්දර ඉන්ඩෙන්ටු ඉදිරිපත් කරන ලෙස දන්වමි.

චක්‍රලේඛ සබැඳිය

රාජිත කේ රණසිංහ
නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්)
Published on 2023-12-07


සියළු තැපැල් ස්ථානාධිපතිවරුන් සහ කාර්ය මණ්ඩලය වෙත

ලිපි ද්‍රව්‍ය අංශයේ සහ පෝරම ගබඩාවල වාර්ෂික සමීක්ෂණය සඳහා භාණ්ඩ සූදානම් කිරීමට 2023-12-18 දින සිට 2023-12-31 දින දක්වා එම අංශ වසා තැබීමට සිදුවන හෙයින් අවශ්‍ය ලිපි ද්‍රව්‍ය සහ පෝරම ඊට පෙර නිකුත් කිරීමට හැකිවන පරිදි ඉල්ලීම් සිදුකරන ලෙස දන්වන අතර 2023-12-17 දිනයෙන් පසු 2024-01-01 දින දක්වා ලිපි ද්‍රව්‍ය සහ පෝරම නිකුත් කිරීම් සිදු නොකරන බව දන්වා සිටිමි.

රාජිත කේ රණසිංහ
නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්)
Published on 2023-11-23


Postal Service Officer Grade I, II and III.

அஞ்சல் பயிற்சிநெறி குழுவினை உருவாக்குவதற்கு போதனாசிரியர்களை தெரிவு செய்வதற்கான சுற்றறிக்கை இலங்கை அஞ்சல் வெப் போட்டலில் "சுற்றறிக்கை" என்பதன் கீழ் இடுக்கையிடப்பட்டுள்ளது என்பதுடன் கீழே காணப்படும் இணைப்பின் (Link) ஊடாக விண்ணப்பங்களை சமர்ப்பிக்கலாம்.

Circular Link
Application Form

Premachandra Herath
Deputy Postmaster General (Administration) - Accting
Published on 2023-10-16


සියළු ප්‍රධාන තැපැල් ස්ථානාධිපතිවරුන්
සියළු කාර්යභාර තැපැල් ස්ථානාධිපතිවරුන්


මේ දිනවල පවත්නා අධික වැසි සහිත කාලගුණික තත්ත්වය මත ජලය කාන්දුවීම් සහ අකුණු ආදී කරුණු හේතුවෙන් පරිගණක යන්ත්‍ර සහ ආශ්‍රිත උපකරණ හානිවීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳව ඔබගේ පෞද්ගලික අවදානය යොමුකරවමි.
වැසි තත්ත්වය මත උපකරණවලට ජලය කාන්දුවීම් වලක්වාගැනීමට සුදුසු පිළියම් යොදා ගන්නා ලෙසත් අකුණු වලින් ආරක්ෂා වීම සඳහා සුදුසු පියවර ගන්නා ලෙසත්, දෛනික කාර්යන් අවසන් වූ පසු පරිගණක හා උපාංග සියල්ල ප්‍රධාන ජව මූලිකයෙන් විසංධි කර (පේනුවෙන් ගලවා ඉවත්කර) තබන ලෙසත්, මේ සම්බන්ධයෙන් ඔබ කාර්ය මණ්ඩලයේ සියළු දෙනා දැනුවත් කරන ලෙසත්, කාරුණිකව දන්වමි.


රාජිත කේ රණසිංහ
නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්)
Published on 2023-10-18


තැපැල් සේවා නිලධාරී I පෙළ II සහ III පෙළ කාර්ය මණ්ඩලය වෙත.

උපදේශක සංචිතයක් ඇති කිරීම සඳහා උපදේශකවරුන් තෝරාගැනීමට අදාළ චක්‍රලේඛය ශ්‍රී ලංකා තැපැල් නිල සේවා පෝටලයේ චක්‍රලේඛ යටතේ පල කර ඇති අතර පහත දැක්වෙන සබැඳිය භාවිතයෙන් අයදුම්පත් යොමු කළ හැක.

චක්‍රලේඛ සබැඳිය
අයදුම්පත්‍ර සබැඳිය

ප්‍රේමචන්ද්‍ර හේරත්
වැ/බ නියෝජ්‍ය තැපැල්පති (පාලන)
Published on 2023-10-16


සියළු ප්‍රධාන තැපැල් ස්ථානාධිපතිවරුන්
සියළු කාර්යභාර තැපැල් ස්ථානාධිපතිවරුන්


තැපැල් අභ්‍යන්තර මෙහෙයුම් විමසීම් කලමනාකරණය සඳහා 2023-09-15 දින සිට නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කළ Inquiry Management System මෘදුකාංගය සාර්ථක ප්‍රතිඵල ලබාගෙන ඇත.
එහි නාමය Postal Operational Query Management System (Q-MaS) ලෙස වෙනස් කර 2023-10-03 දින සිට තැපැල් කාර්යාල අතර ද ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇති අතර ඒ අනුව තැපැල් කාර්යාල අතර අභ්‍යන්තර මෙහෙයුම් විමසුම් සඳහා මෘදුකාංගය භාවිතා කර 2023-10-31 දින දක්වා ක්‍රියාත්මක මෙහි දෙවන නියමු ව්‍යාපෘතිය ද සාර්ථක කර ගැනීමට දායක වන ලෙස කාරුණිකව දන්වමි..


රාජිත කේ රණසිංහ
නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්)
Published on 2023-10-03


සියළු ප්‍රධාන තැපැල් ස්ථානාධිපතිවරුන්
සියළු කාර්යභාර තැපැල් ස්ථානාධිපතිවරුන්


ePay / eCounter/ mepay / mCounter / MORS / Form Stores / SLPMail / MMS / COD / Stamps Module ආදී විද්‍යුත් සේවා පැමිණිලි ඇතුළු සියලුම විමසීම් ඉදිරිපත් කිරීම සඳහා Inquiries යනුවෙන් නව මොඩියුලයක් ePay මෘදුකාංග පද්ධතියට ඇතුළත් කිරීමට කටයුතු කරමින් පවතී.
එම නව මොඩියුලය නියමු ව්‍යාපෘතියක් ලෙස 2023 සැප්තැම්බර් 15 වෙනි දින සිට තොරතුරු තාක්ෂණ අංශය වෙත (ICT Division) යොමු කරන පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා සක්‍රිය කරනු ලබන අතර සියලු තැපැල් ස්ථානාධිපතිවරුන් තොරතුරු තාක්ෂණ අංශය වෙත යොමු කරන විද්‍යුත් සේවා සඳහා වන පැමිණිලි එමඟින් ඉදිරිපත් කිරීමට කටයුතු කළ යුතු ය.
මෙම නියමු ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා සැමගේ සහාය අපේක්ෂා කරමි.


රාජිත කේ රණසිංහ
නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්)
Published on 2023-09-14

Published on 2023-09-07


සියළු ප්‍රධාන තැපැල් ස්ථානාධිපතිවරුන්
සියළු කාර්යභාර තැපැල් ස්ථානාධිපතිවරුන්

UPS සේවාව සඳහා භාවිතා කරන ලේඛන ලබා ගැනීම සඳහා පහත සබැඳියන් භාවිතා කරන්න
රාජිත කේ රණසිංහ
නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්)
Published on 2023-09-07


සියළු ප්‍රධාන තැපැල් ස්ථානාධිපතිවරුන්
සියළු කාර්යභාර තැපැල් ස්ථානාධිපතිවරුන්/උප තැපැල් ස්ථානාධිපතිවරුන්

තැපැල් දෙපාර්තමේන්තුවේ කළමනාකරණ සහකාර - තාක්ෂණික නොවන ඛණ්ඩ 2 සේවා ගණය සඳහා වූ 1 වන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය - 2023 (111 ශ්‍රේණියේ උප තැපැල් ස්ථානාධිපතිවරුන් සඳහා)
• නිවේදනය හා අයඳුම්පත(Click here)
K.A.N.P කඳනආරච්චි
නියෝජ්‍ය තැපැල්පති (පාලන)
Published on 2023-08-18


තැපැල් දෙපාර්තමේන්තු සමස්ථ කාර්ය මණ්ඩලය වෙත

Customer Above All - (CAA) පුහුණුව සඳහා වන නිවේදනය හා ලියාපදිංචිය සඳහා පහත සබැදියන් වෙත යොමුවන්න.
• නිවේදනය (Click here)
• ලියාපදිංචිය සඳහාවන සබැදිය (Click here)
K.A.N.P කඳනආරච්චි
නියෝජ්‍ය තැපැල්පති (පාලන)
Published on 2023-08-02


සියළු කාර්යභාර තැපැල් ස්ථානාධිපතිවරුන්

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විසින් 2023 ජූලි මස සඳහා ඉදිරිපත් කළ විශ්‍රාම වැටුප් වවුචරයේ නම් සඳහන් නොවූ සහ මේ වන විට එම දෙපාර්තමේන්තුව වෙත ජීවත සහතික ලබා දී ඊට අදාළ ගැටළු නිරාකරණය කරන ලද විශ්‍රාමිකයින්ගේ විශ්‍රාම වැටුප් පරිපූරක (Supplement) වවුචරපත් ePay Social Services හි Pension තුළ ඇතුළත් කර ඇත.
එම වවුචරපත් අනුව අදාළ විශ්‍රාම වැටුප් ගෙවීමට කටයුතු කළ යුතු ය. පෙර වවුචරය සමඟ සසඳා බලා ගෙවීම තහවුරු කළ යුතු අතර දෙවරක් ගෙවීමෙන් වැලකීය යුතු ය.
විශ්‍රාමිකයාගේ නම සමඟ ඔවුන්ගේ දුරකථන අංකය ද අදාළ වවුචරයේ දක්වා ඇත. මෙ
මෙම වවුචරය ගෙවීම 2023-07-31 දින අවසන් කළ යුතු අතර මෘදුකාංගයට දත්ත ඇතුළත් කිරීම ද එදින වන විට අවසන් කළ යුතු ය.
රාජිත කේ රණසිංහ
නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්)
Published on 2023-07-22


තැපැල් දෙපාර්තමේන්තු සමස්ථ කාර්ය මණ්ඩලය වෙත

මෙතෙක් භාරගන්නා ලද සියළු COD පාර්සල් වල පවත තැපැල් කාර්යාලයේ දී විස්තර සහිතව පරීක්ෂා කිරීමට දැන් පහසුකම් සංවර්ධනය කර ඇත. ePay COD මෘදුකාංගය තුළ වූ Search සබැඳිය මඟින් පරීක්ෂා කිරීමෙන් එම තොරතුරු ලබා ගත හැක. (සක්‍රිය COD මෘදුකාංගය ඔස්සේ පරීක්ෂා කිරීමෙන් තොරතුරු සොයාගත හැකිව තිබුණේ 2023-06-01 දිනයෙන් පසු භාරගත් සියළු COD භාණ්ඩ සම්බන්ධ තොරතුරු, මෙතෙක් නොබෙදූ හෝ බෙදීමෙන් පසු මුදල් ආපසු ලබා නොගත් හෝ භාර නොගැනීම නිසා ආපසු යවන ලද පාර්සල් සම්බන්ධ තොරතුරු පමණි.)
එමෙන් ම මහජනයා සඳහා විවෘත https://bepost.lk/m/care හි අන්තර්ගත Track & Trace මෘදුකාංගය මඟින් ද සියළු යාවත්කාලීන කළ තොරතුරු දැන් ලබා ගත හැක. (සේවාව ආරම්භ කළ 2020-12-15 දින සිට සියළු භාණ්ඩ සඳහා)
එහෙයින්, ගණුදෙනුකරුවන්ගේ ඉල්ලීම පරිදි එකී තොරතුරු තැපැල් කාර්යාල මඟින් ලබා දෙන ලෙසත්, යම් ගැටළු සහගත තත්ත්වයක් මතුවේ නම් පමණක් 011 2 33 00 72 මඟින් තොරතුරු තාක්ෂණ අංශයේ ඉ-ව්‍යාපාර හා තාක්ෂණ කළමනාකරණ ඒකකය අමතන ලෙසත් කාරුණිකව දන්වමි.
රාජිත කේ රණසිංහ
නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්)
Published on 2023-07-18


තැපැල් දෙපාර්තමේන්තු සමස්ථ කාර්ය මණ්ඩලය වෙත

තැපැල් දෙපාර්තමේන්තුවේ නිල ලාංඡනය සහ වෙබ් ලිපිනයේ ආකෘතිය අවභාවිතා කරමින් ගණුදෙනුකරුවන්ගේ ණය කාඩ්පත් තොරතුරු සොරා ගැනීම සඳහා වංචනික ලෙස සකස් කළ වෙබ් අඩවි සම්බන්ධයෙන් මහජන පැමිණිලි ලැබී ඇත. අදාළ පාර්ශ්ව සමඟ ඍජු සම්බන්ධතා මඟින් හෝ www.slpost.gov.lk නිල වෙබ් අඩවියේ සබැඳියක් ලෙස හෝ හැර දෙපාර්තමේන්තුව විසින් කිසිදු සේවා ප්‍රවර්ධනයක් සිදු නොකරන අතර මෙවන් වංචනික ක්‍රියාවන්ට හසු නොවන ලෙස ගණුදෙනුකරුවන් දැනුවත් කරන මෙන් කාරුණිකව ඉල්ලමි. මෙවන් සැක කටයුතු වෙබ් අඩවි සම්බන්ධයෙන් වැඩිමනත් තොරතුරු විමසීමට අවශ්‍ය වන්නේ නම්, 1950 තැපැල් දෙපාර්තමේන්තු උපකාරක සේවාව හෝ තැපැල් දෙපාර්තමේන්තු තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අංශය අමතන්න. තොරතුරු තාක්ෂණ අංශයේ දුරකථන 011 2 54 2104, 011 233 47 28, 011 2 33 5978, 011 2 687 229, 011 2 33 00 72 WhatsApp 0742496323.

රාජිත කේ රණසිංහ
නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්)
Published on 2023-06-23


තුසිත හුලංගමුව
නියෝජ්‍ය තැපැල්පති (සංවර්ධන)
Published on 2023-06-16


තැපැල් සංගණනය

තැපැල් සංගණනය- 2023 ගණන් ගැනීමේ දිනයන්

ජුනි 19 සිට ජුනි 24 දක්වා (දින 06)
තැපැල් සංගණනය 2023 සංඛ්‍යායන දත්ත සාරාංශය ඇතුළත් කිරීම සඳහා පහත සඳහන් කර ඇති සබඳතාවයන් අතරින් ඔබ තැපැල් කාර්යාලයට අයත් ප්‍රාදේශීය තැපැල් අධිකාරී කොට්ඨාශයට අදාළ සබඳතාවය (Link) භාවිතා කරන්න.

அஞ்சல் கணக்கெடுப்பு
அஞ்சல் கணக்கெடுப்பு– 2023 கணக்கெடுக்கும் நாட்களாக

ஜூன் 19 ஆந்திகதிதொடக்கம் ஜூன் 24 ஆந்திகதிவரை (06 நாட்கள்)
அஞ்சல் கணக்கெடுப்பு 2023 எண்ணிக்கைத் தரவுகளின் சாராம்சத்தை உள்வாங்குவதற்காக கீழே குறிப்பிடப்பட்டுள்ள தொடர்புப்படுத்தல்களில் தங்கள் அஞ்சல் அலுவலகத்துக்கு உரிய பிரதேச அஞ்சல் அத்தியட்சகர் பிரிவுக்கான தொடர்புபடுத்தலை(Link) பாவிக்கவும்.
CME KANDY (N) KANDY (S)
MATALE NUWARAELIYA AMPARA
AKKARAIPATTU BATTICALO TRINCOMALEE
JAFFNA KILINOCHCHI MULLAITIVU
MANNAR VAVUNIYA ANURADHAPURA
POLONNARUWA KURUNEGALE (N) KURUNEGALE (S)
PUTTALAMA KEGALLE RATNAPURA
GALLE HAMBANTOTA MATARA
BADULLA MONARAGALA COLOMBO (N)
COLOMBO (S) KALUTARA GAMPAHA (N)
GAMPAHA (S)
තුසිත හුලංගමුව
නියෝජ්‍ය තැපැල්පති (සංවර්ධන)
பிரதிஅஞ்சல் அதிபதி (அபிவிருத்தி)
Published on 2023-06-16


Western Union Training Session

Western union මෘදුකාංගයේ තොරතුරු ආරක්ෂණය පිළිබඳ යාවත්කාලීන කිරීමක් සමඟ මිනිත්තු 50ක මාර්ගගත දැනුවත් කිරීමේ පුහුණු වැඩසටහනක් ස්වයංක්‍රීයව එම ආයතනය විසින් ක්‍රියාත්මක කර ඇත.
සෑම පරිශීලකයෙක්ම ස්වයංක්‍රීය පුහුණු වැඩසටහන සම්පූර්ණ කළ යුතු අතර එසේ නොකරන පරිශීලකයන් හට මෘදුකාංගය භාවිතා කිරීමට නොහැකි වන ලෙස එම ආයතනය විසින් ස්වයංක්‍රීයව අවහිර කර ඇත.
එම නිසා සියළුම පරිශීලකයන් එම පුහුණු වැඩසටහන අනිවාර්යයෙන්ම සම්පූර්ණ කිරීමට කටයුතු කරන මෙන් කාරුණිකව දන්වා සිටිමි.


කේ.එන්.පී.කඳනආරච්චි
නියෝජ්‍ය තැපැල්පති (පාලන)
Published on 2023-05-22


සියළු කාර්යභාර තැපැල් ස්ථානාධිපතිවරුන් වෙත.

තැපැල් දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ කළමනාකරණ සහකාර - තාක්ෂණික නොවන/තාක්ෂණික නිලධර ගණයේ 111 ශ්‍රේණියේ තැපැල් සේවා නිලධාරී තනතුරට පත් කිරීම සඳහා කණිෂ්ඨ සේවකයින් සහ උප තැපැල් ස්ථානාධිපතින් වෙනුවෙන් පවත්වනු ලබන සම්මුඛ පරීක්ෂණය (දෙවන අදියර)

2023.05.26 දින පැවැත්විමට නියමිතව තිබූ උක්ත සම්මුඛ පරීක්ෂණය සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය වෙත පැවරුණු අත්‍යවශ්‍ය රාජකාරී කටයුත්තක් හේතුවෙන් එදිනට පැවැත්වීමට නොහැකි වී ඇති බැවින් එම සම්මුඛ පරීක්ෂණය 2023.05.30 දින පැවැත්වීමට තීරණය කර ඇත.
උක්ත සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවා ඇති සියලුම කණිෂ්ඨ සේවකයින් සහ උප තැපැල් ස්ථානාධිපතිවරුන් 2023.05.26 දින පැවැත්වීමට නියමිතව තිබු සම්මුඛ පරීක්ෂණ කැඳවීම් ලිපියේ සඳහන් පරිදි , එම ලිපිය සමඟ අදාල සම්මුඛ පරීක්ෂණ මණ්ඩල වෙත එම වේලාවන් හිදිම 2023.05.30 දින සහභාගී වන ලෙස දැනුවත් කරමි.

කේ.එන්.පී.කඳනආරච්චි
නියෝජ්‍ය තැපැල්පති (පාලන)
Published on 2023-05-19


Annual Transfer 2023/2024 (Staff Details)

Click here to download in English Circular | Application

Click here to download in Sinhala Circular | Application

Click here to download in Tamil Circular | Application

රාජිත කේ. රණසිංහ
නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්)
Published on 2023-05-19


සියළු කාර්යභාර තැපැල් ස්ථානාධිපතිවරුන් වෙත.

COD සේවාව තව දුරටත් නව්‍යකරණය කරමින් ගමනාන්තය වෙත යැවෙන COD භාණ්ඩ ලැයිස්තු (RL) (COD Destination Sorted List) පරිගණකයෙන් මුද්‍රිත පිටපත් වශයෙන් ලබාගැනීමට පහසුකම් සකස් කර ඇත.

COD භාරගැනීමේ දී ඇතුළත් කරන ලබන්නාගේ ලිපිනයේ ලබන්නාගේ නම සහ ගමනාන්ත කාර්යාලය අදාළ ස්ථානවල වෙන් වෙන් වශයෙන් සටහන් කර දත්ත ඇතුළත් කිරීමෙන් පසු Close අයිකනය මඟින් අදාළ ලේඛණය මුද්‍රණය කළ හැක.
තොග ඇතුළත් කිරීම සඳහා වන, නව Excel පැතුරුම්පත මෘදුකාංගය තුළ Download හි ඇතුළත් කර ඇත.
වැඩි විස්තර අවශ්‍ය නම් 011 2 33 00 72 / 011 2334728 / 011 2335978 / 011 2542104 දුරකථන ebtm@slpost.lk විද්‍යුත් තැපෑල හෝ 070 284 7623 eBTM WhatsApp මඟින් තොරතුරු තාක්ෂණ අංශයේ ඉ-ව්‍යාපාර සහ තාක්ෂණ කළමනාකරණ ඒකකය අමතා ලබා ගත හැක.
රාජිත කේ. රණසිංහ
නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්)
Published on 2023-03-20

සියළු තැපැල් කාර්ය මණ්ඩලය වෙත,
තැපැල් කාර්යාල ආඥා පනතේ (190 වැනි අධිකාරිය) 45 වගන්තිය යටතේ සකස් කරනු ලබන රීතියයි.
2019-01-01 දින සිට 2019-12-31 දින දක්වා නිකුත් කළ මුදල් ඇණවුම් සම්බන්ධයෙන් ක්‍රියා කළ යුතු ආකාරය
Regulation made under Section 45 (Chapter 190) of the Post office Ordinance All types of Money Orders issued with effect from 01/01/2019 to 31/12/2019- Click Here
Sinhala | Tamil | English |

Chief Accountant


Published on 2023-02-17

සියළු කාර්යභාර තැපැල් ස්ථානාධිපතිවරුන් වෙත.

මොබිටෙල් රීලෝඩ් සේවාව අත්හිටුවීමට අදාල චක්‍රලේඛය e-Pay හා m-ePay මොබිටෙල් රීලෝඩ් සඳහා අදාළ කර නොගන්නා ලෙස දැනුම්දීමයි.

"Mobitel රීලෝඩ් සේවාව මඟින් තැපැල් කාර්යාල හරහා සිදුකර ඇති ගණුදෙනු 2023-01-31 දිනයෙන් පසු තාවකාලිකව අත්හිටුවීම" යන ශීර්ෂයෙන් හා Post/Hq/Rev/Srilanka Telecom Mobitel/2023 අංකයෙන් යුතුව 2023-01-23 දිනැති චක්‍රලේඛ උපදේශය, e-Pay හා m-ePay මෘදුකාංග ක්‍රමවේද හරහා සිදු කරන ගණුදෙනු සඳහා අදාළ නොවන අතර එය දිසා ගිණුම් කාර්යාල මඟින් පාලනය කරමින් තැපැල් ස්ථානාධිපතිවරුන් වෙත ලබා දුන් ජංගම දුරකථනයක් හරහා තැපැල්කරුවන් හා උප තැපැල් ස්ථානාධිපතීන් විසින් සිදුකරන ලද මොබිටෙල් රීලෝඩ් සේවාව සඳහා පමණක් වන බව සලකන්න.
e-Pay හා m-ePay මෘදුකාංග ක්‍රමවේද හරහා සිදු කරන මොබිටෙල් ගණුදෙනු පෙර පරිදි ම පවත්වාගෙන යාමට කටයුතු කළ යුතු ය.
රාජිත කේ. රණසිංහ
නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්)
Published on 2023-02-02

රාජිත කේ රණසිංහ
නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්)
Published on 2023-01-20

Internal Recruitment

Do you want to work in an environment where you will be challenged and inspired? We look for suitable Postal Services Officer to join our team at the International Postal Services Division. If you are,

• Driven to succeed
• Clear and effective communication in English / Sinhala (and Tamil would be an added advantage)
• Able to work independently but collaborate with the team and peers when necessary
• Proficient in Microsoft Word, Excel and Email/official communication And
• Willing to learn and Passionate about providing excellent service
If you are interested, Please send us your details along with a short description in English about your current work and why you would choose to join IPS Division on or before 24th January 2023 to supdt.ips@slpost.lk with a copy to pmg@slpost.lk and dpmg.op@slpost.lk with the email heading
"Internal Recruitment to the International Postal Services Division, Postal headquarters".
Rajitha K Ranasinghe
Deputy Postmaster General (Operations)
Published on 2023-01-17

Published on 2022-12-23

තාක්ෂණික දෝෂයක් හේතුවෙන් 2022.12.19 දින සිට දෙපාර්තමේන්තු විද්‍යුත් ලිපින ක්‍රියාත්මක නොවන බැවින් එය යථා තත්වයට පත්වනතුරු වෙනත් විකල්ප මාධ්‍යය භාවිතා කරනමෙන් ද, එම කාලය තුලදී ඊ මේල් පණිවුඩ එවා ඇත්නම් නැවත ඒවා වෙනත් මාධ්‍යයක් භාවිතා කර ඉදිරිපත් කරන ලෙසද කාරුණිකව ඉල්ලා සිටිමි. තො.තා අංශය දුරකථන අංක 0112542104, 0112335978, 0112334728, 
ෆැක්ස් - 0114628130 ,COD සේවාව 0112330072

தொழில்நுட்ப பிழை காரணமாக இன்று (2022.12.19) காலை முதல் திணைக்களத்தின் மின்னஞ்சல் முகவரிகள் வேலை செய்யவில்லை, அதை மீட்டெடுக்கும் வரை வேறு மாற்று ஊடகத்தைப் பயன்படுத்துமாறு அன்புடன் கேட்டுக்கொள்கிறேன், மேலும் அந்த நேரத்தில் நீங்கள் மின்னஞ்சல் செய்திகளை அனுப்பியிருந்தால். , மற்றொரு ஊடகத்தைப் பயன்படுத்தி அவற்றை மீண்டும் சமர்ப்பிக்கவும்.
தகவல் தொழில்நுட்பப் பிரிவு தொலைபேசி இலக்கம். 0112542104, 0112335978, 0112334728,
தொலைநகல் – 0114628130, COD சேவை 0112330072

රාජිත කේ රණසිංහ
නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්)
Published on 2022-12-23

Country specific list of prohibited and restricted articles /
විදේශ වෙත යැවීම තහනම් හා සීමාවන් පනවා ඇති භාණ්ඩ

රාජිත කේ රණසිංහ
නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්)
Published on 2022-11-28



Published on 2022-11-28

සියළුම කාර්යභාර තැපැල් ස්ථානාධිපතිවරුන් වෙත,.


Barcode ඉල්ලුම් කිරීමේ දී Speed Post කුරියර් සේවාව සඳහා RA Barcode – Speed Post අයිතමය යටතේ ද, COD සේවාව සඳහා ඉල්ලුම් කිරීමේ දී RA Barcode – COD අයිතමය යටතේ ද ඉල්ලුම් කිරීමට කටයුතු කරන්න
UA Barcode ඉල්ලුම් කිරීමේ දී තමන්ට අදාළ ප්‍රාදේශීය තැපැල් අධිකාරී කාර්යාලයෙන් තොග ඇණවුම් කිරීමට කටයුතු කරන්න.

රාජිත කේ රණසිංහ
නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්)
Published on 2022-10-31

සියළුම කාර්යභාර තැපැල් ස්ථානාධිපතිවරුන් / උප තැපැල් ස්ථානාධිපතිවරුන් වෙත,.


2022-10-25 15:00:01 සිට ක්‍රියාත්මක වන පරිදි විදුලිබිල් මුදල් භාරගැනීමේ දී එක් බිල්පතක් සඳහා රුපියල් විස්සක (රු. 20.00 ක) සේවා ගාස්තුවක් අය කළ යුතු ය. මෙම කරුණ සම්බන්ධයෙන් ඔබගේ සියළු කාර්ය මණ්ඩලය දැනුවත් කරන්න.
ගණුදෙනුකරුවන් දැනුවත් කිරීම සඳහා තැපැල් / උප තැපැල් කාර්යාල කවුළුවේ දැන්වීමක් පල කිරීමට කටයුතු සිදු කරන මෙන් කාරුණිකව දන්වමි.

රාජිත කේ රණසිංහ
නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්)
Published on 2022-10-25

සියළුම කාර්යභාර තැපැල් ස්ථානාධිපතිවරුන් වෙත,.


ත්‍රිකුණාමලය A නිවාඩු නිකේතනයේ වායු සමීකරණ සහිත කාමර 04ක් පවතින අතර ඉන් එක් කාමරයක පමණක් වායු සමීකරණ යන්ත්‍රය ක්‍රියාකාරී මට්ටමේ පවතී.
එබැවින් ත්‍රිකුණාමලය A නිවාඩු නිකේතනය වෙන් කිරීමට පැමිණෙන අයදුම්කරුවන් වෙත ඒ පිළිබඳව අවධානය යොමුකර අදාළ වෙන් කිරීමේ කටයුතු සිදු කරන මෙන් කාරුණිකව දන්වමි.

RAJITHA K. RANASINGHE
DEPUTY POSTMASTER GENERAL (OPERATIONS)
Published on 2022-10-10

සියළුම කාර්යභාර තැපැල් ස්ථානාධිපතිවරුන් වෙත,. / For All In-charge Postmasters


ඕස්ට්‍රේලියාව සඳහා වන මුහුදු තැපැල් අයිතම භාරගැනීම තාවකාලිකව අත්හිටුවීම
Acceptance of Sea mail articles to Australia has been temporarily suspended


2022-08-31 දින යොමු කර ඇති හදිසි තොරතුරු පණිවුඩයක් මඟින් ඕස්ට්‍රේලියානු තැපැල් පරිපාලනය විසින් සියළු තැපැල් පරිපාලනයන් වෙත ඕස්ට්‍රේලියාව සඳහා වන මුහුදු තැපැල් අයිතම භාරගැනීම තාවකාලිකව අත්හිටුවන ලෙස දන්වා ඇත.
ඒ අනුව ඕස්ට්‍රේලියාව වෙත මුහුදු තැපැල් අයිතම භාර නොගන්නා ලෙස දන්වා සිටිමි. මේ වන විටත් භාරගත් ඕස්ට්‍රේලියාව වෙත යැවෙන මුහුදු තැපැල් භාණ්ඩ වේ නම් ඒවා පාරිභෝගිකයින් වෙත නැවත භාරදීමට කටයුතු කළ යුතු ය. මුද්දර ගාස්තු ආපසු ගෙවීම සඳහා අදාළ පාරිභෝගිකයාගේ ඉල්ලීම, මුද්දර ඇලවූ කවරය සහ පාරිභෝගිකයාට ලබා දුන් CN 23 පත්‍රිකාව ද තැපැල් ස්ථානාධිපතිගේ නිර්දේශය සමඟ අදාළ ප්‍රා. තැ. අ. මඟින් අධිකාරී (ජාත්‍යන්තර තැපැල්) වෙත ඉදිරිපත් කරන්න.

RAJITHA K. RANASINGHE
DEPUTY POSTMASTER GENERAL (OPERATIONS)
Published on 2022-09-02

සියළු තැපැල් කාර්ය මණ්ඩලය වෙත. / For the All Postal Staff


2022-08-15 දින සිට ක්‍රියාත්මක කිරීමට නියමිත නව සංශෝධිත ගාස්තු මෘදුකාංග පද්ධතිය තුළ යාවත්කාලීන කිරීම සහ පරීක්ෂා කිරීම සඳහා m-ePay, COD, RGD, OSU, PMT, EPF, ETF, e-Telemail, MMS සහ MORS යන සේවා 2022-08-14 00:00:01 සිට 2022-08-14 23:59:59 දක්වා අක්‍රියව තැබෙන බව කාරුණිකව සලකන්න.


Please note that the m-ePay,COD, RGD, OSU, PMT, EPF, ETF, e-Telemail, MMS and MORS will be terminated from 2022-08-14 00:00:01 to 2022-08-14 23:59:59 due to updating the systems for new postage with effect from 2022-08-15.

RAJITHA K. RANASINGHE
DEPUTY POSTMASTER GENERAL (OPERATIONS)
Published on 2022-08-13

සියළු තැපැල් කාර්ය මණ්ඩලය වෙත.


තැපැල් අභ්‍යාස ආයතනයන්හි පවත්වන හය මාසික හෝ එක් අවුරුදු පුහුණු පාඨමාලාවන් සඳහා මෙතෙක් සහභාගී වී නොමැති III ශ්‍රේණියේ තැපැල් සේවා නිලධාරීන් පහත සබැඳිය ඔස්සේ ඇති Google Form එක සම්පූර්ණ කර ඉදිරිපත් කරන්න


Postal Service Officers of Grade III, who have not participated in a Six Months or One-year training course in Postal Training Institutes, please fill and submit the Google Form through the given below. .

Form

කේ.ඒ.එන්.පී.කඳනාරච්චි
නියෝජ්‍ය තැපැල්පති (පාලන)
Published on 2022-08-02

All Staff of the Sri Lanka Post,

Foreign Postage Rates with effect from 01st August 2022

Circular - Sinhala
Circular - Tamil
Annexure 1
Annexure 2

RAJITHA K. RANASINGHE
DEPUTY POSTMASTER GENERAL (OPERATIONS)
Published on 2022-07-31

විශේෂ නිවේදනයයි
නිවාඩු නිකේතනවල සේවා ගාස්තු සංශෝධනය

මේ වන විට සියළුම භාණ්ඩ හා සේවාවන්වල මිල සීඝ්‍රයෙන් ඉහළ යාම නිසා නිවාඩු නිකේතනවල නවාතැන් ගනු ලබන පුද්ගලයින්ට සේවා සැපයීම වෙනුවෙන් දැනට අය කරනු ලබන සේවා ගාස්තු පුමාණවත් නොවන බැවින් එකී සේවා ගාස්තුව 2022 ජූලි මස 15 දින සිට ක්‍රියාත්මක වන පරිදි පහත සඳහන් අයුරින් සංශෝධනය කරන බව දන්වමි.

දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලය සඳහා - එක් අයෙකුට රු. 200.00 බැගින්

බාහිර පාර්ශ්වය සඳහා - එක් අයෙකුට රු. 300.00 බැගින්

එමෙන් ම කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් සනීපාරක්ෂක පහසුකම් සැපයීම වෙනුවෙන් අයකරනු ලබන 10% ක විශේෂ සේවා ගාස්තුව 2022-07-15 දින සිට අත්හිටුවීමට කටයුතු කළ යුතු බව ද වැඩිදුරටත් දන්වමි.

රාජිත කේ.රණසිංහ
නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්)
Published on 2022-07-08

සියළු තැපැල් කාර්ය මණ්ඩලය වෙත,

CN23 (EMS) රේගුපත්‍රිකා පිරවීම පිළිබඳ මහජනයා දැනුවත් කිරීමේ පෝස්ටරය ප්‍රදර්ශනය කිරීම සම්බන්ධ චක්‍රලේඛය Click here

රාජිත කේ.රණසිංහ
නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්)
Published on 2022-06-08

සියළු තැපැල් කාර්ය මණ්ඩලය වෙත,

ගුවන් ප්‍රවාහන අපහසුතා නිසා රුසියාව වෙත තැපැල් භාණ්ඩ භාරගැනීම තාවකාලිකව අත්හිටුවන ලදි. එහෙත්, පැවති අපහසුතා මඟහැරෙමින් පවතින බැවින් රුසියාව වෙත තැපැල් භාරගැනීම නැවත සිදු කරන ලෙස මෙයින් දන්වමි.

තවදුරටත් පවත්නා තත්ත්වය මත ගමනාන්තය වෙත තැපැල් භාණ්ඩ ළඟාවීම ප්‍රමාදයට ලක්විය හැකි බව ගණුදෙනුකරු දැනුවත් කර භාරගැනීම් සිදු කරන ලෙස ද වැඩිදුරටත් දන්වමි.

රාජිත කේ.රණසිංහ
නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්)
Published on 2022-06-06

විශේෂ නිවේදනයයි SPECIAL NOTICE,

2021/2022 වාර්ෂික ස්ථාන මාරු කිරීම් අයදුම්පත් භාර ගැනීමේ අවසාන දිනය 2022.05.09 වන දින දක්වා දීර්ඝ කෙරේ.එදිනට පෙර වහාම අයදුම්පත් යොමු කිරීමට අවශ්‍ය කටයුතු කරන්න.

2021/2022 வருடாந்த இடமாற்த்திற்காக விண்ணப்பிக்கும் இறுதித் திகதி 2022.05.09 வரை நீடிக்கப்பட்டுள்ளது. 2022.05.09 இற்கு முன்னர் விண்ணப்பங்களை அனுப்பிவைப்பதற்குரிய நடவடிக்கைக மேற்கொள்ளுமாறு கேட்டுக்கொள்ளப்படுகின்றீர்கள் .

The deadline for accepting applications of the annual transfer – 2021/2022 is extended up to 2022.05.09. Applicants are requested to take necessary action to send their applications on or before 2022.05.09.

රාජිත කේ.රණසිංහ
නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්)
Published on 2022-05-05

Transfer 2021/2022,

Circular - Sinhala
Circular - Tamil
Circular - English
Vacancy List (Schedule A)- 1
Vacancy List (Schedule A)- 2
Transfer Application (PON 47)

රාජිත කේ.රණසිංහ
නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්)
Published on 2022-04-26

සියලුම තැපැල් ස්ථානාධිපතිවරු / උප තැපැල් ස්ථානාධිපතිවරු වෙත,

ජාතික හැඳුණුම්පත් අංක 781872067V හා කේ. රතනාලංකාර හිමි ලෙස නම් සඳහන් ව්‍යාජ හැඳුණුම්පතක් ඉදිරිපත් කර මුදල් හුවමාරු කරගන්නා පුද්ගලයෙකු පිළිබඳ වාර්තාවන බැවින් එම ජාතික හැඳුණුම්පත් අංක ඉදිරිපත් කර මුදල් හුවමාරු කිරීමට ඉල්ලා සිටින විට ඒ බව ළඟ ම පොලිස් ස්ථානයට දැනුම් දෙන ලෙස දන්වා සිටිමි.

රාජිත කේ.රණසිංහ
නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්)
Published on 2022-04-25

පවතින කඩදාසි හිඟය හේතුවෙන් තැපැල් දෙපාර්තමේන්තුවේ කඩදාසි භාවිතය අවම කිරීම සඳහා ක්‍රියා කිරීම...

සියළුම පළාත්බද නියෝජ්‍ය තැපැල්පතිවරුන්, සියළුම ප්‍රාදේශීය තැපැල් අධිකාරීවරුන්, සියළුම කාර්යභාර තැපැල් ස්ථානාධීපතිවරුන්/ සියළුම උප තැපැල් ස්ථානාධීපතිවරුන් වෙත.

පවතින කඩදාසි හිඟය යථාතත්වයට පත්වන තෙක් 2022.03.28 දිනෙන් පසු තැපැල් දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කරනු ලබන සියළුම චක්‍රලේඛ වල මෘදු පිටපත දෙපාර්තමේන්තු නිල සේවා පෝටලයේ (https://epay.slpost.lk) චක්‍රලේඛ (Circulars) යටතේ පල කිරීම පමණක් සිදු කරනු ලබන අතර, චක්‍රලේඛ දෘඩ පිටපත් බෙදා හැරීම සිදු නොකරන බව කාරුණිකව දන්වා සිටිමි.
සියළුම කාර්යභාර තැපැල් ස්ථානාධීපතිවරුන් චක්‍රලේඛ උපදෙස් පිළිබඳව උප තැපැල් ස්ථානාධීපතිවරුන් දැනුවත් කිරීමට කටයුතු කරන්න.

රාජිත කේ.රණසිංහ
නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්)
Published on 2022-03-30

සියළුම කාර්යභාර තැපැල්ස්ථානාධිපතිවරු...

නවසීලන්තය වෙත ගුවන් තැපැල් භාණ්ඩ භාරගැනීම තාවකාලිකව අත්හිටුවීම

Acceptance of airmail articles to New Zealand has been temporarily suspended

නැවත දැනුම්දෙන තුරු නවසීලන්තය (New Zealand) වෙත යැවෙන සියළුම විදේශ ගුවන් තැපැල් අයිතම භාරගැනීම වහාම නවතන ලෙස සියළුම කවුළු නිලධාරීන් දැනුවත් කරන්න.
රාජිත කේ.රණසිංහ
නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්)
Published on 2022-03-22

කාරුණික අවධානය පිණිසයි.....
විදුලි බිල්පත් කලාප අංක සංශෝධනය

ලංකා විදුලි බල මණ්ඩලය විසින් ඔවුන්ගේ කලාප අංක සංශෝධනයක් සිදු කර ඇති අතර එම අංක සහ කලාප විස්තර පහත පරිදි වේ. විදුලි බිල්පත් මත එකී කලාප අංක මුද්‍රණය කරන තෙක් එම සංශෝධිත කලාප අංක සහිතව e-Pay සහ m-ePay හරහා විදුලි බිල්පත් භාරගන්නා මෙන් දන්වමි.

01. Hambanthota, Matara,Tangalle ප්‍රදේශ - පවත්නා කලාප අංකය 4 - නව කලාප අංකය - 13
02. Peradeniya, Kegalle, Nawalapitiya, Nuwara Eliya, Hanguranketa, Ginigathhena, Mawanella ප්‍රදේශ - පවත්නා කලාප අංකය 5 / E - නව කලාප අංකය - 14
03. Kurunegala, Wariyapola, Narammala, Maho ප්‍රදේශ - පවත්නා කලාප අංකය 6 / D - නව කලාප අංකය - 15

රාජිත කේ.රණසිංහ
නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්)
Published on 2022-03-10

සියළුම කාර්යභාර තැපැල් ස්ථානාධිපතිවරුන්
சகல அஞ்சல் அதிபர்களுக்கும்,

DOP/OP/TB/TFR 2021 - 2021/2022 හා 2022-02-14 දිනැති චක්‍රලේඛ ප්‍රකාරව මෙතෙක් තොරතුරු ලබා නොදුන් සියළුම නිලධාරීන්ගේ තොරතුරු ඇතුළත් කාර්ය මණ්ඩල විස්තර 2022-02-24 දින මධ්‍යම රාත්‍රී 12.00 ට පෙර යොමු කිරීමට කටයුතු කළ යුතු ය. (තොරතුරු ඇතුළත් කිරීමේ දිනය කිසිදු හේතුවක් මත නැවත දීර්ඝ කරනු නොලැබේ.)
Circular

රාජිත කේ.රණසිංහ
නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්)
Published on 2022-02-23

සියළුම කාර්යභාර තැපැල් ස්ථානාධිපතිවරුන්
சகல அஞ்சல் அதிபர்களுக்கும்,

"සණස රක්ෂණ සමාගමේ තෙවන පාර්ශ්වයේ රථවාහන රක්ෂණ වාරික අය කිරීමේ" සේවාව eCounter මෘදුකාංගය ඔස්සේ 2022-02-14 සඳුදා දින සිට ක්‍රියාත්මක කල යුතු බවත්, ඒ සඳහා අංක LSN/SANASA/01/21 දරණ චක්‍රලේඛයේ උපදෙස් අනුව කටයුතු කළයුතු බවත් දැනුම් දෙමි.

රාජිත කේ.රණසිංහ
නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්)
Published on 2022-02-12

සියළුම කාර්යභාර තැපැල් ස්ථානාධිපතිවරුන්
சகல அஞ்சல் அதிபர்களுக்கும்,

සණස තුන්වන පාර්ශවිය රථ වාහන රක්ෂණ වාරික අය කිරිමේ සේවාව eCounter මෘදුකාංගය ඔස්සේ 2022-01-27 දින සිට දියත් කරන බවත් එය ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳවත් LSN5/SANASA/01/21 දරණ චක්‍ර ලේඛයෙන් දැනුම් දි ඇත.

එම සේවාව 2022-01-27 දින නිල වශයෙන් ආරම්භ කරනු ලබන අතර එය තැපැල් කාර්යාල පද්ධතිය මඟින් ක්‍රියාත්මක වන දිනය ඉදිරියේ දි දැනුම් දෙන බව කාරුණිකව දන්වා සිටිමි
சனச மூன்றாம் தரப்பு வாகன காப்பீட்டு பிரீமியம் சேவை 2022-01-27 முதல் ecounter மென்பொருள் மூலம் தொடங்கப்படும் மற்றும் இது LSN5/SANASA/01/02 ஆல் வெளியிடப்பட்ட சுற்றறிக்கையின் படி செயல்படுத்தப்படும்.
இந்த சேவை 2022.01.27 ஆம் ஆண்டு அதிகாரப்பூர்வமாக தொடங்கப்படும் அதேவேளை இது செயற்படுத்தப்படும் திகதி எதிர்காலத்தில் அறிவிக்கப்படும் என்பதை அன்புடன் தெரிவித்துக் கொள்கிறேன்.

රාජිත කේ.රණසිංහ
නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්)
Published on 2022-01-27

සියළුම කාර්යභාර තැපැල් ස්ථානාධිපතිවරුන්

දැනට රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් තැපෑල වෙත භාරදෙන RGD පැකැට්ටු වලට අමතරව ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාල මඟින් නිකුත් කරනු ලබන ඔප්පු පිටපත් සහ පත්ඉරු පිටපත් තැපෑල හරහා බෙදාහැරීමේ සේවාවද ක්‍රියාත්මක කිරීමට 2021-12-16 දින සිට කටයුතු කර ඇත.
• එම සේවාවට අදාළ භාණ්ඩ ද දැනට RGD පැකැට්ටු භාරගැනීම සිදු කරනු ලබන ආකාරයටම භාරගෙන එම මෘදුකාංගයට ම දත්ත ඇතුළත් කිරීමට කටයුතු කළ යුතු ය.
• ඒ සඳහා දැනට RGD සේවාව සඳහා නිකුත් කර ඇති චක්‍රලේඛ උපදෙස් (Liaison/17/2021 , 2021.07.29 හා අංක Liaison/17/2021(ii) , 2021.08.25 ) අනුව කටයුතු කළ යුතු ය.
• අදාළ පැකැට්ටුවල බර අනුව මෘදුකාංගයේ දැක්වෙන ගාස්තු තෝරා දත්ත ඇතුළත් කළ යුතු ය.
වැඩිමත් තොරතුරු අවශ්‍ය වන්නේ නම්, අධිකාරී (සම්බන්ධීකරණ) දු.ක අංක 011 -2325565 අමතන්න.

රාජිත කේ.රණසිංහ
නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්)
Published on 2022-01-07


1. නිවාඩු නිකේතන වෙන් කිරීම සිදු කරන ලබන අයදුම්කරු නිවාඩු නිකේතනයේ අනිවාර්යයෙන්ම නවාතැන් ගැනීම සිදුකල යුතු අතර නිකේතනයේ නවාතැන් ගැනීමේදී නිකේතන භාරකරු වෙත රාජකාරී හැදුනුම්පත/ ජාතික හැදුනුම්පත හා මුදල් ගෙවූ කුවිතාන්සියේ මුල් පිටපත අනිවාර්යෙන්ම ඉදිරිපත් කළ යුතුය.
2. අත්‍යවශ්‍ය හේතුවක් මත නිවාඩු නිකේතන වෙන් කිරීමක් අවලංගු කිරීමට අවශ්‍ය වුවහොත් නිවාඩු නිකේතන වෙන් කරවා ගත් දිනට දින 08 කට පෙර නිවාඩු නිකේතනය වෙන්කළ තැපැල් කාර්යාලයට දන්වා එම වෙන් කරවා ගැනීම අවලංගු කර යුතු අතර එම අවලංගු කළ දිනය වෙනත් දිනයක් සඳහා මාරු කර ගැනීමට හැකියාව ඇත්තේ ඉදිරියට මාස 03 ක කාලපරිච්ඡේදය සඳහා පමණකි
3. එසේම කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් නිවාඩු නිකේතන තාවකාලිකව වැසීම හෝ සංචරණ සීමා පැනවීම නිසා අදාළ වෙන් කරවා ගැනීම අවලංගු කිරීමට සිදු වුවහොත් එම නිවාඩු නිකේතන වෙන් කරවා ගැනීම වෙනුවෙන් කළ සම්පූර්ණ මුදල ආපසු ගෙවීමට ක්‍රියා කරනු ලබන අතර පෞද්ගලික හේතුන් මත සිදු කරනු ලබන නිවාඩු නිකේතන අවලංගු කිරීම් සඳහා මුදල් ආපසු ලබාදීමේ ඉල්ලීම් සළකා බලනු නොලැබේ.

නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්)
Published on 2021-12-30


Daraz ආපසු යැවීමේ අයිතම කවුළුව වෙතින් භාර ගැනීමේදී Daraz ආයතනය මඟින් පාරිභෝගිකයා වෙත යො මුකර ඇති කෙටි පණිවුඩය (SMS) නිරීක්ෂණය කර නිවැරදි බවට තහවුරු කර ගැනීමත් එම පණිවිඩයේ සඳහන් භාණ්ඩ භාරගැනීමේ අවසන් දිනට හෝ ඊට පෙර කවුළුව වෙත ඉදිරිපත් කරන Daraz භාණ්ඩ පමණක් භාර ගැනීමට කටයුතු කල යුතු බවත් අවශ්‍යතා සපුරා නොමැති භාණ්ඩ කවුළුවෙන් භාර නොගන්නා ලෙසත් දන්වමි

Daraz மீள அனுப்பும் பொருட்கள் கருமபீடத்தில் பாரம் எடுக்கும் பொழுது Daraz நிறுவனம் மூலம் வாடிக்கையாளருக்கு அனுப்பப்பட்டுள்ள குறுஞ்செய்தியை (SMS) அவதானித்து சரி என உறுதிப்படுத்தி அந்தச் செய்தியில் குறிப்பிடப்பட்டுள்ள பொருட்கள் பாரம் எடுக்கும் இறுதித் திகதியோ அல்லது அதற்கு முன்போ கருமபீடத்துக்கு பாரம் கொடுக்கும் Daraz பொருட்கள் மட்டும் பாரம் எடுப்பதற்கு நடவடிக்கை எடுக்க வேண்டுமெனவும் தேவையை பூர்த்தி செய்யாத பொருட்கள் கருமபீடத்தில் பாரம் எடுக்க வேண்டாம் எனவும் தயவாக தெரிவித்துக் கொள்கிறேன்
නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්)
Published on 2021-12-15


Ecounter පද්ධතිය මේ වන විට යථා තත්ත්වයට පත්කර ඇති බැවින් සුපුරුදු පරිදි ec.slpost.gov.lk ලිපිනයෙන් පද්ධතියට පිවිස ගනුදෙනු සිදුකල හැක. වාර්තා ලබා ගැනීම සඳහා තාවකාලිකව ලබාදුන් hr.slpost.gov.lk යන සබැඳිය ඉවත් කරන ලදී. වලක්වාගත නොහැකි අන්දමේ තාක්ෂණික දෝෂ හේතුවෙන් සිදුවන බිඳවැටීමි වලදී ඒ පිළිබඳව වටහා ගෙන ඉවසීමෙන් යුතුව කටයුතු කල සමස්ථ කාර්ය මණ්ඩලය වෙත කෘතඥතාවය පලකර සිටිමි.

Postmaster General
Published on 2021-11-22

සියළුම කාර්යභාර තැපැල් ස්ථානාධිපතිවරුන්
Dear All e-Counter Users
hr.slpost.gov.lk

e-Counter සේවාව බිඳ වැටී ඇති කාලසීමාව තුළ වාර්තා ලබා ගැනීම සඳහා ඉහත සබැඳිය භාවිතා කරන ලෙස කාරුණිකව දන්වා සිටිමි. මෙය හුදෙක් වාර්තා ලබාගැනීම සඳහා පමණක් භාවිතා කළහැකි නමුත් ගනුදෙනු සඳහා භාවිතා කළ නොහැකිය. වාර්තා වලින් ඉවත් කළ යුතු ගණුදෙනු තිබේ නම් ඒවා info.it@slpost.lk ලිපිනයට ඊමේල් කිරීමෙන් සිදුකරගත හැක.


hr.slpost.gov.lk

Use the above URL to get e-Counter reports. Please note this is a temporary URL to get only e-Counter Reports You are unable to do any deletions or any transactions with this URL. If you have any deletions regarding the Transactions please email to info.it@slpost.lk
රාජිත රණසිංහ
නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්)
Published on 2021-11-20

සියළුම කාර්යභාර තැපැල් ස්ථානාධිපතිවරුන්

COD සේවාවට අදාලව භාණ්ඩ මත ඇලවීම සඳහා අවශ්‍ය Barcode ලේබල් තොග මේ වන විට අධිකාරී(සැපයුම්) අංශයේ පවතී.
ඒ අනුව සියළුම කාර්යභාර තැපැල් ස්ථානාධිපතිවරුන් තම කාර්යාලයට හා තම පාලනය යටතේ ඇති සියළුම උප තැපැල් කාර්යාලයන් සඳහා අවශ්‍යවන Barcode ලේබල් අවශ්‍යතාවය හඳුනාගෙන අවශ්‍ය තොග නොපමාව අධිකාරී (සැපයුම්) වෙතින් ගෙන්වා ගැනීමට කටයුතු කරන්න


சகல பொறுப்பு அஞ்சல் அதிபர்களுக்கும்

COD சேவைக்குரிய பொருட்களுக்கு ஓட்டுவதற்குத் தேவையான Barcode Label தொகை தற்பொழுது அத்தியட்சகர் ( வழங்கல் ) பிரிவில் காணப்படுகின்றது
அதன்படி சகல பொறுப்பு அஞ்சல் அதிபர்களும் தமது அஞ்சல் அலுவலகங்களுக்கும் தமது கட்டுப்பாட்டிலுள்ள சகல உப அஞ்சல் அலுவலகங்களுக்கும் தேவையான Barcode Label தேவையை அறிந்துக் கொண்டு தேவையான அளவு உடனடியாக அத்தியட்சகர் (வழங்கல்) இடமிருந்து பெற்றுக்கொள்வதற்கு நடவடிக்கை எடுக்கவும்.
රාජිත රණසිංහ
නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්)
Published on 2021-11-11

සියළුම කාර්යභාර තැපැල් ස්ථානාධිපතිවරුන්.

2021-01-31 15:00:01 සිට මේ දක්වා ඔබ කාර්යාලයෙන් භාරගෙන ඉදිරියට යවා ඇති, එහෙත් බෙදීම් හෝ නොබදීම් දත්ත ඇතුළත් කර නොමැති COD භාණ්ඩ පිළිබඳ මාසිකව වාර්තා ලබාගන්න.
ePay --> Mail Services --> COD --> Reports --> Select Date (From To) --> Select Status (No Delivery of Return Data) --> Generate Report.
COD භාණ්ඩ යවා ඇති තැපැල් / උප තැපැල් කාර්යාලය වෙත පහත සබැඳියෙන් ඇතුළත් කර ඇති විමසීම් පත්‍රිකාව (Verification Notice) ලියාපදිංචි තැපෑලෙන් යවා තොරතුර ගෙන්වාගැනීමට කටයුතු කරන්න..
විමසීම් පත්‍රිකාවක් ලද පසු අදාළ තැ.කා. විසින් එකී භාණ්ඩ සම්බන්ධ විමසා බලා දත්ත ඇතුළත් කර නොමැති නම් වහාම දත්ත ඇතුළත් කිරීම සිදු කළ යුතු ය. සම්පූර්ණ කර ආපසු ලැබුණ විමසීම් පත්‍රිකා ලද පසු මෘදුකාංග වාර්තා නැවත පරීක්ෂා කර බැලිය යුතු අතර සුදුසු පරිදි මෘදුකාංගයේ යාවත්කාලීන කිරීම් සිදු කළ යුතු ය.
2021-01-31 සිට මේ දක්වා සියළු නිවැරදි කිරීම් 2021-12-15 දින වන විට අවසන් කිරීමට සියළු තැපැල් ස්ථානාධිපතිවරුන් සුදුසු කඩිනම් වැඩපිළිවෙලක් යෙදිය යුතු ය.
විමසීම් පත්‍රිකාව

රාජිත රණසිංහ
නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්)
Published on 2021-11-04

සියළුම ප්‍රාදේශීය තැපැල් අධිකාරීවරුන්,
සියළුම කාර්යභාර තැපැල් ස්ථානාධිපතිවරුන්.

2021 ඔක්තෝබර් මාසයට අදාළ විශ්‍රාම වැටුප් දත්ත ඇතුළත් නොකිරීම් තවදුරටත් වාර්තා වී ඇත. මතු දැක්වෙන සබැඳියෙන් දත්ත ඇතුළත් කිරීම් සම්පූර්ණ නොකරන ලද තැපැල් කාර්යාල ලේඛණය ලබා ගත හැක.
මෙසේ නිසි පරිදි දත්ත ඇතුළත් නොකිරීම නිසා මාසික තුලනය කිරීම් ප්‍රමාදයට ලක්වීමත්, එමඟින් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට වාර්තා යැවීම සහ බේරුම් කිරීම් ප්‍රමාදයට ලක් වීමත් සිදුවේ. සෑම මාසයක දීම මෙවන් තත්ත්වයක් නිරීක්ෂණය වන අතර මෙය ඉතා කණගාටුදායකය.
එබැවින්, වහාම අදාළ තැපැල් ස්ථානාධිපතිවරුන් විසින් විශ්‍රාම වැටුප් දත්ත ඇතුළත් කිරීම් සිදු කරන ලෙස මෙයින් දන්වමි.
ඉදිරි මාසයේ දී මෙම දත්ත ඇතුළත් කිරීම් පිළිබඳ දැඩිව අධීක්ෂණය කර අදාළ මාසයේ 25 දින වන විට සියළු දත්ත යථාවත් කළ යුතු වේ. එසේ නොකරන තැපැල් ස්නාධිපතිවරුන්ගෙත් ලිඛිතව වග උත්තර විමසීම සිදු කරන බව ද සටහන් කරන අතර එය එම තැපැල් ස්ථානාධිපතිගේ සහ කාර්යාලයේ කාර්ය සාධනයට අහිතකර ලෙස බලපානු ඇත.
ප්‍රා.තැ.අධිකාරීවරුන් මෙම කරුණ සම්බන්ධයෙන් තම ප්‍රමුඛ අවධානය යොමු කර දත්ත ඇතුළත් කිරීමට අදාළ තැපැල් ස්ථානාධිපතිවරුන් වෙත උපදෙස් ලබාදෙන්න.

2021-10-29 දින වන විටත් දත්ත ඇතුළත් කිරීම ප්‍රමාද කර ඇති තැපැල් කාර්යාල

රාජිත රණසිංහ
නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්)
Published on 2021-10-29

තැපැල් කාර්ය මණ්ඩලයේ සියළු නිලධාරීන් වෙත.
COD, SPEED Post, LOGI Post හා RGD භාණ්ඩ තොග වශයෙන් භාරගැනීමේ දී පැතුරුම්පත් (MS Excel Spreadsheets) හෝ වෙනත් ක්‍රමවේදයකින් ලබා ගන්නා දත්ත චක්‍රලේඛ ප්‍රකාරව පමණක් භාරගත යුතු අතර ඒ සඳහා දෙපාර්තමේන්තු තොරතුරු තාක්ෂණ අංශය විසින් හඳුන්වා දී ඇති ආකෘති පමණක් භාවිතා කළ යුතු ය. එම ආකෘති මතු දැක්වෙන සබැඳි වලින් බාගත කර ගත හැකි අතර වෙනත් ක්‍රමවලින් සකස් කළ ආකෘති භාවිතා කරමින් මෘදුකාංගයට දත්ත ඇතුළත් කිරීමෙන් වැලකිය යුතු ය.
එමෙන් ම, පහත 01 ආකෘතිය ගණුදෙනුකරු වෙත ලබා දිය යුතු අතර ඒ අනුව තැපැල් කාර්යාලයේ දී පැතුරුම්පත් (MS Excel Spreadsheets) නැවත සකසා Upload කිරීම වඩාත් උචිතය. (එවිට ගාස්තු සහ කොමිස් මුදල් පරීක්ෂාවට ලක් කළ හැක.) අකෘති ගණුදෙනුකරු වෙත ලබා දී පරීක්ෂා නොකර Upload නොකළ යුතු බව ද කාරුණිකව අවධාරණය කරමි.
01. COD, LOGI Post, SPEED Post Format for the Customer
02. COD – Uploading Format for Post Office (With Automatic calculations)
03. LOGI Post – Uploading Format for Post Office (With Automatic calculations)
04. RGD – Uploading Format for Post Office (With Automatic calculations)
05. SPEED Post – Uploading Format for Post Office (With Automatic calculations) – Within the Delivery Area
06. SPEED Post – Uploading Format for Post Office (With Automatic calculations) – Out of the Delivery Area

රාජිත රණසිංහ
නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්)
Published on 2021-10-18


කොවිඩ් වැලැක්වීමේ කමිටුවේ අවසරය ලැබී ඇති බැවින් අගෝස්තු මස 31 සහ සැප්තැම්බර් 01 දින සිදුකිරීමට නියමිතව තිබූ සියළුම ගෙවීම් අද දින සැප්තැම්බර් 01 සහ 02 දින සිදු කිරීමට කටයුතු කරන ලෙස කාරුණිකව දැනුම්දෙමි. සැප්තැම්බර් 01 දින ගෙවීම් සිදු කර අවසන් කළ හැකි නම් 02 දින කාර්යාල විවෘත කිරීම අවශ්‍ය නොවන අතර දින දෙක තුළ ගෙවීම් සිදු කර අවසන් කරගත නොහැකි කාර්යාල වේ නම් සැප්තැම්බර් 03 දිනයත් විවෘතව තැබීමට අදාළ ප්‍රා.තැ.අ. මඟින් නි.පෝ.මා.ජ අනුමැතිය යටතේ කටයුතු කළ හැක.

තුසිත හුලංගමුව
වැ.බ. නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්)
Published on 2021-09-01


අගෝස්තු මස 31 සහ සැප්තැම්බර් 01 දින සිදුකිරීමට නියමිතව තිබූ සියළුම ගෙවීම් කොවිඩ් වැලැක්වීමේ කමිටුවේ අවසරය ලැබෙනතුරු අත්හිටුවන ලෙස කාරුණිකව දැනුම්දෙමි.

තුසිත හුලංගමුව
වැ.බ. නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්)
Published on 2021-08-31

ශ්‍රි ලංකා තැපෑලේ මතකය-සියඵ මතකයන් එක්කර ප්‍රකාශයට පත් කරමු!
Sri Lanka Post Memories
Click here to view notice sinhala /tamil
Click here to view circular

Postmaster General
Published on 2021-08-13


පවතින කොරෝනා වසංගතය තත්ත්වය හමුවේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් හා ඒ ඒ නිවාඩු නිකේතන ස්ථාපිත ප්‍රෙදේශවල පැන නඟින හදිසි කොවිඩ් වසංගත තත්ත්වයන් අනුව ක්ෂණිකව ගනු ලබන තීරණ වලට යටත්ව 2021-08-02 දින සිට නිවාඩු නිකේතන විවෘත කෙරෙන අතර ඒ අනුව 2021-08-02 දින සිට සියලුම තැපැල් නිවාඩු නිකේතන වෙන් කිරීමේ කටයුතු ආරම්භ කෙරෙන බව කාරුණිකව දන්වමි
(සේවා ගාස්තුවට අමතරව වෙන් කිරීමේ ගාස්තුවෙන් 10% ක අමතර සේවා ගාස්තුවක් අය කිරීම තවදුරටත් ක්‍රියාත්මක වේ.)

රාජිත කේ. රණසිංහ
නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්)
Published on 2021-08-06

මහජනතාව විසින් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව වෙතින් ඉල්ලුම් කළ උප්පැන්න, මරණ ආදී සහතික තැපැල් සේවාව හරහා බෙදාහැරීම
උක්ත කරුණට අදාළව නිකුත් කරන ලද අංක Liaison/17/2021 හා 2021.07.29 දිනැති චක්‍රලේඛයේ පිටු අංක 1, 02-3 කරුණ යටතේ දක්වා ඇති ඇමුණුම 1හි සඳහන් තැපැල් කාර්යාල ලැයිස්තුව ඉදිරියේදී සංශෝධනය වන බැවින් RGD Packets භාරගැනීමේ කටයුතු ප්‍රාදේශීය ලේකම් කාර්යාල විසින් මේ වන විටත් තැපැල් භාරදීමේ කටයුතු සිදුකරන සියළු තැපැල්/ උප තැපැල් කාර්යාල මගින් සිදුකරන්න.


பொதுமக்களால் ரெஜிஸ்டார் ஜெனரல் திணைக்களத்திற்கு விண்ணப்பித்து பிறப்பு, இறப்பு போன்ற சான்றிதழ்களை அஞ்சல் சேவை ஊடாக ஒப்படைத்தல்
மேற்படி விடயம் சம்பந்தமாக வெளியிடப்பட்டுள்ள இலக்கம் Liaison /17/2021 மற்றும் 2021.07.29 திகதி சுற்றறிக்கையின் பக்க இலக்கம் 01 ,02-3 விடயத்தின் கீழ் காட்டப்பட்டுள்ள இணைப்பு 1 இல் குறிப்பிடப்பட்டுள்ள அஞ்சல் அலுவலகங்களின் பெயர் பட்டியல் எதிர்காலத்தில் திருத்தம் மேற்கொள்ள உள்ளதால் RGD Packets பாரம் எடுக்கும் நடவடிக்கைக்காக பிரதேச செயலகம் மூலம் தற்பொழுது அஞ்சல் ஒப்படைப்பு நடவடிக்கைகள் மேற்கொள்ளும் சகல அஞ்சல் மற்றும் உப அஞ்சல் அலுவலகங்களால் மேற்கொள்ளவும்.

තුසිත හුලංගමුව
නියෝජ්‍ය තැපැල්පති (සංවරිධන)
Published on 2021-08-06

සියලු මාණ්ඩලික නිළධාරීන්/තැපැල් ස්ථානාධිපතිවරුන්/උප තැපැල් ස්ථානාධිපතිවරුන්

තැපැල් දෙපාර්තමේන්තුවේ මාණ්ඩලික නිළධාරීනගේ, පාලන හා ගිණුම් කාර්යාලවල හා සියලුම තැපැල්, උප තැපැල් කාර්යාලවල දුරකථන අංක ඇතුලත් දුරකථන අංක නාමාවලිය මෙහි පළකර ඇත. ඒ අනුව ඔබ කාර්යාලයට අයත් දුරකථන අංක පරීක්ෂාකර, එහි වැරදි හා අඩුපාඩු ඇත්නම් ඒවා 2021-08-01 දිනට පෙර as.hq@slpost.lk යන විද්‍යුත් ලිපිනය වෙත යොමු කරන මෙන් කාරුණිකව දන්වමි. DPMG/DS/RAO/PTI දුරකථන අංක
තැපැල් කාර්යාලවල දුරකථන අංක
තැපැල් දෙපාර්තමේන්තුවේ මාණ්ඩලික නිලධාරීන්ගේ දුරකථන අංක

රාජිත කේ. රණසිංහ
නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්)
Published on 2021-06-30

මාර්ගගත ක්‍රම වේදය ( Online) ඔස්සේ අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණ කිරීමේ ගාස්තු තැපැල් කාර්යාල මගින් eCounter හරහා හා උප තැපැල් කාර්යාල මගින් mCounter හරහා දැන් සිදු කල හැකිය. ඒ සඳහා විභාග කුවිතාන්සි නිකුත් කිරීම සිදු නොකල යුතුය. මේ පිළිබඳව තම පාලිත උපතැපැල් කාර්යාල දැනුවත් කරන්න. (sms format – pec doe rfy2a6 611210(mobile no. last 6 digits) 1250)
සියළුම online විභාග සඳහාද sms පහසුකම ඇති බැවින් ඒ සඳහාද විභාග කුවිතාන්සි නිකුත් කිරීම සිදු නොකල යුතුය.

රාජිත කේ. රණසිංහ
නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්)
Published on 2021-06-25

Daraz ආපසු යැවීමේ අයිතම කවුළුව වෙතින් භාර ගැනීමේදී එහි සඳහන් කර ඇති Order Return අංකයෙහි නිවැරදිතාවය Daraz ආයතනය මඟින් පාරිභෝගිකයා වෙත යොමුකර ඇති SMS (කෙටි පණිවුඩය) පණිවුඩය නිරීක්ෂණය කර නිවැරදි බවට තහවුරු කර ගැනීමෙන් පමණක් Daraz Return අයිතම භාර ගැනීම සිදු කළ යුතු අතර එසේ එම විස්තර ලබා දීම පාරිභෝගිකයන් ප්‍රතික්ෂේප කරයිනම් එම භාණ්ඩ කවුළුවෙන් භාර නොගෙන සිටින ලෙස දන්වමි . Daraz ආපසු යැවීමේ අයිතම භාර ගැනීමේදී මේ ආකාරයට කටයුතු කිරීමට යම් අපහසුතාවයක් වන්නේනම් ඒ පිළිබඳව කෙලින්ම අධිකාරී (සම්බන්ධීකරණ) අංශයේ 0112325565 දුරකථන අංකය වෙත වාර්තා කරන ලෙසත් දන්වා සිටිමි.

නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්)
Published on 2021-05-20

රට පුරා ව්‍යාප්ත වන කොරෝනා තුන්වන රැල්ල හමුවේ 2021.05.01 දින සිට නැවත දැනුම් දෙනතුරු සියලුම තැපැල් නිවාඩු නිකේතන වසා දැමීමට හා නිවාඩු නිකේතන වෙන් කිරීම් සිදු කිරීම තාවකාලීකව අත්හිටුවීමට තීරණය කර ඇති බව කාරුණිකව දන්වමි

නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්)
Published on 2021-05-03

සියළු තැපැල් ස්ථානාධිපතිවරුන්, මාණ්ඩලික නිලධාරීන් සහ ප්‍රාදේශීය විධායක නිලධාරීන් වෙත.
දැනට කැඳවා ඇති ස්ථානමාරු අයදුම්පත් තහවුරු කිරීම 2021-04-22 සහ 23 දෙදින තුළ දී සිදු කිරීමට කටයුතු කරන්න.

නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්)
Published on 2021-04-22

Interview for Promotion to the Post of Superintendent of Posts Executives Service Category III - 2016
Notice & Application
Marking Scheme and Checklist

Published on 2021-03-09

Daraz ආපසු යැවීමේ අයිතම කවුළුව වෙතින් භාර ගැනීමේදී Order Number, Tracking Number, Customer Number, Contact Number සඳහන් භාණ්ඩ පමණක් භාර ගැනීමටත් එසේ එම විස්තර ලබාදීම පාරිභෝගිකයන් ප්‍රතික්ෂේප කරයිනම් එම භාණ්ඩ කවුළුවෙන් භාර නොගෙන සිටින ලෙස දන්වමි

නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්)
Published on 2021-03-05

ඉ-පේ මෘදුකාංගයේ ක්‍රියාකාරීත්වය පරීක්ෂා කිරීම සඳහා වන සමීක්ෂණය
e-Pay System Performance Survey

ඉ-පේ පරිශීලනය කරන සෑම මට්මටමක පරිශීලකයින්, මතු දැක්වෙන සබැඳිය හරහා ඇතුළත්ව දෛනිකව ඉ-පේ මෘදුකාංග ක්‍රියාකාරීත්වය පිළිබඳ වාර්තා කරන්න.
Please report the performance of the e-Pay System daily, using following Google form link.

e-Pay System Performance Survey - Form

නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්)
Published on 2021-02-18

2021 වර්ෂයේ එක්දින ගණන් ගැනීම හා මාසික කවුළු සංඛ්‍යාෙල්ඛන ඇතුළත් කිරීම සඳහා පහත සඳහන් සබදතා (Link) භාවිතා කරන්න.
2021ம் ஆண்டில் ஒரு நாள் கணக்கெடுப்பு மற்றும் மாதாந்த கருமபீட புள்ளிவிபரத்தை உள்வாங்குவதற்காக பின்வரும் தொடர்பை (Link) பாவிக்கவும்.

Deputy Postmaster General (Developments)
published on 2021-07-26

කවුළුවෙන් භාර ගන්නා විදේශ තැපැල් භාණ්ඩ සඳහා 2021-01-01 දින සිට CN22/CN23 හා CN 23 EMS, රේගු ප්‍රකාශන සම්පූර්ණ කර ගැනීම අනිවාර්ය වේ චක්‍රලේඛය

නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්)
Published on 2021-01-20

කවුළුවෙන් භාර ගන්නා විදේශ තැපැල් භාණ්ඩ සඳහා 2021-01-01 දින සිට CN22/CN23 හා CN 23 EMS, රේගු ප්‍රකාශන සම්පූර්ණ කර ගැනීම අනිවාර්ය වේ චක්‍රලේඛය

නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්)
Published on 2021-01-20

COD... ?....

COD ලේබලය සහිත පාර්සල, ගාස්තු අයකර බෙදිය යුතු ය....

"COD" ලේබලයක් අලවා හෝ පෑනකින් "COD" ලෙස සටහන් කළ පාර්සලයක් ලැබුණ විට, එම පාර්සලය මත සටහන් කර ඇති ගාස්තුව අයකර භාරදිය යුතු ය.,
සමස්ථ කාර්ය මණ්ඩලය දැනුවත් කිරීමට කාරුණිකව කටයුතු කරන්න.
චක්‍රලේඛය

නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්)
Published on 2020-12-21

තැපැල් සංකේත අංක නාමාවලිය යාවත්කාලීන කර නැවත මුද්‍රණය කිරීම...

ශ්‍රි ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ යාවත්කාලීන කරන ලද තැපැල් සංකේත අංක නාමාවලිය මුද්‍රණය සඳහා සකස් කර ඇත. එහි ලිපි බෙදන තැපැල් / උප තැපැල් කාර්යාල තැපැල් සංකේත අංකයන්හි හෝ නාමයන්හි තවදුරටත් සංශෝධනයන් සිදුකිරීමට ඇත්නම් එම සංශෝධන 2020.12.31 දිනට පෙර පහත විද්‍යුත් තැපැල් ලිපිනයට හෝ ෆැක්ස් අංකය වෙත යොමුකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.,
විද්‍යුත් ලිපිනය : supdt.pd@slpost.lk
ෆැක්ස් අංකය : 011 -2448456
Click here to view post code list

නියෝජ්‍ය තැපැල්පති (සංවර්ධන)
Published on 2020-12-17

සියළුම ප්‍රධාන තැපැල් ස්ථානාධිපතිවරුන්, තැපැල් ස්ථානාධිපතිවරුන් වෙත

2020දෙසැම්බර් මස අවසානයේදී මෙම වර්ෂයට අදාල නියෝජිත සේවාවලට බැර කිරීම් සිදුකර අවසන් කලයුතු බැවින් චක්‍රෙල්ඛ ප්‍රකාරව ප්‍රධාන තැපැල් කාර්යාලවල හා තැපැල් කාර්යාලවල හා රඳවා ගතහැකි මුදල් ප්‍රමාණ හැර සෙසු සියළු මුදල් තම කාර්යාලයට අදාල බැංකුවේ ගිණුම්ගත කිරීමට වහාම පියවර ගන්නා ලෙස කාරුණිකව දන්වමි.

නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්)
published on 2020-12-14

විශ්‍රාම වැටුප් ගෙවීම්/නොගෙවිම පිළිබඳ දත්ත ඇතුළත් නොකිරීම සම්බන්ධයෙනි..


ඇතැම් තැපැල් කාර්යාල විසින් 2020 ජූලි, ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවල විශ්‍රාම වැටුප් ගෙවීම් / නොගෙවීම් දත්ත ඉ-පේ මෘදුකාංගයට ඇතුලත් නොකිරීම නිසා එකී මාසවල විශ්‍රාම වැටුප් තුලනය කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව මා වෙත වාර්තා වී ඇත.
2020-12-07 දිනට පෙර විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත විශ්‍රාම වැටුප් ගෙවීමට අදාල සියළු තුලනය කිරීම් අවසන් කළ යුතු හෙයින්, අද දින එනම් 2020-12-05 දින සියළු තැපැල් ස්ථානාධිපතිවරුන් එකී මාසවල විශ්‍රාම වැටුප් ගෙවීම පිළිබඳ වාර්තා නැවත පරීක්ෂාකර බලා නිරවද්‍යතාවය තහවුරු කරගනිමින් ඇතුළත් නොකළ සියළු දත්ත ඇතොත් නැවත ඇතුළත් කිරීම අනිවාර්ය හා ප්‍රමුඛ කාර්යයක් වශයෙන් සළකා කටයුතු කළ යුතු වේ.
2020-12-07 දිනට ඇතුළත් නොකළ සියළු විශ්‍රාම වැටුප් නොගෙවූ විශ්‍රාම වැටුප් සේ සලකා ආපසු යැවීමට කටයුතු කෙරේ.
එබැවින් නිවැරදි දත්ත යථාවත් නොකිරීම නිසා නොගෙවූ ලෙස සටහන්ව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලබන ගෙවීම් සම්බන්ධයෙන් අදාළ තැපැල් ස්ථානාධිපතිවරුන් වෙත වගකිම පැවරෙන බැවින් මේ පිළිබඳව විශේෂ අවධානය යොමු කර ඇතුලත් කර ඇති අදාළ දත්ත වල නිරවද්‍යතාවය තහවුරු කර ගැනීම අනිවාර්ය වේ.

රාජිත කේ. රණසිංහ
නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්)
published on 2020-12-05

2020 ඔක්තෝබර් මස විශ්‍රාම වැටුප් ගෙවීම් මෘදුකාංගයට ඇතුළත් නොකළ තැපැල් ස්ථානාධිපතීන් එම ගෙවීම් වාර්තාව නැවත පරීක්ෂා කර දත්ත ඇතුළත් කිරීමට නොපමාව කටයුතු කළ යුතුය.
දත්ත ඇතුළත් නොකළ තැපැල් කාර්යාල ලේඛණය මෙතැනින් ලබාගත හැක. (Link Here)

Deputy Postmaster General (Operations)
published on 2020-12-04

ලියාපදිංචි ආදේශකයින් බඳවා ගැනීම.


10/96/විවිධ/84/2020 හා 2020/08/18 දිනැති ලිපියේ දක්වා ඇති සීමා අවලංගු කර ඇති හෙයින් 3:1 අනුපාතය යටතේ මුළු ආදේශකයින් සංඛ්‍යාව ම බඳවා ගැනීමට කටයුතු කරන්න.
Click here to view circular - Sinhala

Deputy Postmaster General (Administrations)
published on 2020-11-19

Logi Return බහාලුම් කවර ඉල්ලුම් කිරීම සඳහා logireturn@gmail.com තාවකාලික විද්‍යුත් තැපැල් ලිපිනයක්.


@slpost.lk විද්‍යුත් තැපැල් පද්ධතියේ පවත්නා දෝෂ සහගත තත්ත්වය නිරාකරණය කරන තෙක් Logi Return සේවාවේ බහාලුම් කවර ඉල්ලුම් කිරීම සඳහා අධිකාරී (සැපයුම්) විසින් හඳුන්වාදී ඇති logireturn@gmail.com විද්‍යුත් තැපැල් ලිපිනය භාවිතා කරන්න.
බහාලුම් කවර ඉල්ලීම් ඉදිරිපත් කිරීම සඳහා ද තැපැල් ස්ථානාධිපතිවරුන්ට සිය පෞද්ගලික විද්‍යුත් තැපැල් ලිපින භාවිතා කළ හැකි අතර නැවත දැනුම් දෙන තුරු අඛණ්ඩව සේවාව පවත්වා ගැනීම වෙනුවෙන් මෙම පියවරයන් අනුගමනය කළ යුතු බව කාරුණිකව දන්වමි.

Deputy Postmaster General (Operations)
Published on 2020-11-18

කොළඹ මධ්‍ය තැපැල් හුවමාරුවේ සහ බස්නාහිර පළාතේ තැපැල් මෙහෙයුම් කටයුතු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදවලට අනුව ක්‍රමානුකූලව නැවත ආරම්භ කිරීම.


මධ්‍ය තැපැල් හුවමාරුවේ සහ බස්නාහිර පළාතේ තැපැල් මෙහෙයුම් කටයුතු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදවලට අනුව ක්‍රමානුකූලව නැවත ආරම්භ කර ඇති හෙයින් EMS විදේශ අධිවේගී තැපෑල ද ඇතුළත්ව විදේශ තැපෑල් භාණ්ඩ ද කොළඹ සහ බස්නාහිර පළාතේ බෙදීම සඳහා යොමුකරන තැපැල් භාණ්ඩ ද භාරගැනීමට කටයුතු කරන්න. .
විදේශ තැපැල් භාරගැනීම අත්හිටුවීමට පෙර පැවති සීමාවන් යටතේ එකී තැපැල් භාණ්ඩ භාරගැනීම සඳහා කටයුතු කළ යුතු ය.

Deputy Postmaster General (Operations)
published on 2020-11-12

කොළඹ මධ්‍ය තැපැල් හුවමාරුවේ කටයුතු තාවකාලිකව අත්හිටුවීම.


වහාම ක්‍රියාත්මක වන පරිදි කොළඹ මධ්‍ය තැපැල් හුවමාරුවේ සියලු කටයුතු තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇත.
නැවත දැනුම් දෙන තුරු EMS අධිවේගී විදේශ තැපැල් භාණ්ඩ ද ඇතුළත්ව කොළඹ වෙත යොමු කරන තැපැල් භාණ්ඩ භාර ගැනීමෙන් වලකින්න.
සෙසු තැපැල් ප්‍රවාහන කටයුතු සිදු කරන ආකාරය පිළිබඳව ඉතා ඉක්මනින් දැනුම් දීමට කටයුතු කරන බව ද කාරුණිකව දන්වමි.

Deputy Postmaster General (Operations)
published on 2020-11-05

තැපැල් සේවා නිලධාරී I, II, III පෙළ ස්ථානමාරු 2020/2021 අයදුම්පත් නිර්දේශ කිරීම.


2020/2021 මාරු කිරීම් මෘදුකාංගයට ඇතුළත් කර ඇති අයදුම්පත් සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම 2020-10-20 හා 2020-10-21 දෙදින දී සිදු කිරීමට ප්‍රාදේශීය තැපැල් අධිකාරීවරුන් ඇතුළත්ව සියළු අංශ භාර විධායක නිලධාරීන්, සහකාර තැපැල් අධිකාරී (ප්‍ර.තැ.කා.)වරුන්, අංශ ප්‍රධානීන්, කාර්යභාර තැපැල් ස්ථානාධිපතීන් විසින් කටයුතු කළ යුතු ය.
ඒ සම්බන්ධයෙන් පහතින් දැක්වෙන් චක්‍රලේඛය හා උපදෙස් පත්‍රිකාව අනුව කටයුතු කළ යුතු බව කාරුණිකව සළකන්න.
මාර්ගගත අයදුම්පත් නිර්දේශ කිරීම සඳහා වන මෘදුකාංග අතුරු මුහුණත 2020-10-21 දින මධ්‍යම රාත්‍රී 12.00 දක්වා සක්‍රියව පවතී.
Click here to view circular - Sinhala
Click here to view Guidelines

Deputy Postmaster General (Operations)
published on 2020-10-19

තැපැල් සේවා නිලධාරී I, II, III පෙළ ස්ථානමාරු 2020/2021 අතිරේක චක්‍රලේඛය නිකුත් කෙරේ.


පහත සබැඳියේ දැක්වෙන පුරප්පාඩු කාර්යාල ද ඇතුළත් අතිරේක ස්ථානමාරු චක්‍රලේඛය නිකුත් කර ඇත.
ඒ අනුව 2020-10-17 දින දක්වා එකී නිලධාරීන්ට සිය අභිමතය පරිදි ස්ථානමාරු අයදුම්පත (PON 47) සංශෝධනය කළ හැකි බව කාරුණිකව දන්වමි.
මාර්ගගත අයදුම්පත 2020-10-17 දින මධ්‍යම රාත්‍රී 12.00 දක්වා සක්‍රියව පවත්නා අතර ඒ දක්වා සිය අයදුම්පත සංශෝධනය කිරීමට නිලධාරීන්ට අවස්ථාව ඇත. අවසන් වරට සංශෝධනය කරනු ලබන අයදුම්පත වලංගු අයදුම්පත වේ.
Click here to view circular - Sinhala / Tamil
Click here to view List of Vacancies

Deputy Postmaster General (Operations)
published on 2020-10-14

තැපැල් නිවාඩු නිකේතන වෙන් කිරීම තාවකාලිකව අත්හිටුවයි


රට පුරා ව්‍යාප්තවන කොරෝනා වසංගත තත්ත්වය හමුවේ සියළු තැපැල් නිවාඩු නිකේතන වෙන් කිරීම නැවත දැනුම්දෙනතුරු තාවකාලිකව අත්හිටුවා ඇති බව කාරුණිකව සළකන්න.

Deputy Postmaster General (Operations)
published on 2020-10-08

2020/2021 වාර්ෂික ස්ථානමාරු චක්‍රලේඛයේ අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය දීර්ඝ කිරීම


2020/2021 වාර්ෂික ස්ථානමාරු සම්බන්ධව අංක 10/25/93/2020 හා 2020-09-03 දිනැති මාරුකිරීම් චක්‍රලේඛයේ අංක 09 උපඡේද 09-4 සඳහන්, මාර්ගගත ක්‍රමය ඔස්සේ මාරුවීම් සඳහා අයදුම්පත් ඉදිරිපත් කළ හැකි දිනය 2020-10-07 දක්වා දීර්ඝ කෙරේ.
එමෙන් ම අයදුම්පත් ඉදිරිපත් කළ හැකි අවසන් දිනය 2020-10-13 දින දක්වා දීර්ඝ කෙරේ.
මාර්ගගත අයදුම්පත 2020-10-13 දින මධ්‍යම රාත්‍රී 12.00 දක්වා සක්‍රියව පවත්නා අතර ඒ දක්වා සිය අයදුම්පත සංශෝධනය කිරීමට නිලධාරීන්ට අවස්ථාව ඇත. අවසන් වරට සංශෝධනය කරනු ලබන අයදුම්පත වලංගු අයදුම්පත වේ.
Click here to view circular - Sinhala
Click here to view circular - Tamil
Click here to view circular - English
Click here to view Instructions - Sinhala/English
Click here to view List of Vacancies

Deputy Postmaster General (Operations)
published on 2020-10-06

තැපැල් සේවා නිලධාරී I, II සහ III පෙළ වාර්ෂික ස්ථානමාරු 2020/2021
Annual Transfer of Postal Service Officer Class I, II and III


2020/2021 වාර්ෂික ස්ථානමාරු චක්‍රලේඛය සහ පුරප්පාඩු ලේඛණය පහත පරිදි වේ.
2020-09-26 දින සිට ඉහත Transfer App අයිකනය මඟින් Sri Lanka Post Transfer මෘදුකාංගයට ඇතුළත්ව අයදුම්පත් ඉදිරිපත් කිරීම සිදු කළ හැකි අතර පුරප්පාඩු ලේඛනය අනුව ඉදිරි වර්ෂය සඳහා අයදුම් කිරීමට අපේක්ෂිත කාර්යාල සමඟ PON 47 පෝරමය සම්පූර්ණ කිරීමට අදාළ තොරතුරු 2020-09-26 දින සිට මෘදුකාංගයට ඇතුළත් කිරීමට කාරුණිකව කටයුතු කරන්න.
Click here to view circular - Sinhala
Click here to view circular - Tamil
Click here to view circular - English
Click here to view Instructions - Sinhala/English
Click here to view List of Vacancies

Deputy Postmaster General (Operations)
published on 2020-09-25

ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවයේ 1 පන්තියේ 111 ශ්‍රේණිය සඳහා බඳවා ගැනීමේ විවෘත හා සීමිත තරග විභාගය - 2018 (2020)

ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවයේ 1 පන්තියේ 111 ශ්‍රේණිය සඳහා බඳවා ගැනීමේ විවෘත හා සීමිත තරග විභාගය - 2018 (2020) සඳහා මාර්ගගත ක්‍රමවේදයට අයඳුම්පත් සම්පූර්ණ කිරීම හා විභාග ගාස්තු ගෙවීම සිදු කරනු ලබයි. එම ගාස්තු ගෙවීම සඳහා සියළුම තැපැල් කාර්යාල සහ පරිඝණක සපයා ඇති උප තැපැල් කාර්යාල, eCounterමෘදුකාංගය මගින් පමණක් බාර ගැනීමට කටයුතු කරන්න. මෙම ගාස්තු භාර ගැනීම සඳහා විභාග කුවිතාන්සි, පොදු කුවිතාන්සි හෝ වෙනයම් කුවිතාන්සි නිකුත් කිරීම නොකල යුතුය. මෙම ගාස්තු ගෙවීම සඳහා "e" අකුරෙන් පටන් ගන්නා අංක හා අකුරු හයකින් සමන්විත කේතයක් (Code) ඉදිරිපත් කරනු ලබන අතර එම කේතය eCounterමෘදුකාංගයේ "online certificate & applications" අයිකනයට ක්ලික් කර දිස්වන අතුරු මුහුණතේ අදාල ස්ථානයේ ඇතුලත් කිරීම මගින් දැක්වෙන මුදල භාර ගැනීම සිදු කල යුතුය.

නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්)
published on 2020-09-25

இலங்கை தகவல் மற்றும் தொடர்பாடல் தொழிநுட்ப சேவையின் வகுப்பு 1 தரம் 111 திறந்த மற்றும் மட்டுப்படுத்தப்பட்ட– 2018 (2020) விண்ணப்பங்களுக்காக பரீட்சை கட்டணம் பாரமெடுத்தல் நிகழ்நிலை (eCounterமென்பொருள் Online Certificate & Applications DOE) ஊடாக மட்டுமே மேற்கொள்ள வேண்டும் என்பதனால், பொதுப்பற்றுச்சீட்டு அல்லது பரீட்சை பற்றுச்சீட்டு வழங்குதலை சகல அஞ்சல் அலுவலகங்கள் மற்றும் உப அஞ்சல் அலுவலகங்கள் தவிர்க்கவும்

-பிரதிஅஞ்சல்மாஅதிபர்(செயற்பாடுகள்)
published on 2020-09-25

World post day banner - 2020...

Click here to view circular
Click here to view circular -Tamil
Click here to download banner

Postmaster General
published on 2020-09-25

ශ්‍රී ලංකාවේ දේශිය ඖෂධීය ශාක වගාව සහ සංරක්ෂණය සඳහා ප්‍රජාව මෙහෙයවීමේ ජාතික කර්තව්‍යයට තැපෑල එක්වෙයි.....

දේශීය ඖෂධ අවශ්‍යතාවය සපුරාලීම සඳහා වටිනා ඖෂධ ශාක වගාකිරීමේ සහ සංරක්ෂණය කිරීමේ ජාතික වැඩසටහනට දායක වෙමින් තැපැල් / උප තැපැල් කාර්යාල මට්ටමින් ඔසු පැළ වගා කිරීමේ වැඩසටහනක් 2020 ලෝක තැපැල් දිනයට සමගාමී ලෙස ක්‍රියාත්මක කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. පහත චක්‍රලේඛ උපදෙස් අනුව ක්‍රියාකරමින් එකී වැඩසටහනට දායකවන ලෙස සියළු තැපැල් කාර්ය මණ්ඩලය වෙත කාරුණිකව දන්වා සිටිනු ලැබේ.
Click here to view circular
Click here to view Google Sheet

Deputy Postmaster General (Developments)
published on 2020-09-10

පරිගණක, මුද්‍රණ යන්ත්‍ර, බාර්කෝඩ් ස්කැනර් පිළිබඳ සංගණනය
දෙපාර්තමේන්තු පරිගණක හා උපාංග පිළිබඳ සංගණනයක් ඉතා කඩිනමින් සිදු කිරීමේ අවශ්‍යතාවයක් පවතී. ඒ සම්බන්ධයෙන් වන මතු දැක්වෙන චක්‍රලේඛය ප්‍රකාරව කටයුතු කර අදාළ වාර්තා ඉදිරිපත් කිරීමට කටයුතු කළ යුතු ය. Click here to view circular

Deputy Postmaster General (Operations)
published on 2020-09-03

එක් දින තැපැල් සංඛ්‍යාෙල්ඛන වාර්තාවල දත්ත ඇතුලත් කිරීම සදහා දත්ත පත්‍රිකාවක් භාවිතා කිරීම
Click here to view circular

Click here to view circular google sheet

Deputy Postmaster General (Developments)
published on 2020-08-19
More News >>>

සෞඛ්‍ය උපදෙස් හා සීමාකාරී කොන්දේසිවලට යටත්ව තැපැල් නිවාඩු නිකේතන යලි විවෘත වෙයි........................................................

කොවිඩ් 19 වසංගතය පාලනය සඳහා වන රජයේ වැඩපිළිවෙල අනුව තාවකාලිකව වසා දමා තිබූ තැපැල් නිවාඩු නිකේතන යළි විවෘත කිරීමට කටයුතු යොදා ඇත. සෞඛ්‍ය අංශවල උපදෙස් පරිදි තැපැල් දෙපාර්තමේන්තුව විසින් ලබා දී ඇති නිර්දේශිත සීමාවන්ට යටත්ව මෙම නිවාඩු නිකේතන යළි විවෘත කරනු ලැබේ.
අමතර පවිත්‍රකිරීම් සහ විෂබීජහරණ කාර්යයන් සඳහා වන වැය වෙනුවෙන් නිවාඩු නිකේතන වෙන්කිරීම් ගාස්තුවෙන් 10% ක අතිරේක සේවා ගාස්තුවක් ද අයකරනු ඇත. එම මුදල, නවාතැන් ඉල්ලුම් කරන්නන් විසින් නිවාඩු නිකේතයේ දී අදාළ නිකේතන භාරකරු වෙත සාමාන්‍ය සේවා ගාස්තුව ද සමඟ ගෙවිය යුතු වේ.

Deputy Postmaster General (Administrations)
published on 2020-06-30

නාරාහේන්පිට ලිපි ද්‍රව්‍ය ගබඩාවේ වාර්ෂික සමීක්ෂණය 2019 සඳහා වසා තැබීම පිළිබඳ නිවේදනය

“නාරාහේන්පිට අධිකාරී (සැපයුම්) කාර්යාලයේ ලිපිද්‍රව්‍ය අංශය 2019-12-20 දින සිට 2019-12-31 දින දක්වා තොග සමීක්ෂණ කටයුතු සඳහා වසා තැබීමට කටයුතු යොදා ඇත.
එහෙයින්, 2019-12-15 දිනට පෙර සැපයුම් කළමණාකරන මෘදුකාංග මඟින් හෝ ලිඛිතව කරනු ලබන ඉල්ලීම් අධිකාරී (සැපයුම්) කාර්යාලය වෙත ලැබීමට සලස්වන මෙන් අදාළ සියළු කාර්යභාර නිළධාරීන් වෙත කාරුණිකව දැනුම් දෙමි.“ 
නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්)

"காகதாகிகள் களஞ்சியசாலை (நாரஹேன்பிட்டை) வருடாந்த கணக்கெடுப்பிற்கு மூடுதல் 2019 சம்பந்தமான அறிவிப்பு
அத்தியட்சகர்-வழங்கல் (நாரஹேன்பிட்டை) அலுவலக காகிதாகிகள் பிரிவு 2019-12-20 இல் இருந்து 2019-12-31 ஆம் திகதி வரை களஞ்சிய இருப்புக்கள் கணக்கெடுப்பிற்காக மூடப்பட்டிருக்கும். எனவே காகிதாகிகளுக்கான விண்ணப்பத்தை மென்பொருளின் ஊடாக அல்லது எழுத்து மூலமாக 2019-12-15 திகதிக்கு முன்பாக அத்தியட்சகர் (வழங்கல்) அலுவலகதிற்கு கிடைக்க ஆவண செய்யுமாறு அனைத்து அலுவலக உத்தியோகத்தர்களுக்கு அறியத் தருகிறேன்.


published on 2019-07-26

අ.පො.ස (සා.පෙළ) විභාගය-2019 දෙසැම්බර් සඳහා අයඳුම්පත් භාර ගැනීම 2019-05-31 දින දක්වා දීර්ඝ කිරීමට විභාග කොමසාරිස් ජෙනරාල් විසින් කටයුතු කර ඇති බැවින් එදින දක්වා විභාග කුවිතාන්සි නිකුත් කිරීමට කාරුණිකව කටයුතු කරන්න.

සහකාර අධිකාරී (තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ)
published on 2019-05-25

හදිසි අත්‍යාවශ්‍ය නව්‍යකරණ කටයුත්තක් සඳහා e-Pay මෘදුකාංගය සහ m-ePay මෘදුකාංගය අද දින (2019-02-26) 13-30 සිට 14-30 දක්වා ක්‍රියා විරහිත කරනු ලබන බව ඉතා කාරුණිකව දැනුම් දෙමි.

තුසිත හුලංගමුව - නියෝජ්‍ය තැපැල්පති (සංවර්ධන)
published on 2019-02-26

විශේෂිත ඉන්ඩෙන්ටු මෘදුකාංගයට ඇතුලත් කිරීම සඳහා ඊට අදාල මෙනු අයිකනය (Menu Icon) භාවිතා කරන්න. සියලුම ඉන්ඩෙන්ටු 2018-12-07 දිනට පෙර ඉල්ලුම් කරන්න.

published on 2018-12-06

"Esara" Magazine Notice

published on 2018-09-26

සියළු තැපැල් ස්ථානාධිපතිවරුන්ට,
" විභාග නැවත සමීක්ෂණ සඳහා පාසල් අයඳුම්කරුවන් වෙනුවෙන් ලබා දී තිබූ කාලය 2018-04-12 දිනය දක්වා දීර්ඝ කර ඇති බැවින් එ් සඳහා වූ රිසිට් පත් නිකුත් කිරීීම එදින දක්වා සිදු කරන්න "

(නියෝජ්‍ය තැපැල්පති මෙහෙයුම්)

Special Notice for the All Postmasters
Please use following IPs to log e-Pay
Post Offices in North Central Province, Uwa Province and Western Province
IP https://203.94.92.229 , https://119.235.9.211 and https://123.231.58.154
Post Offices in North Western Province, Sabaragamuwa Province and Southern Province
IP https://203.94.92.230, https://119.235.9.213 and https://123.231.58.155
Post Offices in Central Province, Eastern Province and Northern Province
IP https://203.94.75.236 and https://119.235.9.214
Deputy Postmaster General(Operation)

"Postal Items and registered sent to Italy (Specially EMS and registered articles) will be delayed"

Deputy Postmaster General(Operation)

"You can access e-Pay applications through following IPs.
https://123.231.58.154
https://123.231.58.155"

Postmaster General

ගණකාධිකාරී(මුද්දර) උපදෙස් පරිදි හිස් ඉන්‍‍ඩෙන්ටු (Blank Indent) මෘදුකාංගයට ඇතුලත් කිරීම අනිවාර්ය වේ.
கணக்காளர் முத்திரைப் பிரிவின் அறிவுறுத்தலுக்கமைய வெற்று தருவித்தல் பட்டியல் (Blank Indent) மென்பொருளின் ஊடாக உள்ளீடு செய்தல் கட்டாயமாகும்

Stop payment Money Order no M 30373007 and M 30373008.

If someone try to encash this Money order, please Immediately inform to nearest Police station

Postmaster General

Stop payment Money Order no M 30178785.

If someone try to encash this Money order, please Immediately inform to nearest Police station

Postmaster General

Leave cancellation

Click "Read more" to view documents.......

Limited Exam for Promotion to Supra Grade of Public Management Assistants Service - 2017" Closing date is extended to 2017-12-31

Limited Competitive Examination to recruit for the posts of Assistant Superintendent of POO (Investigation)/ Assistant Superintendent of POO (Accounts Inspections) will be held on 30-12-2017 and 06-01-2018

Download World Post Day 2017 - Banner (Sinhala / Tamil)


ගණකාධිකාරී මුද්දර වෙතින් මුද්දර ඇනවුම් කිරීමට අදාළ තැපැල් කාර්යාල ඉන්ඩෙන්ටු ඉ-පේ මෘදුකාංගය හරහා ඉදිරිපත් කිරීම සහ මුද්දර තොග කළමනාකරණයට අදාළ මෘදුකාංගය 2017-08-01 දින සිට පරීක්ෂණ මට්ටමින් කාර්ය ආරම්භ කෙරේ. ඒ සඳහා වූ තැපැල්පති චක්‍රලේඛය නිකුත් කර ඇත.

01-08-2017 முதல் ePay ஊடாக முத்திரை தருவித்தலுக்கான சுற்றுநிருபம் வெளியிடப்பட்டுள்ளது (இது ஒரு பரீட்சார்த்த நடவடிக்கையாகும் வழமைபோல் முத்திரை தருவித்தல் பட்டியல் அனுப்பப்பட வேண்டும்) மேலதிக விபரங்களுக்கு Guide line இனை தரவிறக்கம் செய்க


Leave cancellation

Click "Read more" to view documents.......

Census of Public and Semi-Government Sector Employment-2016

Click "Read more" to view documents.......

National Productivity Awards TV Program on 22-10-2016 on National Rupavahini

Kandy Postal Complex won the second place of National Productivity Award 2015 in the Inter Department Level and a TV Program will be telecast on 22nd October 2016 at 7.30pm by "JATHIKA RUPAVAHININ" "හැඩ සහ වැඩ / HEDA SAHA WEDA" program.......